තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:31

පිළිකා පිළිබඳ මේ තොරතුරුත් වැදගත්

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පිළිකා මාරයා අපේ ජීවිතවලට දක්වන තර්ජනය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. පවුලේ සමීපතමයකු හෝ මෙම රෝගයට ගොදුරුවීම නිසා පිළිකා සම්බන්ධ අත්දැකීම් නොමැති කෙනකු නැති තරම්. ඔබ දන්නවාද?

 

සෑම පුද්ගලයකුගේම ශරීරය තුළ පිළිකා සෛල පවතී. නමුත් ඒවා පරීක්ෂණ සඳහා හසුවන්නේ බිලියන ගානක් දක්වා වර්ධනය වූ පසුවයි.

පුද්ගලයකු පිළිකා තත්ත්වයට ගොදුරු වූ විට විවිධ පෝෂණ ඌනතා මතු කරයි. එබැවින් පෝෂණ ඌනතා මඟහරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාර රටාව හා ජීවන රටාව වෙනස් කිරීම අනිවාර්යය වේ.

කිමෝ තෙරපිවලදී ඉක්මනින් වැඩෙන පිළිකා සෛල විනාශ වෙනවා සේම සෞඛ්‍ය සම්පන්නව පවතින ඇටමිදුළුවල සෛල ද විනාශ වේ. විකිරණ ප්‍රතිකාර මඟින් ද මෙයම සිදුවේ.

කිමෝ සහ විකිරණ ප්‍රතිකාර මඟින් පටකවල අසාමාන්‍ය වර්ධනය (බභථධප) අවම කරයි. නමුත් එහි ප්‍රතිඵල දීර්ඝකාලීන නැත. මේ ප්‍රතිකාර මඟින් අවයවවලට හානි වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට රෝගියා අනෙක් රෝගවලට ගොදුරුවීමේ අවධානම වැඩිය.

පිළිකාකාරකවලින් හැකිතරම් ඈත්වීමට අප උත්සහ ගත යුත්තේ මේ නිසයි.

මේස ලුණු සුදු පැහැ ගැන්වීමට රසායනික ද්‍රව්‍යයක් යොදයි. එය නුසුදුසුය.

ආම්ලික පරිසරයක් තුළ මෙම පටක වර්ධනය අධික වේ. රතු මස් පරිභෝජනය ආම්ලික සිරුරකට මගපාදයි.

විස නොයෙදූ එළවළු, පලතුරු ශරීරයේ ප්‍රතිශක්තිකරණය සවිමත් කරයි. එවිට පිළිකා සමඟ සටන් කළ හැකියි. එළවළු වර්ග කිහිපයක් හෝ අමුවෙන් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න සෛල වර්ධනයකට මඟපාදයි.

ග්‍රීන් ටී පිළිකානාශක ශක්තියක් සහිත කැෆේන් අධික තේ, කෝපි, චොකලට් වර්ග සඳහා හොඳ ආදේශකයකි.

මාංසමය ප්‍රෝටීන් දිරවීමට එන්සයිම විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. මස් පරිභෝජනය අඩු කිරීමෙන් පිළිකා සෛල සමඟ සටන් කිරීමට අදාළ එන්සයිම ඉතිරි කරගත හැකිවේ.

ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා සෛල වැඩීම සිදු නොවේ. ඒ නිසා දිනපතා සැලකිය යුතු වේලාවක් පිහිනීම, බයිසිකල් පැදීම, දිවීම වැනි ස්වායු ව්‍යායාම කිරීම පිළිකා අවධානම අවම කරයි. ගැඹුරු හුස්ම මඟින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සෛල තුළට ලැබේ.

පිළිකාව සිරුර පමණක් නොව මනස හා අධ්‍යාත්මය සමඟ ද සම්බන්ධ වූවකි. මානසික ආතතියෙන් තොරව නිදහස් මනසකින් සතුටින් කල්ගෙවීම, ආගම දහමට යොමුවීම, භාවනා කිරීමෙන් නිරෝගි පුද්ගලයකු බිහි වේ.

 

John Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක් ඇසුරිණි

511 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 14:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න