තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 14:04

කොහොමද ඔබේ මුහුණුපොත ලස්සන කරගන්නේ

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
ඇනුම් පද නොකියමි බැණුම් බස් නොකියමි නිකම් බස් නොකියමි තරම පමණට වදන් තෙපලමි

 

අපූරු අරුතක් තැවරුණු මේ පැදි පෙළ අතීතයේ සිරිත් මල්දමෙහි එන වටිනා කවියක්. එම්. එල්. සිල්වා මුහන්දිරම් මැතිඳුන් විසින් ලියූ සිරිත් මල්දම වර්තමාන දරු පරපුරට නොවටිනා වුණත් මේ කවිය මුහුණු පොතේ (facebook) පිටුවකට එකතු වී තිබුණේ අහම්බෙනි.

දරුවන්ගේ රසවින්දනය අඩුවීම, පොතපත කියවීමට නැඹුරුව අඩුයි කියමින් මැසිවිලි නඟන පසුබිමක මේ කවියට මුහුණුපොතේ like දහස් ගණනක් ලැබී තිබීම පුදුමයකි. ඒ වගේම එයට දක්වා තිබූ ප්‍රතිචාර ද (comment) ඒ තරම්. මේ වටිනා කවිය බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුණේ ඇදහිය නොහැකි තරමට.

මේ වර්තමානයේ ජනප්‍රියතම හා ප්‍රබලතම මාධ්‍යයක් ලෙස පිළිගන්නා මුහුණු පොත නැතිනම් facebook සඳහා පිවිසීමට හොඳම පූර්විකාවක්. අතීතයත් වර්තමානයත් අතර වූ කාල පරාසය තුළ සන්නිවේදනය හා තාක්ෂණයේ දියුණුව අපේ එළිපත්තටම විත් බලා සිටිද්දී අපට එයින් මිදී හුදකලාවීම තරමක් අපහසුයි. ජංගම දුරකථනය, පරිගණකය ගැන කතා කරන විට බොහෝදෙනෙක් මේ මෙවලම් ප්‍රතික්ෂේප කරන්නේ එයින් පෞද්ගලිකත්වයට සිදුවන හානිය නිසායි.

නමුත් අද මේ මෙවලම් භාවිතයෙන් තොරව අපගේ දෛනික කටයුතු ඉටුකර ගැනීමට නොහැකි මට්ටමට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම කාර්යාලයක සේවය කරන ඕනෑම අයකුට තම රාජකාරි කටයුතු පරිගණකයක උපකාරය නොමැතිව කරගත නොහැකි තරමට තාක්ෂණය අපව ග්‍රහණය කර අවසන්. හැබැයි පරිගණකයක් භාවිතයේදී ඉංග්‍රීසි කියවීමේ හැකියාව යම්තරමකට හෝ තිබීම මේ කටයුත්ත ඔබට වඩාත් පහසු කරනවා.

පගේ පාඨක බොහෝදෙනෙක් දැන් දැන් මේ පරිගණකය සමඟ සිදුවන සන්නිවේදනය ගැන දැනුවත්. මේ නිසාම අප සිතුවා ඔබගේ ඒ දැනුම තවත් අලුත් යමක් එකතු කරන්න.

පරිගණකය

පරිගණකය කියන වචනය කියූ පමණින්ම දැන් බොහෝදෙනකු ගෘහස්ථව භාවිත කරන්නේ ලැප්ටොප් පරිගණකය. ඇතැම් අය තම කටයුතු නිවෙසේම හෝ කාර්යාලයේම සිටිමින් සිදුකිරීමට ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකයක් යොදා ගන්නවා. කෙසේ වෙතත් වර්තමානයේ පරිගණක විවිධ ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුක්තයි. සරල ලෙස මෙය ඔබට පැහැදිලි කළොත් ඔබ බැංකුවක මුදල් ලබා ගන්නා ටේලර් යන්ත්‍රයක් එක්තරා ආකාරයක පරිගණකයක්.

වර්තමානයේ මේ දෙවර්ගයටම වඩා කුඩා ප්‍රමාණයේ පරිගණක බිහි වී තිබෙනවා. ටැබ්ලට් පරිගණක (Tablet computers) ස්මාර්ට් ෆෝන් (smart phones) පවා දැන් පරිගණකයක් තරමටම දියුණුයි. මේ දියුණු තාක්ෂණික මෙවලමත් සමඟ අපගේ ගනුදෙනුව සිදු කිරීමේදී සමාජ ජාල රාශියක් නිර්මාණය වී තිබෙන්නේ එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීම පහසු කිරීම යි.  facebook. Twitter, Youtube, Instagrams, Skype  වැනි අති විශාල සමාජ ජාලා ප්‍රමාණයක් වසර කිහිපයක් තුළ නිර්මාණය වුණේ සමාජයේ පවතින ඉල්ලුම නිසයි. විශ්ව ගම්මානය සංකල්පය තුළ මුළු ලෝකයම එක මොහොතකින් තම අතැඹුල මත තබන මෙම සන්නිවේදනය තුළින් සිදුවන යහපත සහ අයහපත පිළිබඳ සංසන්දනාත්මක මැන බැලීමේ වගකීම සතු වන්නේ ඔබ මතයි.

