තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:55

පියයුරුවල වෙනසක් ඇත්නම්..... විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(2 මනාප)
ජාතික රෝහලේ 17 කාමරයේ පියයුරු සායනයට එන්න

 

 

ලලනාව සතු සුන්දරත්වය අතරට, පිරිමි පාර්ශ්වයේ ආකර්්ෂණය නොඅඩුව දිනාගන්නට ඈ සතු පියයුරු යුගල එකහෙලාම බලපානු ඇත. එවන් වූ අංගයක් පිළිකාවක් බවට පත්වුවහොත් ඇය කෙතරම් අපහසුතාවකට පත්වේවිද?

මේ ඒ සඳහාම වූ අපූර්වතම තැනකි. කොළඹ ජාතික රෝහලේ නොම්මර 17 දරන කාමරයේ පිහිිටි පියයුරු සායනයයි.

සෑම බ්‍රහස්පතින්දාම

සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 7.15 සිට සායනය ඇරඹේ. රෝගීන් බොහොමයක්ම උනන්දුවෙන් සහභාගිවීමත් වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය ඉතාමත් යුහුසුළුව කටයුතු කිරීමත් මෙහි එන ඕනෑම කෙනකුගේ නෙත ගැටෙන දසුනකි. මානසිකව ඇදවැටෙන රෝගීන්ගේ සිතට සහනයක් ගෙන දෙමින් කටයුතු කරන වෛද්‍යවරුන්ගේ මුවින් හැමවිටම පිට වනුයේ ධනාත්මක සිතිවිලි ය. එහෙයින් සායනයෙන් පිටව යන්නේ සායනයට සහභාගි වූ රෝගියා නම් නොවේ.

කාන්තාවන්ට වැලඳෙන පිළිකාවන් අතරින් පියයුරු පිළිකාව ඉදිරියෙන්ම සිටියි. පියයුරේ කුමනම හෝ වෙනසක් ඇත්නම් මේ සායනයේ පිහිට පැතීමට අවස්ථාව තිබේ. ජාතික රෝහලේ බාහිර රෝගී සායනයේ යොමු කිරීමක් හෝ කිසියම් වෛද්‍යවරයකුගේ යොමු කිරීමක් මත ඒ සඳහා සහභාගි විය හැකිවේ. නාරාහේන්පිට පිහිටි පිළිකා හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණෙන රෝගීන් යොමු කරනුයේ මෙම සායනය වෙතයි. ඒ හැරුණු විට ඔබේ පවුලේ වෛද්‍යවරයාට වුව ජාතික රෝහලේ පියයුරු සායනය සඳහා යොමු කිරීමක් කළ හැකියි. මීට අමතරව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට මහජන සෞඛ්‍ය නිලධාරිතුමාට මෙම යොමු කිරීම කළ හැකි වේ.

මෙම පියයුරු සායනයේ නියමුවා සහ අදටත් එහි ප්‍රධානියා ලෙසින් කටයුතු කරනුයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් ද සිල්වාය. එතුමන් යටතේ වෛද්‍යවරුන් 15 ක් පමණ හා හෙද නිලධාරීන් ඇතුළු සෙසු කාර්යමණ්ඩලය දසදෙනකු පමණ සිටිමින් මුළු සායනයම මෙහෙයවයි.

බ්‍රහස්පතින්දා දිනවල උදේ 7.00 ට සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ නිලධාරිනියක විසින් පියයුරු සම්බන්ධ විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳ දේශනයක් පවත්වයි. සායනයට සහභාගිවීමට පෙර රෝගීන් මනා ලෙස දැනුවත් කිරීම මෙහි අරමුණයි. පියයුරු සම්බන්ධ රෝගයක් නොමැති කෙනකුට වුව ඉන් හොඳ දැනුමක් ලැබේ.

දේශනයෙන් පසු සායනය ඇරඹේ. එහිදී සෑම රෝගියකුම ඉතා හොඳ පරීක්ෂාවකට ලක්වන අතර රෝගීන් කොපමණ සංඛ්‍යාවක් පැමිණියත් සියලු රෝගීන් පරීක්ෂාවට ලක් වේ. දිනකට අලුත් රෝගීන් පමණක් පනස්දෙනකු පමණ සහභාගි වනඅතර රෝගීන් සියදෙනකු පැමිණියහොත් ඔවුන් සියලුදෙනාම පරීක්ෂාවට ලක්කරයි.

