ප්‍රෝෂන් ඩයි ක්‍රමය (Reactive Dye )

මැයි 5, 2021

 

බතික් කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් කරන මේ පාඩම් මාලාවට පාඨක ඔබෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළය.

මේ වන විට අප බතික් කලාවේ ප්‍රධාන ක්‍රම තුනෙන් දෙකක්ම ඉගෙන ගෙන අවසන්. ඒ ඒ ක්‍රම වලින් නිර්මාණ කරගන්නා අන්දමත් ප්‍රායෝගිකව අත්හදා බලන්නට අප ඔබට කියා දී අවසන්. දැන් ඔබට තිබෙන්නේ ඔබේ නිර්මාණශීලී බව උපයෝගී කරගෙන අලුත් අලුත් නිර්මාණ අත්හදා බලන්නටයි. එවැනි අවස්ථාවක ඔබට කිසියම් ගැටලුවක් පැන නැඟුණ හොත් කතා කරන්න අපට. අප ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ බතික් කලාවේ ඇති ප්‍රධාන බතික් ක්‍රම තුනෙන් අවසාන ක්‍රමය වන ප්‍රෝෂන් ඩයි බතික් ක්‍රමය පිළිබඳවයි. මේ ක්‍රමය ඉතාමත් පහසු බතික් ක්‍රමයක් වන අතර මේ ක්‍රමයෙන් ඉතාම වර්ණවත් පැහැයන් සහිත නිර්මාණ කිරීමට හැකිය. එසේම වඩාත් ලාභදායි බතික් ක්‍රමය වන්නේද මේ ක්‍රමයයි.

අතීතයේදී මේ ක්‍රමයේදී විවිධ ක්‍රම යොදා ගත් නමුත් අද අපි වඩාත් පහසුදායක ක්‍රමයක් හඳුන්වා දෙන්නෙමු. ඒ අනුව අද කුඩා දරුවකු වෙනුවෙන් කොට්ට උරයක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව දැන් දැනුවත් වෙමු.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.

*ප්‍රෝෂන් ඩයි ග්‍රෑම් 10ක් (10 g) ( ඔබගේ

කැමැත්ත පරිදි ඕනෑම ප්‍රෝෂන් ඩයි වර්ගයක්)

*කෝස්ටික් සෝඩා ග්‍රෑම් 15ක් (15g)

*ලුණු ග්‍රෑම් 150ක් (150g) (Industrial Salt  /කැට ලුණු )

*ඇසිටික් ඇසිඩ් මිලි ලීටර් 10ක් (10 ml)

* වී අයි පී (VIP) මිලි ලීටර් 5ක් (5ml))

* කොට්ට උරය මසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයේ රෙදි කැබැල්ලක්

 

නිර්මාණය කරන්නේ මෙහෙමයි.

 

පළමුව රූප සටහනේ දැක්වෙන පරිදි රෙදි කැබැල්ල ගෙන ඔබට අවශ්‍ය රූපය පිටපත් කර ගන්න.

පසුව රූපය ඉටි කරගත යුතුයි. ඉන් පසුව ඉටිකරගත් රෙදි කැබැල්ල ජලයේ හොඳින් පොඟවා ගන්න.

 

ඩයි සකස්කර ගන්නේ

මෙහෙමයි.

මඳ උණුසුම් ජලයෙන් ඩයි දියකර ගන්න. කුඩා රෙදි කැබැල්ලක් බැවින් බාත් එක සාදා ගැනීම සඳහා ලීටර් දෙකක ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම ජලයට ලුණු ග්‍රෑම් 150 (150ඨ) දමා හොඳින් දියකර ගන්න.

පසුව එයට ඍධ්ර්‍ථ මිලි ලීටර 5 ද (5 ml) දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ඩයි ග්‍රෑම් 10 (10 g) දමා හොඳින් මිශ්‍රකර ගන්න.

 

නිර්මාණය ඩයිකර ගැනීම

ඉහත සාදාගත් ඩයි ලීටර දෙකකින් යුතු ජල ප්‍රමාණය සහිත බාත් එකට නිර්මාණය සහිත රෙදි කැබැල්ල දමා විනාඩි 20ක් පමණ හොඳින් අතගාන්න.

පසුව කෝස්ටික් සෝඩා ග්‍රෑම් 15 (15ඨ) මඳ උණුසුම් ජලයේ දියකර ගන්න. දැන් බාත් එක තුළ ඇති නිර්මාණය එළියට ගෙන කෝස්ටික් සෝඩා ද්‍රාවණය දමා හොඳින් මිශ්‍ර කරන්න.

දැන් නැවතත් නිර්මාණය බාත් එකට දමා විනාඩි 30 - 40 පමණ කාලයක් නිර්මාණය පිරිමදින්න. කාලය අවසන් වූ පසු නැවතත් නිර්මාණය දිය බේරෙන්න තබන්න.

පසුව එම නිර්මාණයේ ඉටි ඉවත් කර ගත යුතුයි. ඒ සඳහා හොඳින් රත්වූ උණු ජලයේ නිර්මාණය දැමිය යුතුය. ඒ සඳහා ජලය හොඳින් උණු කරගත යුතු අතර (ජලය උණු වන තෙක්) වෙනත් බාත් එකකට ජලය ලීටර් 2ක් දමා එයට ඇසිටික් ඇසිඩ් මිලි ලීටර 10 දමා හොඳින් මිශ්‍ර කර ගන්න. උණු ජලයේ බහා නිර්මාණයේ ඉටි ඉවත් කරගත් සැණින් ඇසිටික් ඇසිඩ් දැමූ බාත් එක තුළ නිර්මාණය විනාඩි 15ක් තබා ගන්න. පසුව නිර්මාණය සාමාන්‍ය ජලයේ සබන් ගා සෝදාගෙන මඳ පවනේ වියළා ගන්න.

අවසානයේදී නිර්මාණය කළු පාටින් ඇඳ නිමා කරගත යුතුය. (Out line) දැන් කොට්ට උරයක් ලෙස මසා නිම කර ගන්න.

 

 

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik  ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා