සරසවිය නුඹ
සදාකල්හිම
මගෙ නොවුණෙ
ඇයිද
මතක පමණක්
නොසෑහේ
මට රුව දකිනු
රිසිය
සොඳුරු ආදර
වදන් තෙපලූ
ආදරේ මහිම
ළපටි සිතකින්
දරාගනු බැහැ
වෙන්ව යන විටක
දෙසුම් රැව්දෙන
නුවණ වැඩවූ
ඇදුරන්ගෙ බසය
මැඳුරු ආදරි
බලා ඉනු බැහැ
ඈතකින් නුඹව
සරසවිය නුඹ
සදාකල්හිම
මගෙ නොවුණෙ
ඇයිද
මතක පමණක්
නොසෑහේ
මට රුව දකිනු
රිසිය
සොඳුරු ආදර
වදන් තෙපලූ
ආදරේ මහිම
ළපටි සිතකින්
දරාගනු බැහැ
වෙන්ව යන විටක
දෙසුම් රැව්දෙන
නුවණ වැඩවූ
ඇදුරන්ගෙ බසය
මැඳුරු ආදරි
බලා ඉනු බැහැ
ඈතකින් නුඹව
අටමහ කුසල් දෙන අප දෙදෙනා
වසරකට වරක් හමුවන
අතින් අත ගියත් ඔබ
සර්වපිත්තල ඇඳුම් ඇඳ ඇඳ
ඇවැසිම කෙනකුගේ සුරතට
තවමත් නොපත් කරුමය
සසර බිය දැක
වැටහී ගිය බවදුක
කිං සච්ච ගවේසි මිනිසා
හමුවෙන තුරා ඔබෙන් ඵල නැත
ලාභ උපයන වෙළෙඳ ලකුණක් පමණකි
බලන් මා ලබන බුහුමන්
තුන්මසක් ගෙයින් ගෙට වැඩමවා
පූජාසනයක වඩා හිඳුවා
පඬුරු මංජුසා පිරෙව්වා
අවසන් දිනය මහ පෙරහරින්
වයින් මුදලාලිගේ හිස මතින්
පන්සලට ගිහින් කැබැලි වී
අරහත් ධජය මැව්වා
"කඨිනං අත්ථරීතුං - ඒසා ඤත්ථි"
ඒ මහා පින්කඳ - මා නිසා සිල්වත්ය
ගුණවත්ය, බලවත්ය (ධනවත්ය)
මා ළඟින් අදත් ඔබ සිටියාට
මොහොතකින් යළිත් යයි අල්මාරියට
මල බැඳෙන තුරු පාත්තරය
දිරා යන තුරු දැලි පිහිය
සැරි සරනු ඇත මිතුරේ
මේ බිය ජනක සසරේ...
ඔය හිතේ
සිතුවිලි අතර හිදැසක්
රික්තයක් දැක්ක
එහෙ මෙහෙ යන උඩු සුළං
මල් පිටින් අතු ඉති කඩාගෙන
ඇවිත්
ඒ හිදැස පුරවන්න බැරි නෑ
අතැඟිල්ලක
මුදුවක් තිබුණ නිසා
මං ඒ හිදැස මඟහැරියෙ....
ඉතින් රැක ගන්න
පැණි කුරුලු කිචිබිචිය
ළඟදීම තවත් පුංචිම හොටක්
එනව ඔයාගෙ කූඩුවට
ඉතින් අර හිදැස
වසාලන්න.... දොරගුළුලන්න
යතුර දෙන්න
හිමිසඳුට
පමණක්ම...
හාවීමක් නැති
ස්නේහයක්...
හිමි වීමක්
අහිමිවීමක් නැති
සුළඟ දිගේ
සුවඳ ගෙනා
මලක්...
සෙනේ මුසු බත් පතක් මගෙ අතට දී බැතින
සොයා දුක සැප නිතර දෙවේලේ ළඟ රැඳින
දූ පුතුන් නිසි මඟට යොමා වෙහෙසී නිතින
අත්වැලක් වුණා නුඹ, සොඳුර මා පැතු ලෙසින
පුරා අඩ සියවසක් දරා දුක සැප සොඳින
ගෙවා අප පැමිණි මඟ ඉතා සුන්දර නොවින
ලිහී අත්වැල දිනෙක හුදකලා වන බැවින
ගෙවාලමු ජීවිතේ නොතිර බව දැන හැදින
එකට සෙනෙහෙන් බැඳී පැද ගියද දිවි ඔරුව
සසර සයුරේ නිමක් නැත කිමද මේ බොරුව
මේ තරම් දික් ගැසුණු සංසාර ගනුදෙනුව
නිමා කළ යුතු නොවෙද? ඉතින් දැන්වත් සොඳුර
මහා වැස්සක් අරන් ආ ඔබ
බමර වටයක් කැරකුණා
ගහේ සේපාලිකා අතු ඉති
ඔබෙ දෙපා මුල වැළපුණා
අපේ කප්රුක කැරකි කැරකී
ඔබේ තාලෙට එක්වුණා
හූල්ලා වැටි ගොයම නාඹර
අනෝරාවට යටවුණා
ගෙයි පියස්සේ තෙමි තෙමී මා
ඔබේ රිද්මෙට එක්වුණා
ඒත් ආයෙත් එපා එන්නට
ගමම බිය වී අඬනවා
ගමම බිය වී අඬනවා
ශ්‍රී ලංකාවේ රියැලිටි වැඩසටහනක අවසන් අදියරකදී ඉවත්වී ගිය තරගකරුවකුගේ සිතිවිල්ල...
හීන අරගෙන පෝලිමට
පායපු සඳ රෑ අහසට...
තීන්දුවක් සමඟ පැමිණ
සඳ වැටුණි වැසි අඹරට...
හිතාගන්නවත් බැරි නිමේෂයක
නොසිතූ විලසට කඩවුණාට
ඔබ නිසා බැබලුණු සඳකි මම
අහිමි වූ සිහිනය...
සංක්ෂිප්තබව මේ කවියේ කැපී පෙනෙන ගුණයයි. සිහිනයක් බොඳ වී ගියද එතුළ ජීවත් වූ සමයේ කතානායිකාව විඳි සතුට එය බිඳුණු පසු සිතිවිල්ලද සංකල්ප රූප මඟින් පවසයි. සඳ වැටුණි වැසි අඹරට නිදසුන්ය.
අඩසිය වසකට ආසන්න කාලයක් තිස්සේ දුවට, මවට හා මිත්තනියට ළබැඳි පවුලේ මිතුරිය වූ තරුණී තව තවත් තාරුණ්යයේන් ඔප වී පෙරගමනේ....
[email protected]
[email protected]
011 2 429 429
අන්තර්ජාල දැන්වීම් : (+94) 112 429 315
Nuwan : +94 77 727 1960