තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 ජූලි 10, අඟහරුවාදා 15:25

වැරැදි පුරුදු නොසැලකිල්ල නිසා ඇතිකර ගන්නා නැති ලෙඩ

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(1 මනාපය)
අප ජීවත්වන්නේ විසි එක් වැනි සියවසේය. සියවසකින් අප ඉදිරියට යන්නේ සිහිනයකින්වත් නොසිතූ විරූ තාක්ෂණික හාස්කම් ද සමඟිනි.

 

එහෙත් එය ඉදිරියට යාමක් ද ආපස්සට යාමක් ද කියා කිව නොහැක්කේ තාක්ෂණයත් සමඟ ළමා වියේදීම විවිධ සංකූලතාවලට මුහුණපාන නිසාය. මහලු වියේ සෑදෙන රෝග බොහොමයකට ළමා වියේදීම වැඩි දෙනෙක් මුහුණ දෙති.

 

* ස්මාට් ෆෝන් සහ දරුවන්ගේ ඇස් වියළීම

දරුවාගේ අතට ස්මාට් දුරකථනයක් ලබා දී එය ඉතා දක්ෂ ලෙස භාවිත කරනු ලැබීම මාපියන්ට සැබෑ අභිමානයකි. සුරතලයකි. අපේ දෝණි, චූටි පුතා ජංගම දුරකථනයෙන් මෙපමණ සපන්කම් පාන බව කීම මාපියන්ට දරුවා ආචාර්ය උපාධිය ලබා ගැනීම හා සමාන හපන්කමකි. එහෙත් මෙයින් කාර්යබහුල වී සිටින්නේ අක්ෂි වෛද්‍යවරුන්ය. මෙතෙක් ඇස්වල වියළි බව නිසා වැඩිපුර අක්ෂි සායනවලට ආවේ අවුරුදු හැට ඉක්ම වූ වැඩිහිටියන්ය.

ඇස්වල ප්‍රමාණවත් තරම් කඳුළු නැති විට ඇස් වියළෙයි. නොයකුත් හේතුන් නිසා ඇස් වියළීමට පුළුවන. ස්මාට් ෆෝන්, පරිගණක භාවිතය ඒ අතර අංක එකේ හේතුව බවට පත් වී තිබේ. එහෙත් මීට පෙර ඇස් වියළීමට බලපා තිබුණේ වයස් ගතවීම, ඇතැම් ඖෂධ ගැනීම (ඇන්ටිහිස්ටමීන්, හොර්මෝන ප්‍රතිෂ්ඨාපන ඖෂධ, විෂාදය වළක්වන ඖෂධ, අධික රුධිර පීඩනයට දෙන ඖෂධ, උපත් පාලන, කුරුළෑවලට දෙන ඖෂධ ගැනීම), සමහර රෝගී තත්ත්ව (දියවැඩියාව, රුමැටොයිඩ් ආතරයිටිස්, ලූපස්, තයිරොයිඩ් අක්‍රමිකතා, විටමින් 'ඒ' ඌනතා වැනි), විකිරණ නිසා හෝ ප්‍රදාහයක් නිසා හෝ කඳුළු ග්‍රන්ථියට හානි වීම බලපායි. මීට අමතරව කඳුළු වාෂ්ප කරන තවත් හේතු තිබේ. සුළං, දුම්, වියළි සුළඟ, ඇසි පිය ගසන වාර ගණන අඩුවීම, (පරිගණකයේ සිටින විට, පොත් කියවන විට වැනි) ඇස් පියනේ ගැටලු ඇස්වල කඳුළු වියළීමට හේතුවේ.

අපේ කඳුළු ජලය, මේද අම්ල හා ශ්ලේෂ්මලවලින් සමන්විතය. මේ මිශ්‍රණය ඇසේ මතුපිට සුමුදුව තබා ගැනීමට උදව් වෙනවා වාගේම ආසාදනවලින් ද ඇස රැක ගනී. කඳුළු ග්‍රන්ථියෙන් කඳුළු නිෂ්පාදනය අඩුවීම වාගේම ඇසේ කඳුළු වාෂ්ප වීම ද දෑස් වියළීමට හේතුවේ.

වයස අවුරුදු පනහත් සමඟ කඳුළු නිෂ්පාදනය ස්වාභාවිකවම අඩුවේ. විශේෂයෙන් කාන්තා පක්ෂයේ මේ තත්ත්වය වැඩිපුර දැකිය හැකිය. ගැබිනි වියේදී සිදුවන හෝර්මෝන පෙරළිය, උපත් පාලන පෙති ගැනීම, ආර්තවහරණය යන සියල්ලම කඳුළු වියළන සාධකය. ආහාර වේලේ විටමින් 'ඒ' අඩංගු ආහාර අඩුවීම, ඔමෙගා 3 මේද අම්ලය අඩුවීම මඟින් කඳුළු නිෂ්පාදනය අඩු වේ. සිවිකාච පැලඳීම තවත් හේතුවකි. ඇස්වල මතුපිටට අනතුරක් වී ප්‍රතිකාර නොකළ විට තදබල ලෙස ඇස් ප්‍රදාහයට පත් වී ඇසේ කඳුළු වියළීමට පවා ඉඩ තිබේ.

