තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 14, අඟහරුවාදා 12:54

රුවට බලපෑම් කරන ආර්ථවහරණය විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
කාන්තාවකගේ ජීවිතය පිරිමියකුගේ ජීවිතයකට වඩා සංකීර්ණ ය. එය ඇගේ බාහිර ස්වරූපයට මෙන්ම සිරුරේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට ද පොදු ය.

 

මේ හේතුව නිසාම කාන්තා සිරුරක් නිරන්තරයෙන් ම වෙනස්වීම්වලට බඳුන් වේ.

දැරියක ලෙස ඉපිද ළමා විය ඉක්මවා නවයොවුන් වියට පිවිසෙන යෞවනිය තවත් අවුරුදු කිහිපයකින් තරුණියක බවට පත්වේ. තරුණ වියෙන් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවමින් මැදිවියට පා තබන ඇයගේ සිරුර මේ හැම අවධියක දීම වෙනස් වීම්වලට බඳුන් වේ. ඉන්පසුව සිදුවන බරපතලම වෙනස්වීම සිදු වන්නේ මැදිවියෙන් වැඩිහිටි වියට පා තබද්දී ය.

එය ආර්ථවහරණයයි. ආර්ථවහරණය සිදුවන කාලයේ දී සිරුරේ හෝමෝන වෙනස්වීම් ද සිදුවන අතර එයින් සිරුරට සිදුවන අයහපත් බලපෑම් ගැන කාන්තා ඔබ දැනුවත් විය යුතුය. මන්ද එවිට ඒ සඳහා කළ යුතු ප්‍රතිර්ම ඔබට සිදු කළ හැකි බැවිනි.

සිරුරේ ඇතිවන වෙනස්කම්

සාමාන්‍යයෙන් වයස අවුරුදු 50-55 වන විට කාන්තාවකගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී අවසානයේ දී ඔසප් චක්‍රය නතර වේ. මෙම කාලය ආසන්නයේ දී සිදු වන වෙනස්වීම් ලෙස,

* පිටවන ඔසප් රුධිරය අඩු වීම

* මුහුණ රතු වීම

* නිතර දහදිය දැමීම

* හෘද ස්පන්දනය වැඩි වීම

* අධික තරබාරුව

* මහන්සි ගතිය

* නිතර කේන්ති යාම

* හිසරදය

* නින්ද නොයාම

* මානසික අසහනය

* සමේ රැලි ඇතිවීම

* සම වියළීම

* ඇස් යට කළු වීම, රැලි ඇතිවීම

* සම අවපැහැගැන්වීම

ප්‍රතිකාර හා සත්කාර

මේ සඳහා කළ යුතු ප්‍රතිකාර හා සත්කාර පහත දැක්වෙන පරිදි සිදු කළ හැකිය. එමඟින් මෙම තත්ත්වයන් වළක්වා ගත හැකියි.

* පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීම

* තෙල් ආහාරවලින් වැළකීම

* ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදීම

* නිතර නිතර ජලය පානය කිරීම

* කැල්සියම් අඩංගු ආහාර ගැනීම

* පලතුරු හා කොළ වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම

* සතියකට තෙවරක්වත් කොළකැඳ පානය කිරීම

* දිනපතා එළකිරි පානය කිරීම

* උදෑසන හිස්බඩ අරළු ගෙඩියක කුඩු මීපැණි හා එළඟිතෙල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්න.

* නෙල්ලි ගෙඩි 4ක කුඩු මීපැණි සහ එළඟිතෙල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්න.

* හාතවාරිය අල, පෙනෙල කොළ

ආදියෙන් කැඳ සකසා

පානය කරන්න.

* බණ භාවනාවල යෙදෙන්න.

* අස්වැන්න තම්බා පානය කරන්න

* තෙල් සම්බාහනය සිදු කරන්න

* අරත්ත අල කුඩු, මීපැණි හා එළඟිතෙල් සමඟ මිශ්‍රකර තේ හැන්දක් පානය කරන්න

* නිතර නිතර සාරණ ආහාරයට එකතුකර ගන්න

මෙවැනි ප්‍රතිකර්ම සිදු කිරීමෙන් ඔබට ආර්ථවහරණය සිදු වීමෙන් පසුව වුවත් සෞඛ්‍ය සම්පන්න මෙන්ම තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

   

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

1640 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 12:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න