තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 13:10

අපේ නිවෙසේ සිටින විසබීජ මාරයෝ

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
ලොවේ කොතැනක සිටිය ද සිතට සැනසීමක් ලැබෙන්නේ තම නිවහනට පැමිණි විටය. එය මහා මන්දිරයක් වුවත් දුගී පැලක් වුව ද වෙනසක් නැත.

 

එහෙත් නිවහන අපිළිවෙළට ඇත්නම් එය සිතට අසහනයක් ගෙන දෙන කරුණකි. එපමණක් නොව නිවෙස අපිරිසුදු නම් නිවෙසේ සාමාජිකයන් රෝගී කරන ප්‍රධාන හේතු සාධකය වන්නේ ද අපේ රජ මැඳුර වන නිවහනමය.

දුක, සැප, සතුට, සැනසුම බෙදා ගන්නා නිවහන විසබීජ ගනුදෙනු වන ස්ථානයක් වන බව බොහෝ දෙනෙක් අමතක කරති.

නිවෙසින් බැහැරට යන පොඩි දරුවාගේ සිට වයෝවෘද්ධම තැනැත්තා දක්වාම සියලු දෙනා විවිධ වූ විසබීජ නිවහනට රැගෙන එයි. එලෙසම නොදැනුවත්ම එකිනෙකා හුවමාරු ද කර ගනී. විශේෂයෙන්ම සබන් ගා අත සේදීමේ යහපත් සෞඛ්‍ය පුරුද්ද නැත්නම් විසබීජ හුවමාරුවීම ද වැඩිය.

මෑත කාලයේ වසංගතයක් මෙන් පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා උණට ඇති වූ බිය තවමත් බොහෝ දෙනකුගේ මතකයෙන් බැහැර වී නොමැත. මෑතකදී කළ අධ්‍යයනයකි හෙළි වී ඇත්තේ බොහෝ රටවල ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයේ නිවෙස්වල සියයට හැටක තැන්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තිබී ඇත බවයි.

 

* නිවෙසේ ප්‍රධාන දොරටුවේ අගුළ - සියයට 60

* රූපවාහිනී දුරස්ථ පාලකය - සියයට 60

* ශිතකරණය - සියයට 60

* පරිගණකය - සියයට 40

* දුරකථන රිසීවරය - සියයට 80

* ටොයිලට් හැඬලය - සියයට 40

* වැසිකිළි ආසනය - සියයට 42

මුළුතැන්ගෙයි සින්ක් එක - සියයට 45

ළමයින්ගේ සෙල්ලම් බඩු - සියයට 30

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සමහර මතු පිටවල පැය 48 කට වැඩි කාලයක් පවතී. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පමණක් නොව බැක්ටීරියා වෛරස රැසක්ම අප අවට ක්‍රියාකාරීය. භාණ්ඩ මතුපිට පමණක් නොව ඇඳුම්වල ද විසබීජ තැවරෙයි.

වැඩි දෙනෙක් ඩෙනිම් කලිසම් නොසෝදා දින කිහිපයක්ම අඳියි. වැඩි කාලයක් අලංකාර ලෙස ඩෙනිම තබා ගැනීමට මෙසේ කළ ද එය විසබීජ ගබඩාවක් වීම වළක්වාලිය නොහැකියි.

එනිසා සෝදන තුරු බැක්ටීරියා නාශක, සුවඳැති ඉසින කාණ්ඩයකින් එහි නැවුම් බව සුරකින්න. මුළුතැන්ගෙයි අත් පිස්නා ද බැක්ටීරියා පාරාදීසයන්ය. සෑම මිනිත්තු 40 කට වරක්ම ඊ කෝලි බැක්ටිරියාව දෙගුණ වෙයි. ඒ නිසා නිතර මුළුතැන්ගෙයි අත් පිස්නා පිරිසුදු කළ යුතු අතර ඒවා නටන ජලයේ මිනිත්තු 5 ක් පමණ පොඟවා සේදීම අත්‍යවශ්‍යයි.

අප නිදා ගන්නා විට මිලියන ගණනක් සෛල ඇඳ රෙද්දට එකතුවේ. ගතේ දහදිය ද එමඟින් උරා ගනී. මේ පසුබිම දූවිලි මැක්කන්ට කදිම පෝෂණාගාරයකි. දූවිලි මැක්කන් නිසා ඇදුම, පීනස වැනි අසාත්මිකතා උත්සන්න වෙයි. ඒ නිසා සතියකට වරක් ඇඳ රෙදි අව්වට දාන්න. දිනපතා කොට්ට උර, ඇඳ රෙදි සෝදන්න. මෙට්ට ද ෂැම්පුවලින් තෙමූ රෙදි කැබැල්ලකින් පිරිසුදු කරන්න.

මුදල් පසුම්බිය සන්නාහ සන්නද්ධ වන්නේ කාසි, මුදල් කොළවලින් පමණක් නොවෙයි. එය විසබීජවලින් මුදල්වලින් ද වඩා පොහොසත්. මලවල ඇති ඊ කෝලි වැනි බැක්ටීරියා පොදුවේ හුවමාරු වන ද්‍රව්‍යන්හී අධිකව ඇත. මුදල් තරම් අතින් අතට යන තවත් දෙයක් තිබෙනවාද? එනිසාම එවැනි විසබීජ ඒවායේ තැවරීමට ඇති ඉඩකඩ ද වැඩියි. මුදල්වල වගේම ක්‍රෙඩිට් කාඩ්පත්වල ද විසබීජ අඩුවක් නැතිව ඇත. මේ නිසා සතිපතා සේදිය යුතු භාණ්ඩ අතර මුදල් පසුම්බිය ද තිබේ.

නිවෙසේ වැඩි වශයෙන්ම තිබිය හැකි විසබීජ වන්නේ ස්ටැෆිලොකොකස්, යීස්ට්, සැල්මොනෙල්ලා, ඊ-කෝලි, මළවල අඩංගු බැක්ටීරියායි.

මේවා වැඩිපුරම රැඳී ඇති තැනක් වන්නේ මුළුතැන්ගෙය නිසා එය වඩාත් පිරිසුදුව තබා ගත යුතුය. කපන ලෑල්ල, ශිතකරණය, සින්ක් එක ඒ අතරින් ප්‍රධානය. එපමණක් නොව විදුලි ස්විච් ද මිනිස් ඇඟිලි තුඩු නිතර ස්පර්ශ වන තැනකි. ඒවා ද විසබීජ නාශකයකින් පිරිසුදු කළ යුතුය.

රූපලාවණ්‍ය උපකරණ මල්ල, රුව හැඩකරනවා පමණක් නොව රුව වනසන පුංචි ගබඩාවක් ද වේ. ඒ රුව හැඩ කරන ද්‍රව්‍ය, මෙවලම් සහ අඩංගු බෑගය හෝ පෙට්ටිය පිරිසුදුව නොතිබුණොත් සම පමණක් නොව ඇස් ද ආසාදනය විය හැකියි.

මාස හයකට වරක් රූපලාවණ්‍ය ද්‍රව්‍ය මාරු කරන ලෙස චර්ම රෝග වෛද්‍ය විශේෂඥයන් උපදෙස් දෙන්නේ ඒ නිසයි. එලෙසම රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කර තැබීමට ද වග බලා ගත යුතුයි. ඒවා පිරිසුදු, වියළි තැනක කාමර උෂ්ණත්වයේ තබන්න. රූපය හැඩ කිරීමට ගන්නා බුරුසු වැනි දෑ සබන් ගා සතියකට වරක් පිරිසුදු කරන්න.

අන්තර් ජාලයෙනි

391 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න