මැමෝග්‍රෑම් සහ අල්ට්‍රා සවුන්ඩ්

පිළිකාවක් ඇතැයි සැකයක් ඇති වුවහොත් එවෙලේම මැමෝග්‍රෑම් පරීක්ෂණයක සහ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සිදු කෙරේ. සායනය සඳහා සහභාගිවන සියලු රෝගීන් මෙම පරීක්ෂණ සඳහා සහභාගි කරවීමට රෝහල සතුව පහසුකම් නොමැතිය. එහෙත් අත්‍යවශ්‍ය රෝගීන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නම් වෛද්‍යවරුන් කිසිසේත්ම නොපැකිළෙති. බයොප්සි පරීක්ෂණ සඳහා යැවීම ආදිය සිදු කොට බ්‍රහස්පතින්දා සායනය සඳහා පැමිණෙන රෝගීන්ගෙන් ශල්‍යකර්ම සඳහා භාවිත කළ යුතු රෝගීන් හඳුනාගෙන එම රෝගීන් පිළිබඳ කතිකාවතක් පවත්වන්නේ ඊට පසු සතියේ බදාදා දිනය. ඒ සඳහා රෝගියා ගේ රෝග නිර්ණයට අදාළව කටයුතු කරන සියලු කණ්ඩායම් පැමිණේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් ද සිල්වා ප්‍රමුඛව සායනය මෙහෙයවන වෛද්‍ය කණ්ඩායම පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් (ර්‍ණදජධතධඨඪඵබ) ව්‍යාධි වෛද්‍යවරුන් (ර්‍ථචබඩචතධඨඪඵබ) විකිරණ වෛද්‍යවරුන් (අචඤඪධතධඨඪඵබ) සහභාගි වේ. එළැඹෙන සතියවන විට ශල්‍යකර්ම සඳහා ලක්කරන්නේ ද යනාදී සියලු අවස්ථා හඳුනා ගෙන ක්‍රියාත්මක වේ. මෙම සාකච්ඡා වටය පවත්වනුයේ රෝගියාගේ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු සායනික වාර්තා ද අතැතිව ය.

දහස් ගණන් වැය කොට පෞද්ගලික රෝහලක දී හෝ කරගත නොහැකි අන්දමේ විශිෂ්ට සේවාවක්,. ඉතා කඩිනමින් සිදුවන සායනයකි මේ.

මවට, වැඩිමල් සොයුරියකට පියයුරු පිළිකාවක් තිබුණේ නම් එවැනි පවුලක සිටින සෙසු සහෝදරියන්ට, දුවණියන්ට එම සායනය සඳහා කිසිදු යොමු කිරීමක් නොමැතිව හෝ සහභාගිවීමේ අවස්ථාව ඇත.

ඉක්මන් ශල්‍යකර්ම

රෝගය හඳුනාගෙන ශල්‍යකර්මය ඉක්මන් කිරීම මෙම සායනයේ ඇති සුවිශේෂත්වයයි. පළමු ප්‍රතිකර්මය ලෙස එය සිදුවන අතර ඉන්පසු කරන්ට් ඇල්ලීම, කීමෝ ප්‍රතිකාර සඳහා මහරගම පිළිකා රෝහල වෙත යොමු කිරීම සිදුවේ.

පියයුරු පිළිකාවක් යැයි හඳුනාගත් පසු ශල්‍යකර්මයකින් පියයුර ඉවත් කිරීමට වෛද්‍යවරුන් හැම විටම උත්සාහ නොගනී. ශල්‍යකර්මයෙන් පසු සියයට සියයක්ම නිරෝගී ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හිමිවන රෝගීන් ද ඕනෑතරම් සිටියි.

පියයුරේ පිළිකාවක් නොවන සාමාන්‍ය ගෙඩියක් තිබුණ ද ඒවා පවා ඉවත් කරදේ. මීට අමතරව විශාල පියයුරු ඇතිව එදිනෙදා ජීවිතය පවා අපහසුවෙන් ගත කරන පිරිස් සිටියි. විශාල පියයුරු නිසා ඔවුන්ගේ පිට ප්‍රදේශය වේදනාකාරීය. කායික අපහසුතාවලට අමතරව ඔවුන් මානසික අපහසුතා ද විඳියි. මෙවැනි කතුන්ගේ ද පියයුරුවල අනවශ්‍ය මේදමය කොටස් ඉවත් කොට ශල්‍යකර්මයකට ලක් කරමින් සාමාන්‍ය පියයුරු යුගලක් ලබාදේ.

පිරිමි ළමුන්ට විශාල පියයුරු

පියයුරු පිළිකා පිරිමි පාර්ශ්වයටත් වැලඳේ යැයි කීවොත් ඔබට පුදුමත් හිතේවි. ඔවුන් පවා මෙම සායනයේ දී පරීක්ෂාවට ලක් වේ.

මීට අමතරව ගැහැනු ළමයින්ගේ මෙන් විශාල පියයුරු ඇති පිරිමි ළමයින් සිටියි. ඔවුන් ඇඳුමක් හෝ නොගලවන තරමට මානසිකව ඇදවැටෙයි. 'ගයිනෝකොමෙස්ට්‍රියා' නම් වූ මෙම තත්ත්වය සඳහා ද මෙම සායනයේ දී පිළියම් යෙදේ.

1147 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න