තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 12:52

මිනිසත්කම ගිළිහුණු සමාජයක අතුරුඵලය මෙය නොවේ ද ?

Written by 
අගයන්න
(0 මනාප)
මාතර නගරයේ උපකාරක පන්තියකට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවකුට තවත් සිසුන් පිරිසක් විසින් පයින් හා තියුණු ආයුධවලින් පහරදීමේ පුවත මුළු රටම කම්පා කළ සිද්ධියකි. මේ පාසල් සිසුන් අතර සිදු වූ සුළු සිද්ධියක් නිසා ඇති වූ අනුවේදනීය පුවතකි.

 

මෙලෙසම බේරුවල දියගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ උසස් පෙළ හදාරන ශිෂ්‍ය නායකයා මිය යෑමේ සිද්ධිය තවත් එකකි.

මෙම සිදුවීම් දෙකම ළඟ ළඟ දින දෙකක් තුළ සිදුවූවත් මාතර සිදුවූ සිදුවීම පිළිබඳ සමාජය තුළ හා සමාජ වෙබ් ජාල තුළ බොහෝ කතාබහට ලක්විය. එයට ප්‍රධානම හේතුවක් වූයේ මෙම සම්පූර්ණ සිදුවීම අසල තිබූ ඛ්ඛ්ඊඍ කැමරාවක සටහන්ව තිබී එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමයි.

මාතර නගරයේ උපකාරක පන්තියක් අසලදී සිදු වූ මෙම සිදුවීම පිළිබඳ මුළු රටම බලා කම්පා වූයේ වර්තමාන දරු පරපුරේ ක්‍රියා කලාපයන් ගැන පුදුමාකාර වේදනාවකිනි.

මෙම සිද්ධීන් දෙස අප බැලිය යුත්තේ කුමන කෝණයකින්ද යන්න ප්‍රශ්නාර්ථයකි. ජනාකීර්ණ වූ මාතර නගරය මධ්‍යයේ දහසක් දෙනා බලා සිටියදී මෙවැනි දෙයක් සිදුවෙද්දී කිසිවෙකු එය බේරන්නට ඉදිරිපත් නොවූයේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කරති.

වර්තමානයේ මෙවැනි සිදුවීම්වලට මැදිහත්වීම තුළින් ඇතිවන්නේ අනවශ්‍ය ගැටලුවක් තමා මත පටවා ගැනීම බව බොහෝ දෙනා සිතති. එසේම මේ අයුරින් පාසල් වයසේ සිසුන් හැසිරෙනු ඇතැයි කවුරුත් නොසිතති. යතුරු පැදියකින් පැමිණ තියුණු ආයුධයකින් ඇන පහර දෙන්නට තරම් ශක්තියක් ඔවුන්ට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු කරුණකි.

මෙම සිදුවීමේ දී ඔවුන් අනුකරණය කරන්නට ඇත්තේ වර්තමානයේ ප්‍රචාරය වන සමහර ටෙලි නාට්‍ය හා හින්දි නාට්‍ය යැයි මතයක් ද කතිකාවතට බඳුන් විය.

ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක ප්‍රචාරය වන සිද්ධි මාලාවක් අනුකරණය කිරීම නිසා මෙය සිදුවූ බව ඇතැමුන් සමාජ ජාල හරහා මාධ්‍ය වෙත ඇඟිල්ල දිගුකර තිබුණේ කිසිදු අරුතක් නැතිවය.

සැබැවින්ම මෙම සිදුවීම අපගේ සමාජයේ එක් පැතිකඩක් නිරූපණය කිරීමක්දැයි යන ප්‍රශ්නය ද සමහරුන්ගේ සිත්තුළ පැනනැඟී ඇත. පාසල් වයසේ දරුවන් සිටින ආදරණීය මවකට, පියකුට මෙම සිදුවීම දෑස් හැර බැලීමට තරම් බරපතළ සිද්ධියකි.

 

මෙතරම් බණ කියන, බණ අසන රටක් ලොව කොහේවත් නොමැති තරම්ය. කොතරම් ගුණධර්ම කියාදෙන පරිසරයක දරුවා හැදී වැඩුණත්, හොඳම පාසලක ඉගෙනුම ලැබූවත් ඔවුන් පිවිසෙන සමාජය කොතරම් දුරට දරුවාට සුරක්ෂිතදැයි අපට දිය හැකි සහතිකය කුමක් ද? එසේම දරුවකුට අධ්‍යාපනය පමණක් ලබාදීම තුළින් සමාජය තුළ ඔවුන්ට සාර්ථක ගමනක් යා හැකි ද? මෙවැනි කරුණු පිළිබඳ අප සිතා බලන්නට කාලය උදාවී තිබෙයි.

