තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ඔක්තෝබර් 17, බදාදා 16:17
නව යුවතිපතීන්ගේ ප්‍රථම රංගනය හැමෝටම අභිමානයක් කරගන්න මොකද ඔයා බර කල්පනාවක..... මධුගෙ වෙඩින් එකට යනවද නැද්ද කියල.....අනේ..... එහෙම කොහොමද? එයා මොනතරම් වියදමක් කරලද ඔය වෙඩින් එක ගන්නෙ..... මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ? නැ අනේ ඔයාට මතකනේ චතුරිගෙ බර්ත්ඩේ පාටි එකට ගිහින් හැමෝම ඩාන්ස් කළා. අපි දෙන්න විතරක් ඔහේ බලාගෙන හිටියා..... මෙවැනි අඹුසැමි සංවාද අද බොහෝවිට සිදුවෙනවා.....
2012 ජූනි 27, බදාදා 16:03
විවාහ මංගල උත්සවය කියලා කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම දවසක්. තුරුණු වියට පත් වනවාත් සමඟම තමන්ගේ විවාහ මංගල දිනය කැපී පෙනෙන ලෙස උත්කර්ෂවත් අන්දමින් සිදු කර ගැනීමට හැම දෙනාම හීනමවනවා. අනාදිමත් කාලයක සිට ලංකාවේ පැවත එන විවාහ චාරිත්‍ර හා එක් වූ නවීන අංග අතර නර්තනාංගයන්ටත් හිමිවන්නේ සුවිශේෂී වැදගත් බවක්. විවාහ මංගල උත්සවයකදී සිදු කරනු ලබන සෑම චාරිත්‍රයකින්ම අපේක්‍ෂා කරන්නේ විවාහපත් වන යුවළට ආශිර්වාදය ලබා දීමයි. මංගල දිනයේදී පවත්වනු ලබන නර්තනාංගනයන්ගෙනුත් මේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා.