තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 14:10

වර්ණ ගෙනෙන ගතිපැවතුම් විශේෂාංග

ලිව්වේ  නාමලී ගමගේ
අගයන්න
(1 මනාපය)
මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.

 

 

 

 

ඔවුන් කැමැති ඒ වර්ණය ඔවුන්ගේ චරිත ලක්ෂණ ගැන පුංචි විවරණයක් දෙනව කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? කවුරු වුණත් කැමැතියිනෙ තමන්ගේ චරිතය තුළ සැඟව ඇති රහස් ගැන දැනගන්න. ඔබත් ගළපගෙන බලන්න ඔබේ චරිත ලක්ෂණත් කියවෙනව ද කියලා.

කළු පාට

 

කළු පාට අඳුරු පැහැති වර්ණයක් වුවත් ගොඩක් අය පි‍්‍රය කරන වර්ණයක්. කළු පාටට පි‍්‍රය කරන අය බලය සහ පාලනය ලබාගන්න දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම සිත ඇතුළේ සැඟවුණ කලාකාමී අදහස් තිබුණත් ඒවා ප්‍රසිද්ධියේ එළියට පෙන්නන්න අකැමැතියි. විශේෂයෙන්ම මේ අය තමන්ගේ දෙයක් වෙන කෙනෙක් එක්ක බෙදාගන්නත් අකැමැතියි.

සුදු පාට

 

සුදු කියන්නේ හරිම පිවිතුරු, පිරිසුදු වර්ණයක්. පිළිවෙළට, පිරිසුදුව වැඩකරන්න කැමැති අය තමයි සුදු පාටට වඩාත්ම පි‍්‍රයකරන්නේ. මේ අය තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන, නිදහසේ ඉන්න කැමැතියි වගේම ප්‍රශ්න හමුවේ හරිම තර්කානුකූලව විසඳුම් හොයන්නත් දක්ෂයෝ.

දම් පාට

 

අනුන් ගැන හිතන, හිත උණුවෙන සංවේදී අය කැමැතිම පාට තමයි දම් පාට. ඔබ දම් පාටට පි‍්‍රයකරන්නෙක් නම් ජීවිතේ හැමදේම හරියටම කරන්න ඕන කියලා අදහස් කරන අයෙක්.

අළු පාට

 

අළු පාටට කැමැති අය නම් හරිම විරලයි. ඔබ අළු පාටට පි‍්‍රයකරන්නෙක් නම් ඔබ විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඕනෑම අයකුට විශ්වාසය තැබිය හැකි අයෙක්. හරිම සරල, සාමාන්‍ය ගති පැවැතුම් ඇත්තෙක්. සාමකාමී වැඩවලට ගොඩක් කැමැත්තක් දක්වනවා.

 

රෝස පාට

 

රෝස පාට කිව්වම මතක් වෙන්නෙම බොළඳ යුවතියන් නේද? ගොඩක් අය කියන්නේ සීනිබෝල පාට කියලා. නමුත් රෝස පාටට කැමැති අයගේ සුවිශේෂී ලක්ෂණය තමයි සීමා රහිතව ආදරය සෙවීම. මේ අය වැඩිපුර හිතලා වැඩකරන අය නම් නෙමෙයි.

කොළ පාට

 

කොළ පාට කිව්ව ගමන්ම ඇස් යන්නේ අවට පරිසරය දෙසට නේද? ඇත්තටම කොළ පාට කියන්නේ සොබාදහමේ වර්ණය. ඉතින් මේ පාටට කැමැති අය හරිම අවංක අදහස් තියෙන අයයි. තමන්ගේ ආත්ම ගෞරවය රැකගැනීම තමයි මොවුන්ගේ මූලිකම අරමුණ. ඒ වගේම ඔබ කෙළින් කතාකරන අයෙක්.

තැඹිලි පාට

 

තැඹිලි පාටට කැමැති ඔබ පිරිස් බලයට කැමැති අයෙක්. තනිව ඉන්න කැමැතිම නැහැ. කට්ටියක් එක්ක එකතු වෙලා විනෝදයෙන් ඉන්න තමයි ගොඩාක්ම ආස කරන්නේ.

කහ පාට

 

ඔබ කහ පාටට පි‍්‍රය කරන්නෙක් නම් ඔබ අනෙක් අය සමඟ ඉගෙන ගන්න, බෙදාහදා ගන්න හරිම කැමැතියි. ඒ වගේම තමන් ගැන වෙන අය ඉහළින් කතා කරනවටත් හරිම කැමැතියි. ඒ කියන්නෙ ඔබ පැසසුම් ලබන්න ආස කරන අයෙක්.

රතු පාට

 

රතු පාට කියන්නේ සෞම්‍යය පාටක් නම් නෙමෙයි. ඒ වගේම රතු පාටට පි‍්‍රය කරන අයත් ටිකක් තද ගතිගුණ තියෙන දාර්ශනික අදහස් දරන්නන්. ඕනෑම දෙයක් එලෙසින්ම පිළිගන්න කැමැති අය නම් නෙමේ. ඒවාට හේතු සාධක සොයමින් තර්කානුකූලව නිගමනයකට එන්න තමයි ඔවුන් කැමැති.

දුඹුරු පාට

 

දුඹුරු පාටට ආස කරන අය නම් ගොඩක්ම අඩුයි. නමුත් දුඹුරු පාට පි‍්‍රයකරන අය තමයි යාළු මිත්‍රකම් පවත්වන්න හොඳම අය. තේරුමක් නැති ලොකු ලොකු දේවල් පස්සේ දුවනවට වඩා ලැබෙන දෙයින් සතුටු වෙලා සරලව ජීවත් වෙන්න එයාල හරි කැමැතියි.

නිල් පාට

 

ඔබ නිල් පාටට කැමැති අයෙක් නම් යටපත් කරගත් සරාගී අදහස්වලින් යුතු අයෙක්. ඔබ හොඳම ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්. ඒ වගේම ඔබ ආදරයේ දී හරිම අවංකයි.

 

 

392 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 දෙසැම්බර් 04, අඟහරුවාදා 14:12
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ඔයාට කොලෙස්ටරෝල් ද?
අදහස් එක් කිරීමට ලොග් වෙන්න