තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 16, සඳුදා 15:36

ඉවත දමන තේ බෑගයේ සැඟවුණු රහස් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
තේ බෑගයකින් (Tea Bag) තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිත කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි රැසක් තිබෙන බව ඔබ දැන සිටියාද?

 

ගෙදර දොරේ අවශ්‍යතා හැරුණු විට රූපලාවණ්‍ය කටයුතු රැසක් සඳහා තේ බෑග් යොදා ගත හැකියි.

දවස පුරා හිරුකිරණට දිගු වෙලාවක් නිරාවරණය වන ලෙස සිටීමෙන් පිළිස්සුණු ඔබේ සම නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තේ බෑග් උපකාර කරගත හැකියි. ඊඥච ඕචඨ වල ඇති කළු පැහැති තේ කුඩු ආම්ලිකතාවයෙන් ඉහළ බැවින් එමඟින් සම නැවතත් සුවපත් කිරීම ආරම්භ වෙනවා.

දවස පුරා වෙහෙස වී සිටින විටෙකදී මද උණුසුම් ජලයට භාවිත කරන ලද තේ බෑගයක් දමා එය තුළට දෙපා දමාගෙන සිටීමෙන් පාදවල ඇති දුගද හා චර්ම රෝග නැති වී යයි. ස්නානය සඳහාත් ජලය මෙලෙස සකසා ගැනීමට හැකිනම් එයින් ඔබගේ මුළු සිරුරේම සම චර්ම රෝගවලින් ආරක්ෂා කර නැවුම්ව තබාගන්නට හැකියි. සපත්තු තුළින් දුඟදක් හමනවා නම් ඊඥච ඕචඨ දෙකක් ගෙන සපත්තුවට දමන්න. මෙම සරල පිළියම මඟින් සපත්තුවෙහි ඇති තෙතමනය සහ දුඟද තේ බෑගයට උරාගනු ලබයි.

තුවාල, සීරීම්, ආසාදන මෙන්ම මදුරුවන් වැනි සතුන් දෂ්ට කරනු ලැබූ ස්ථානයන්හි භාවිත කරන ලද තේ බෑග් ඇතිල්ලීමෙන් පහසුවෙන් එම අපහසුතා දුරු කර ගැනීමට හැකියාව ඇත. සමේ පිළිස්සුම් තුවාලයක් ඇති වූ විට ශීතකරණයේ ගබඩාකර තබාගත් ඊඥච ඕචඨ දෙකක් ගෙන එම ස්ථානයේ තබන්න. ඉක්මන් සහනයක් සැලසේවි. තේ කුඩුවල ඇති කහට මඟින් සම මත ඇති පිළිස්සුම් වේදනා සමනය කරනු ලබනවා. රාත්‍රියේ නිදිවරාගෙන යම් කාර්යයක වෙහෙසෙනවා නම් පසු දින ඔබේ ඇස් ඉදිමී වෙහෙසකර ස්වභාවයක් ගැනීම ස්වභාවිකයි. මෙවන් අවස්ථාවකදි (Tea Bag) දෙකක් පියාගත් දෑස් මත තබන්න. ඉක්මනින්ම ඔබේ දෑස් යථා තත්ත්වයට පත්වේවි.

ලූනු පොතු ඉවත් කිරීම, මාළු පිරිසුදු කිරීම ආදියෙන් දෑත්වලින් යම් දුඟදක් හමනවා නම් එම ස්වභාවය දුරු කිරීම සඳහා (Tea Bag) එකක් ගෙන එය අත්වලින් ජලයට අල්ලා හොඳින් මිරිකන්න. මේ සඳහා මද උණු ජලය සහ ඊඥච ඕචඨ භාවිත කරන්නට හැකියි. මෙමඟින් ඔබේ දෑත්වලින් හමන දුඟද දුරු වේවි.

ඔබ භාවිත කරන තේ බෑගය භාවිත කිරීමෙන් පසුව ඉවත නොදමා ශීතකරණයේ ගබඩා කර තබා ගන්න අනිවාර්යෙන්ම මතක තබාගන්න. සකසුරුවම්කම අගයන ඔබට මෙය රුව වැඩීමට වඩාත් අගනා ක්‍රමයක් වේවි.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලෝන්

දළුගම

1241 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 16, සඳුදා 15:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න