මෙවන් පසුබිමක බිහිවන

facebook භාවිතය මේ වන විට අප රටේ ඉහළම අගයකට පැමිණ තිබෙනවා. වයස් සීමාවකින් තොරව යොමු වී තිබෙන මෙම facebook භාවිතය තුළින් සමාජයට විශාල බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.

facebook ගිණුමක් ඇරඹීම

මෙය ඉතාම සරල කටයුත්තකි. ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේ google හෝ yahoo සෙවුම් යන්ත්‍රයක් (serch engine) ඔස්සේ facebook ගිණුමක් සැදීමේ කටයුත්ත ආරම්භ කිරීමයි. මෙහිදී ඔබට ක්‍රම දෙකක් ඔස්සේ මෙය සිදුකළ හැකි වෙයි. ඉන් එක් ක්‍රමයක් වන්නේ ඔබගේ smart phone එක ඔස්සේ පිවිසීමයි. නැතිනම් පරිගණකය ඔස්සේ අන්තර්ජාලය මඟින් ගිණුමක් සාදන ක්‍රමය අනුගමනය කිරීමයි.

ඔබ මෙසේ Account එකක් ආරම්භ කිරීමේදී ඔබගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔබගේ නම, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, ජංගම දුරකථන අංකය, email ලිපිනය ආදී තොරතුරු හා දත්ත එයට ඇතුළත් කළ යුතු වෙයි. ඉන් පසුව ඔබ නමට අදාළ මුරපදයක් (password) ලැබෙයි. ඔබගේ ගිණුම පවත්වාගෙන යෑම සඳහා මෙම භඵඥපදචථඥ සහ නචඵඵඹධපඤ එක ඔබ සතුව සුරක්ෂිතව තිබීම facebook ගිණුමක් පවත්වාගෙන යෑමේ මූලික පියවරයි.

facebook ගිණුමක් සෑදීම

එහි දී ඔබ විසින් සම්පූර්ණ කළ යුතු විස්තර පත්‍රිකාවක් ලැබෙයි. එහි ඔබගේ පළමු නම, දෙවැනි නම, email ලිපිනය, අලුත් මුරපදයක් ඇතුළත්. ඉන්පසුව ඔබගේ උපන්දිනය එහි ඇතුළත් කර ඔබගේ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කළ යුතුයි. ඉන් පසු sign up වූ පසු ඔබගේ ගිණුම සකසා අවසන්.

දැන් ඔබ කළ යුත්තේ step 1 හරහා Gmail, yahoo skupe හරහා මිතුරන් හා සම්බන්ධවීමයි. දැන් ඔබ දෙවැනි පියවර සඳහා පිවිසුණු පසු ඔබගේ පදිංචි නගරය, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, ඇතුළත් කළ හැකියි. ඒ සඳහා ඔබගේ ඡායාරූප ඇතුළත් කිරීම සඳහා profile picture  යවන මෙනුවට යා යුතුයි. එය මෙහි 3 වැනි පියවරයි. දැන් ඔබගේ ගිණුම සක්‍රීය කර අවසන්.

පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගැනීම

බොහෝදෙනෙක් තුළ තිබෙන වැරැදි මතයක් තමයි තමුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙනවා කියන මතය. මෙසේ තම පෞද්ගලිකත්වයට හානි වෙන්නේ facebook පිළිබඳ හරිහැටි නොදැන එය පාවිච්චියට ගැනීමයි. අපට facebook එක හරහා මිතුරන් හමු වෙනවා. මෙම මිතුරන් අතුරින් සමහර මිතුරන් හඳුනාගත්තේ ඇසුක් නැතිව. මේ යාළුවන් අතර සිටින අයගේ මානසිකත්වය හා අරමුණු වෙනස්. එවැනි විවිධ අරමුණු ඔස්සේ මිතුරුවන ඔවුන් නිසා තමයි අපට විවිධ ගැටලු ඇතිවෙන්නේ.

