තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 ජූලි 09, සඳුදා 12:46

49 වැනි වියට පා තබන “තරුණි”ගේ හදපිරි ප්‍රණාමය !

Written by 
අගයන්න
(0 මනාප)
  කාන්තා පුවත්පත් අතර 48 වසරක් අතිසාර්ථකව සාඩම්බර ගමනක් සනිටුහන් කළ “තරුණී” ජූලි 09 වැනි දින සිය 49 වැනි සංවත්සරයට පා තබයි.

 

සුවහසක් ශ්‍රී ලාංකේය කතුන්ගේ අභිමානයට, ගෞරවයට පත් ඇය කාන්තා පුවත්පත් අතර අගරැජනිය බව නොරහසකි. පසන් නිවෙසට සිරියාව කැන්දමින් තරුණී වසර 48 ක් පුරාවට විවිධ කතුවරුන් අතින් අරුත්බර වී පැමිණි ගමන අපූරුය.

හරවත්ව, සාරවත්ව පැමිණි ඒ ගමනේ අද ඇය අඩසියවස අබියසට පැමිණ සිටී.

දශක පහකට ආසන්නව පැමිණි ඒ ගමන ගැන පත්තර මහ ගෙදරට ඇත්තේ සාඩම්බර සතුටකි.

කාන්තා පුවත්පත් අතර පැරැණිතම පුවත්පත ලෙස සැලකෙන තරුණියට මෙතරම් දිගු ගමනක් එන්නට ශක්තිය, ධෛර්යය දුන් ආදරණීය පාඨක ඔබ සැමට මාගේ ගෞරවාදර උත්තමාචාරය ප්‍රථමයෙන් පළ කොට සිටිමි.

ගතවූ 48 වසර පුරාවටම ජීවන කලාවේ පාඩම ඔබට ඉගැන්වූ ගුරුවරියක මෙන්ම දැයේ සුවහසක් කාන්තාවන් සුන්දරව තබන්නට රූ සපුව පවත්වාගන්නට හැඩවැඩ කලාව, ඇඳුම් පැලඳුම් මෙන්ම ගේ දොර අලංකරණයේ නවීන මෝස්තර ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ නිවැරැදිව දැනුම ලබා දෙන්නට නිරතුරුවම උත්සුකවන්නේ නිරෝගීකම තරමටම හැඩවැඩ, රුව කාන්තාවට අවැසි හෙයිනි. ක්‍රමානුකූල පෝෂණ රටාවක් පවත්වා ගනිමින්, නිරෝගීමත් සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට ඔබව දැනුවත් කරන්නේ පවුලේ නිරෝගීකම ගැන ඔබ තරමටම අප ද සිතන බැවිනි.

පවුලේ පෝෂණය, පවුලේ සෞඛ්‍යය හැරුණු විට හැඩවැඩ කලාව, මැහුම් ගෙතුම්, අත්කම් මේ සෑම දෙයක්ම නිවැරැදිව නිවෙසේ දී කරගන්නට ශිල්පීය දැනුම ඔබ අතටම රැගෙන එන “තරුණී” එකම පැතුම නිවසේ සිටින ගෘහණිය සර්ව සම්පූර්ණ ගැහැනියක් බවට පත් කරලීමයි.

ගෘහණියට උයන්නට පිහන්නට කියාදෙන ගමන් අප ස්වයං රැකියා මාර්ග කියා දෙන්නේ නිකරුණේ ගත වන කාලයට ආර්ථික වටිනාකමක් ගෙනදීමේ උදාර අරමුණ ඇතිවය.

මේ සියල්ල දැන සිටියත් ඔබ ජීවිත පාඩම නිසි ලෙස දැන හඳුනා නොසිටියහොත් සාර්ථක ජීවිතයක සිහිනය යථාර්ථයක් කරගන්නට හැකිවන්නේ නැත.

ආදරයෙන් පිරුණු ජීවත් වීමේ කලාවත්, සිතුවිලිත් කඩා වැටුණු මොහොතක හිටියාටත් වඩා මනස ශක්තිමත් කරගන්නා ආකාරයත් අප ඔබට නිතර මතක් කරන්නේ පවුලේ ශක්තිමත්ම අඩිතාලම කාන්තා ඔබම වන නිසාය. ඔබේ සැමියා, පියා, පුතා සමාජයේ ඉහළ නිලතල හෙබවුවත් නිවෙසේ කළමනාකාරීත්වය ඇත්තේ කාන්තා ඔබ අතය. පවුලේ සුවමඟ, පවුලේ අනාගතය යන සියල්ල සැලසුම් කළයුත්තේ ඔබය. ඒ සඳහා ඔබට මනා වැටහීමක් තිබිය යුතුය.

“තරුණී” පුවත්පත වසර 48 ක් පුරාවටම කළේ ඔබව ඒ නිවැරැදි මාවතේ ගමන් කිරීමට මඟ පෙන්වීම ය.

49 වැනි වසරට පා තබන මේ මොහොතේ අමතක නොකර මතක් කළයුතුම පිරිසක් වෙති. පාඨක ඔබට නිවැරැදි දැනුම හැම අතින්ම ලබාදෙන්නට අපත් සමඟ එකතු වන සම්පත්දායක ඔබ අපට ශක්තියකි. ඒ වගේම කර්තෘ මණ්ඩලයේ මා හිතවත් සියලු දෙනාත්, පුවත්පතට දායකත්වය ලබාදෙන නිදහස් මාධ්‍යවේදීන් මෙන්ම නිරතුරුව අප හා ළෙංගතුව එක්වන දැන්වීම් අනුග්‍රාහක භවතුන් හා කළමනාකාරු ඇතුළු පිරිස ද අපහට දක්වන සහයෝගය අප ආ ගමනට සැබෑම ආඩම්බරයකි.

“තරුණී” පුවත්පතේ දියුණුව උදෙසා කර්තෘ මණ්ඩලය දිරිමත් කරමින් සහය දක්වන සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත්, සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන්, කළමනාකාරවරුන්, කර්තෘවරුන් ඇතුළු ලේක්හවුස් ආයතනයේ සියලුම සේවක මහත්ම මහත්මීන් හට තරුණී කර්තෘ ලෙස මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි. පසන් නිවෙසට සිරියාව කැන්දමින් මේ තරම් හරවත්, රසවත් පුවත්පතක් ඔබ අතට පත්කරන්නේ මේ සියල්ලන්ගේම මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඉදින් අපට ඔබ සැමගේ සහයෝගය කෙසේ අමතක වෙම් ද?

යහපත්, පී‍්‍රතිමත් හෙට දවසක් උදෙසා අපගේ මෙහෙවර පෙරදාටත් වඩා හෙට දවසේ දී ඉටු කරන්නට අප ඔබට පොරොන්දු වෙමු.

හතු පිපෙන්නාක් මෙන් බිහිවන කාන්තා පුවත්පත් අතර “තරුණී” ඉහළටම ඔසවා තබන්නට අපත් සමඟ නිරතුරුවම එක්ව සිටි ආදරණීය ඔබගේ ළබැඳි සොයුරිය සේ හැමදාමත් ඔබ ළඟින්ම යෙහෙළියක්, සොයුරියක්, මවක් ලෙස සිටිනා බව සත්තයි.

1056 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 09, සඳුදා 12:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න