තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 ජූනි 12, අඟහරුවාදා 16:21

මුළුතැන්ගෙයි ඉන්න ගමන් ලස්සන වෙන්න රහස්

Written by 
අගයන්න
(0 මනාප)
මී පැණි සහ කඩල පිටි   නිවෙසක මුළුතැන්ගෙයයි ඒ ගෙදර ගෘහණියයි කියන්නෙ හරියට ගහට පොත්තවගේ. ඒ තරමටම කාන්තාවන්ට මුළුතැන්ගෙය හරිම සමීපයි.

 

දවසින් වැඩි කොටසක් මුළුතැන්ගෙයටම ඇය කොටුවෙලා ඉන්න නිසා තමන්ගෙ රූපය ගැන හිතන්න කාලය ලැබෙන්නෙත් හරිම අඩුවෙන්.

දරුවන්ගෙ වැඩයි ගෙදර වැඩයි කරනකොට දවස ගෙවිලා යනවා දන්නෙම නැතිව. 

ඉතිං කොහෙද අපි ගැන හිතන්න වෙලාවක්. මෙහෙම කියන අම්මලා ඕනෙ තරම්. 

ලස්සන වෙන්න ඔයාලා කොහෙවත් යන්න ඕනෙ නැහැ. 

මුළුතැන්ගෙයි ඉඳලම ලස්සන වෙන්න පුළුවන් පුංචි රහසක් කියා දෙන්නයි මේ සූදානම.

මී පැණි ගැන ඔයාලා දන්නවනේ. වෛරස්, දිලීර, පුස්වගේ ස්වභාවික රෝග ඔයාලගෙ හමේ ඇතිවෙලා තියෙනවා නම් ඒවා ඉවත්කරන්න මී පැණි කියන්නේ ඉස්තරම් ඖෂධයක්. 

ඔබ කුරුලෑ නිසා පීඩා විඳිනවා නම් මීපැණි ටිකක් ආලේප කරලා බලන්නකෝ. ඉක්මනින්ම හොඳවෙයි.

 මොයිස්චරයිසර් ක්‍රීම් එකක් විදිහටත් මී පැණි යොදා ගන්න පුළුවන්. කුස්සියෙ වැඩකරන ගමන් මී පැණී ටිකක් මුහුණෙ, තොල්වල ආලේප කරගෙන වැඩකරන්න පුළුවන්නම් ඔයාව ඉක්මනට ලස්සන වෙයි.

ඊළඟට අපි බලමු ලස්සන වෙන්න පුළුවන් තව මොනවද මුළුතැන්ගෙයි තියෙන්නෙ කඩල පිටි, රුව ලස්සන කරන්න නිතරම යොදා ගැනෙනවා. 

සම ගැඹුරින් පිරිසුදු කරන පිරිසුදු කාරකයක් වගේම ෆේෂ් ෆැක් නිෂ්පාදනයටත් කඩලපිටි කදිමයි.

සම රැලි වැටීම වැළැක්වීම වගේම අව්වට පිලිස්සී දුඹුරු පැහැවූ සම ඉවත්කර පැහැපත් සමක් ලබාදෙන්න කඩල පිටි කදිමයි. 

අව්වට පිළිස්සුණු සම කඩලපිටි මඟින් ඉවත්කරගන්නෙ කොහොමද කියලා දැන් අපි බලමු. 

ඒ සඳහා කඩලපිටි ස්වල්පයක්, යෝගට් ස්වල්පයක්, ලෙමන් යුෂ ස්වල්පයක් සහ කහ කුඩු ස්වල්පයක් එකට කලවම් කරලා මුහුණෙ ගල්වන්න.

නැතිනම් අඹරාගත් ආමන්ඩ් කුඩු ස්වල්පයකට කඩලපිටි, කිරි සහ ලෙමන් යුෂ ස්වල්පයක් එකට මිශ්‍රකර මුහුණ මත ආලේපකරන්න.

 විනාඩි 30 කින් පමණ සෝදා හරින්න.

තෙල් සහිත සමක් ඔබට ඇත්නම්

කඩල ස්වල්පයකට යෝගට් ටිකක් කලවම්කර මුහුණේ ආලේපකර විනාඩි 20 කින් සෝදා හරින්න.

අධික ලෙස රෝම ඇත්නම්

ඔබේ මුහුණේ අධික ලෙස රෝම වර්ධනය වී ඇත්නම් ඒ සඳහා කඩලපිටිවලට වතුර ස්වල්පයක් මිශ්‍රකර ෆේස්ට් එකක් සාදා ගල්වන්න. වේළුණුපසු සෝදන්න.

කුරුලෑ ඉවත්කිරීමට

කඩලපිටි ස්වල්පයකට සුදුහඳුන් කුඩු, කහකුඩු ස්වල්පය බැගින් කලවම්කර එයට කිරි ස්වල්පයක් මිශ්‍රකර විනාඩි විස්සකින් සෝදන්න.

ගෙදර වැඩ කරන ගමන් මුළුතැන්ගෙයි තියෙන මේ කුළුබඩුවලිනුත් රූපය ලස්සන කරගන්න පුළුවන් කියලා දැන් ඔයාලට වැටහෙනවා නේද?

 

අන්තර්ජාලයෙනි

උදයංගනී ලියනආරච්චි

1576 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න