facebook හරහා ගනුදෙනු කිරීමේදී වඩාත් වැදගත් වෙන්නේ අපේ පෞද්ගලිකත්වය. එය ආරක්ෂා කර ගනිමින් භාවිත කළ විට අපට මෙයින් හානියක් සිදුවන්නේ නැහැ. මේ සඳහා ඔබගේ facebook ගිණුමේ settings වලට යා යුතුයි. මෙහි තිබෙන private settings and tools කියන විකල්පය. ඔබ ඒ වෙත පිවිසි පසු එහි තිබෙනවා who can see your future posts  එක භාවිත කර ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් මෙය භාවිත කිරීමට ඔබට හැකියාව තිබෙනවා. එහි ඔබට මිතුරුවිය හැකි අය, ඔබට පඥඳභඥඵබ කළ හැකි අය පවා එහි සඳහන් වෙනවා. එය ඔබට තීරණය කළ හැකියි. මෙහි  Timeline and Taffing Settings තුළින් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ මිතුරන් සමඟ සම්බන්ධතාව ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම ඔබ facebook එකේ ඡායාරූප හෝ මඥඤඪධ එකක් දැම්මත් එය බලන්න පුළුවන් කාටද, එය යැවිය යුත්තේ කාටද කියන ඔබට තීරණය කළ හැකියි. ඔබගේ  profile  එක හරහා ඔබගේ නධඵබ එක නැතිනම් පණිවුඩය හෝ අදහස ඔබට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගත් විට facebook හරහා සිදුවන ගැටලු අවම කරගැනීම පහසුයි.ඒ වගේම facebook හරහා අලුතින් හඳුන්වා දී තිබෙන නපධටඪතඥබඵ කියන ආරක්ෂක ක්‍රමය. මේ හරහා ඔබගේ facebook ගිණුමේ ඇති තොරතුරු හෝ ඡායාරූප හා වැදගත් දෑ කිසිවකුටත් ජධනර කර ගැනීමට නොහැකි ලෙසින් සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. එහි  only meලෙස දැමූ පසු වෙනත් කිසිවකුටත් එය භාවිතා කළ නොහැකියි. මෙසේ ඔබ භාවිතයේදී එහි ඔබට මෙම ඡායාරූප හෝ තොරතුරු බලාගත හැකි මිතුරන් පමණක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇති ක්‍රමයක් පවා තිබීම හරිම වටිනවා. මෙසේ ඔබ සමඟ ගනුදෙනු කරන මිතුරා කොයි ආකාරයේ ද කියා ඔබ දැනගත් පසු ඔබට එම මිතුරා සමඟ ඉතාම සුරක්ෂිතව ගනුදෙනු කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මෙසේ තම පෞද්ගලිකත්වය සුරකින අයුරින් facebook හරහා සිදු කළහැකි බොහෝ දේ තිබෙනවා. ඔබට අවශ්‍ය දැනුම එසේම ඔබට අවශ්‍ය ඡායාරූප හා ලිපි හා තොරතුරු මේ හරහා හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

 

ප්‍රවේසම් විය යුතු කරුණු

දැනුම, විනෝදය ලැබීමටත් සමාජයිය සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, තම මතය, අදහස සමාජය වෙත කාන්දු කරවීමටත් මුහුණු පොත ඇතුළු සමාජ ජාලා බෙහෙවින් වැදගත් වන නමුත් සීමාව ඉක්මවා තම පෞද්ගලිකත්වය හුවා දැක්වීමට යාම තුළින් තමා වෙත අනිසි ප්‍රතිවිපාක ලැබීමට ඉඩ තිබෙන බවද සිහිපත් කළ යුතුය.

එබැවින් මුහුණු පොත හරහා පෞද්ගලික සංවාදවල යෙදෙන්නේ නම් හෝ මිතුරු මිතුරියන් සමඟ පෞද්ගලික හෝ සංවේදී තොරතුරු හුවමාරු කරගන්නේ නම්, එසේත් නැතිනම් පෞද්ගලිකව තම අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මුහුණු පොතේ ඇති inbox හෙවත් Messenger  පහසුකම යොදා ගත හැකියි.

එහෙත් කිසිවිටෙක තමා හොඳින් හඳුනන අයකු සමඟ හැර මෙවැනි සමාජ ජාලා ඔස්සේ වැදගත් තොරතුරු, අතිශය පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

එසේම ඔබගේ දුරකථන අංක, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ් අංක හෝ වෙනත් රහස්‍ය භාවය සුරැකිය යුතු වැදගත් දත්ත මුහුණු පොතේ ප්‍රතිචාර දක්වන කොටස් (Comments)  කිසිවිටෙකත් සටහන් නොකිරීමට ප්‍රවේසම් වන්න. ඔබ එතරම් දුර දිග නොසිතා සිදුකරන සුළු අතපසුවීමක් ඔබේ මුළු දිවියටම බලපාන භයානක අනතුරක් ඔබවෙත කැඳවාගෙන ඒමට ඉඩ ඇති බව සලකන්න.

 

 

 

අනුරාධ කාරියවසම්

පරිගණක උපදේශක

ශ්‍රි ලංකා යොවුන් සේනාංකය

168 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 14:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න