මංගල උත්සවය සෞඛ්‍යාරක්ෂිතව ගත්තොත් හැමෝම ආරක්ෂිතයි

ඒ සඳහා පනවා ඇති නව නීති රීති
ජුනි 10, 2020

අතීතයේ පටන්ම ශ්‍රී ලාංකේය අපි ආගමික, සංස්කෘතික සබැඳීයාවන්වලට නිසි වටිනාකමක් ලබා දෙන්නෙමු. චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් වලට මුල්තැනක් ලබා දෙන්නේ එබැවිනි. විශේෂයෙන් විවාහ මංගල්‍යයක් සිදු කිරීමේදී වෙනත් උත්සවවලට නොදෙවැනි ප්‍රමුඛතාවක් චාරිත්‍රවලට හිමි වේ.

මේ නිසාම විවාහ මංගල්‍යයක් සිදු කිරීමේදී මනාල පාර්ශ්වයේත් මනාලියගේ පාර්ශ්වයේත් හතරපේරුව නියෝජනය කිරීමක් සිදු වේ. ඒ අතරට යහළු හිතමිත්‍රාදීනුත් එක් වේ.

බුලත් කොළයකින් මංගල ඇරැයුම් පතකින් විවාහ මංගල්‍යයට ආරාධනා ලැබ පැමිණෙන පිරිස තුන්සියය හාරසීය ඉක්මවා යන්නේ මේ නෑදෑ යහළු මිත්‍ර පිරිස නිසාය. ඒ කොහොම නමුත් 2020 මංගල උත්සවය ගන්න බලන් සිටි තරුණ තරුණියන්ට තම මංගල ඇරැයුම ඉදිරි මාස කීපය තුළ සීමා සහිත පිරිසක් අතට පමණක් ලබා දෙන්නට සිදු වේ. ඒ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙන නීති රීතිවලට යටත්වය. අපි දැන් ඒ නව නීති රීති මොනවාදැයි බලමු.

  • උත්සව ශාලාව කෙතරම් ඉඩ තිබුණත් අමුත්තන් 100ක් පමණක් සහභාගී කළ යුතු වේ.
  • මනාල යුවළට සුබ පැතීමට පැමිණි අමුත්තන් ඔවුන්ව සිප වැළඳ ගැනීම නොකළ යුතුයි. එහිදී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් පමණක්ම සුභාශිංසන කළ යුතු වේ.
  • උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් මුඛ ආවරණ පැලඳිය යුතුයි.
  • අමුත්තන් ශාලාවට ඇතුළු වීමට පෙර සියලු දෙනාගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම විශේෂයෙන් කළ යුතුයි. එහිදී ශරීර උෂ්ණත්වය 37ඛ්ෟ විය යුතුය.
  • ශාලාවට ඇතුළු වන ස්ථානයේ ජල කරාම සවිකර තිබිය යුතුයි.
  • උත්සව ශාලාව තුළ අමුත්තන් ඇතුළු පිරිස මීටරයක දුරකින් සිටිය යුතුවේ.
  • මංගල උත්සවය පැවැත්වීමට පෙර සහ පසුව ශාලාව මෙන්ම සියලු උපකරණ ජීවානුහරණය කළ යුතුයි.
  • එමෙන්ම වීදුරු, පිඟන්, හැඳී ආදිය අමුත්තන් අතර හවුලේ භාවිත නොකළ යුතු අතර බුෆේ හෝ ස්වයං සේවා ආකාරයට ආහාර බෙදාදීම සඳහා හෝටල් සේවකයකු පත් කළ යුතුයි.
  • මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ කණ්ඩායම් වශයෙන් එක් වී ජායාරූප ගැනීමද තහනම් බවයි.

 

උපදෙස්:-

විශේෂඥ වෛද්‍ය

රුවන් විජයමුණි

(ප්‍රධාන වෛද්‍ය නිළධාරි කොළඹ මහ නගර සභාව)

 

ස්තුතිය:- කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (කොටුව ) ලාල් කුමාර මහතාට