ඉරිදා දිනයේ දී පන්සල පසුකරමින් ටියුෂන් පන්තියට දක්කාගෙන යන දරුවා වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු හෝ උසස් රැකියාවක් කරන දරුවන් බිහිකරන්නට වෙර දරන මවුපියන් සිටින සමාජයක මෙවැනි සිද්ධීන් මනසටත්, හදවතටත් කතා කරන පාඩමක් කියාදී තිබේ. පොල් කට්ටක සිදුරක් විද දිය නහවා, දෑත දෙපය නොකඩා දැඩි වෙහෙසක් දරා උස් මහත් කළ දරුවා රජෙක් කරන්නට සිහින දකින මාපියන් කුඩා කාලයේ සිට හුරු කරන්නේ කෙසේ හෝ තම ඉලක්කය ජය ගන්නටය.

අවුරුදු තුනේ සිට ටියුෂන් රැගෙන යන දරුවා පහේ ශිෂ්‍යත්වයට සූදානම් කරන්නේ ඔවුන්ට ජීවිතය ජයගන්නා ලොකුම විභාගය ලෙසටය.

ඉන්පසුව සාමාන්‍ය පෙළ විභාගයයි. උසස් පෙළ විභාගයට සූදානම්වන දරුවාට පොතපත හැර සමාජයක් ගැන වැටහීමක් නොවේ. ආගම දහම ගැන ඉගෙන ගන්නට තියා පෝය දිනට පන්සලකට යන්නට මලක් පහනක් පුදන්නට කාලයක් නොවෙයි.

දරුවාගේ ඉගෙනීම ගැන මහත් ආඩම්බරයෙන් උදම් අනන මවුවරුන්ට දරුවාට සමාජය ගැන කියා දෙන්නට වෙලාවක් නැති තරම්ය. තම නෑදෑයන් වැඩිහිටියන් සමඟ ඇසුරු කරන්නට කාලයක් ද නොවෙයි.

පාසලෙන් ලැබෙන දැනුමට වඩා වූ ටියුෂන් පන්තියෙන් පොවන කල්ක, ගුලි චූර්ණ ගැන විශ්වාසය තබන දරුවන් පාසලේ ගුරුවරයාගේ උපදෙස් පිළිනොපදියි.

ටියුෂන් පන්තියේ ගුරුවරයාගේ දෙපිට කැපෙන ආලවට්ටම් භාෂාවට වශීවන අපේ දරුවන් බාගෙට වැසුණු සැලෝන් දොරෙන් ඉරිදාට පියඹා යන්නේ ටියුෂන් පන්තියටය. මෙවැනි පසුබිමක් තුළ හැදෙන දරුවාට තම සමිපතමයන් ඇසුරු කරන්නට කාලයක් සොයාගැනීමටවත් නැත. ඔවුන්ගේම ලෝකවල හුදකලා වන දරුවන් සිහින ලෝකවල අතරමං වෙයි.

පරිගණකය, ජංගම දුරකථනය තුළ මැවෙන සුන්දර ලෝකය සැබෑකරගන්නට ඔවුන් වෙර දරයි. තම මුහුණු පොතෙන් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයාගන්නට, නව මිතුරු සමාජ ගොඩනඟාගන්නට, විනෝද වන්නට, මත්පෙති, මතු කුඩු බොන්නට පෙලඹෙන්නේ මෙවැනි යාන්ත්‍රික සමාජ රටාවක් තුළිනි.

මෙම සිදුවීමේ දී මේ දරුවන්ගේ ගැටුමට වැඩිහිටියන් මැදිහත් වූයේ නම් ඇතැම්විට එම ජීවිතය බේරාගැනීමට හැකිවන්නට තිබුණි. අනෙකා ගැන නොසිතන මෙවන් සමාජයක් නිර්මාණය කිරිම වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන් ද? අප අපගෙන්ම පෙරළා ප්‍රශ්න කළ යුතු නොවේ ද?

 ආදරණීය අම්මේ, තාත්තේ, ඔබට ද ඔබේ දරුවාට මෙන්ම සොඳුරු පාසල් වියක් තිබෙන්නට ඇත. ඒ පාසල් කාලයත් දැන් අපේ දරුවන්ගේ පාසල් කාලයත් අතර කෙතරම් වෙනසක් තිබේද? එදා පාසල ඇරී සැතපුම් ගණන් පයින් ඇවිද ගිය සොඳුරු අතීතය සිහිකර බලන්න.

තම මිතුරු මිතුරියන් හා එක්ව ඇළේ දොළේ වෙල් ඉපනැල්ලේ දිව ගිය කාලය මොන තරම් අපූරු ද? එදා එකෙක් වැටුණත් රිදෙන්නේ අනෙකාටය. එහෙත් අද දරුවන්ට ඒ නිදහස් ළමා කාලය අහිමි වූයේ කෙලෙස ද? සැබැවින්ම එය අහිමි වූවා ද? අහිමි කළා ද ? එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද ? යන්නට පිළිතුරක් සෙවීමට මම ඔබටම භාර කරමි.

170 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 12:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න