දිගට අඳින්න කැමැති ළඳුන්ට ක්‍රොස් ඕවර් විලාසිතාවක්

පෙබරවාරි 5, 2020

ලස්සන ලස්සන ගවුම් විලාසිතා අඳින්නයි දැන් කාලයේ ළඳුන් කැමැත්තක් දක්වන්නේ. ඒ නිසාම මේ දිනවල සාප්පුවල මෙන්ම මඟ දෙපස ද විවිධ විලාසිතාවන්ට මැසූ ගවුම් සුලබ දසුනකි.

මේවායේ මිලත් බොහොම ඉහළයි. ඒත් ඔබ මැහුමට දක්ෂ ළඳක් නම් ඔබට ගැළපෙන ගවුම් විලාසිතා ඔබේම අතින් මසාගන්නට හැකියි. ඒ සඳහා අපෙන් ලැබෙන අත්වැලේ එක් පියවරක් තමයි මේ. අද අපි තිළිණ කරන්නේ ක්‍රොස් ඕවර් විලාසිතාවට මැසූ ලස්සන ගවුමක්. කහ පැහැති මුද්‍රිත රෙද්දකින් මසා තිබුණත් මේ ගවුම ඔබට කැමැති වර්ණ මුද්‍රිත රෙද්දකින් මසාගත හැකියි.

අවශ්‍ය රෙදි ප්‍රමාණය අඟල් 60 පළල රෙදි මීටර් 02 ක් පමණ

ඔබට වඩාත් පැහැදිලිවීම සඳහා ආදර්ශ මිමි සමඟ අවශ්‍ය වන මිමි සටහනක් පහත් දක්වමි. මෙම සියලු මිමි අඟල්වලින් දැක් වේ.

 

* පපු වට මිම්ම 32රැ 4 = 8 + 1 = 9

* උරහිස් දිග 14½ රැ 2 = 7¼

* කර වට මිම්ම 12 රැ 4 = 3

* කිහිලි වට මිම්ම 15 රැ 2 = 7½

* උරහිස සිට ඉණ දක්වා උස = 16

* ඉණ සිට සායේ උස = 33

* ඩාට් අතර පරතරය 7 රැ 2 = 3½

පිටුපස

අපි පළමුව පිටුපස පළුව ලකුණුකර කපාගන්නා ආකාරය බලමු.

* සායේ උස ප්‍රමාණයට රෙදි කොටසක් කපාගන්න.

* ඉතිරි රෙදි කොටස ගෙන පළමුව පිටුපස පළුව පහත ආකාරයට අඳින්න.

* නැම්මේ කෙළවර සිට ඉණ දක්වා උස ලකුණු කරන්න. ඒ ලෙස දක්වා ඇත.

* ඒ සිට සාදාගත් පපුව මිම්ම ප්‍රමාණයට එනම් අඟල් 9 දිගට හරස් රේඛාවක් අඳින්න. එම ලක්ෂ්‍යය ඕ ලෙස දක්වා ඇත.

 

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා

එන්. සොමිරත්න

 

2020/02/05 තරුණි බලන්න