ඇස් වියළුණු විට ඇස්වල දැවිල්ලක් ඇතිවේ. සීරී ඇති බවක් දැනෙයි. ඇස්වල හෝ ඇස් වටා කබ ගතියක් දැකිය හැකිය. ආලෝකයට සංවේදී වේ. ඇස් රතු වේ. ඇස්වල යමක් ඇති බව දැනෙයි. සිවිකාච පලඳින්නේ නම් අසීරු බවක් දැනෙයි. ඇස්වල විඩාව, බොඳ වී පෙනීම ද මෙහි ලක්ෂණය. දෙනෙත් වියළීම ඉතිහාසයේ මේ දක්වා දරුවන්ට ගැටලුවක් වූයේ නැත. එහෙත් දැන් එය ස්මාට් දුරකථන නිසා දරුවන්ට ගැටලුවක් වී අවසානය. දරුවන්ගේ ඇස් වියළෙන්නේ බොහෝ වේලා දුරකථනය දෙස බලා සිටීම නිසාය. ඇසිපිය නොගසා බොහෝ වේලා දුරකථනය දෙස බලා සිටීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ. එනිසාම දෑසෙහි වියළි බව හඳුනා ගත හැකි 'ඇප්' බිර්මිංහැම්හි ඇස්ටන් සරසවියෙන් නිර්මාණය කරමින් පවතී. ස්මාට් දුරකථන, ටැබ් පමණක් නොව රූපවාහිනිය ද ඇසට කරන්නේ මේ විනාශයමය.

අලුත්ම පර්යේෂණවලට අනුව රෝගියාගෙන්ම ලබාගන්නා රුධිර බිඳුවක් ඇස්වලට දැමීමෙන් සහනයක් ලැබීමට පුළුවන. තවමත් එය පර්යේෂණ මට්ටමේ පවතී.

දෙනෙත් වියළීම වළක්වා ගත හැකි ක්‍රම කිහිපයකි. දරුවන්ට ජංගම දුරකථනය, රූපවාහිනිය, ටැබ්, පරිගණකය භාවිත කරද්දී මිනිත්තු 20 න් 20 ට දුරින් ඇති දෙයක් බැලීමට උනන්දු කරන්න. අඩි විස්සක් දුරින් ඇති දෙයක් බලන්න. තත්පර 20 ක් වත් එදෙස බලන්න. මෙය හඳුන්වන්නේ 20 - 20 - 20 නීතිය ලෙසයි.

ඇස්වල විලවුන් තැවරූ විට ඒවා හොඳින් ඉවත් කරන්න. නින්දට පෙරත් නින්දට පසුත් ඇස් පියන හොඳින් සෝදන්න.

හොඳම තත්ත්වයේ කණ්ණාඩි පලඳින්න. සියයට සියයක්ම හිරු එළියේ පාරජම්බුල කිරණින් ඇස ආරක්ෂා කරන අව් කණ්ණාඩි පලඳින්න. සුළඟ වගේම දූවිලි ආදී ඇසට හානිකර පරිසර සාධක ද ඇසෙහි වියළි බව වැඩි කරයි.

විදුලි පංකාවල සුළඟ, මෝටර් රථ හීටර, හෙයා ඩ්‍රයර්, වායු සමීකරණ යන්ත්‍රවල සුළං කෙළින්ම දෑස්වලට වැදීමට ඉඩ නොදෙන්න.

දුම්පානය කිරීම වගේම දුම්වැටියේ දුම වැදීම ද අහිතකරය. කෙනෙක් දුම්පානය කරන විට ඈත් විය යුත්තේ පෙණහලුවලට වගේම ඇස්වලට ද දුම අහිතකර නිසයි.

පරිගණක තිරය තිබිය යුත්තේ ඇස් මට්ටමින් පහළටය. උස් මට්ටමකින් තිබූ විට ඇස් පළල් වී වියළීම වැඩි වේ. ඇසිපිය ගැසීමේදී කඳුළු ඇස පුරා පැතිරේ.

දිගින් දිගටම වියළීම ඇත්නම් කෘත්‍රිම කඳුළු වෛද්‍ය උපදෙස් පරිදි ඇසට දමන්න.

වියළි ඇස් ඇත්නම් හිරු එළියෙන් නෙත් රැක ගැනීම ඉතා වැදගත්ය. හිරු එළියෙන් තත්ත්වය වඩාත් දරුණු වේ.

ඇස්වල සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන වියළීමට මුල් අවස්ථාවේම ප්‍රතිකාර කළ යුතුය. අක්ෂි වෛද්‍ය විශේෂඥයාට ඇස් පරීක්ෂා කර, කඳුළුවල ධාරිතාව මැන බලා, කඳුළුවල තත්ත්වය බලා ප්‍රතිකාර කළ හැකිය.

වියළි බවට හේතුව බලා වෛද්‍යවරයා ප්‍රතිකාර කරයි.

සන්ස්ක්‍රීන් පමණක් තෝරා ගන්න

 

හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF  (සන්ප්‍රොටෙක්ෂන් ෆැක්ටර්) අඩංගු මොයිෂ්චර්රයිසර් තෝරාගනු ලබයි. එහෙත් මේවා සන්ස්ක්‍රීන් තරමටම හිරු එළියෙන් සම සුරකින්නේ නැති බව සොයා ගෙන තිබේ.

  අක්ෂි වෛද්‍ය විශේෂඥ

රංගික ගුණරත්න හා අන්තර් ජාලයෙන්

1140 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 15:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න