දුවගේ කාමරයට ලස්සන හැඩයක්

හරියටම කතිර මහමු
සැප්තැම්බර් 9, 2024

 

නීල අාකාසේ, සත් සමුදුර, වෙරළ තීරය මේ දිස්වන්නේ සැන්දෑ කාලයේ සොඳුරුතම චමත්කාරයයි. එහි සුන්දරත්වය අත්විඳින ඇය පුංචි දැරිවියකි. ඇගේ තනි නොතනියට බලු පැටවෙක්. මෙවැනි නිර්මාණයක් කතිර රටාවෙන් ගෙත්තම් කරගත හැකි අපූරුවයි ඔබට තිළිණ කරන්නේ. යෙහෙළියගේ උපන්දින තිළිණයක් ලෙසින් හෝ ගෙට ගෙවදීමේ උත්සවයකට බිත්ති සැරසිලි තිළිණයක් ලෙසින් මේ කතිර රටාව නිර්මාණය කර ගත හැකියි.

 

එසේම හුදෙකලාවට ආදරණීයව ආදරය කරන ඔබට කදිම ගෙත්තමකි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18 සිට 26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණයේ කපු කැරැලි නූල්

කතුරක්

රාමුවක්

 

නිර්මාණය කිරීම

 

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව කොටු ගණන් කරමින් ගෙත්තම් කළ හැකි බව ඔබ මේ වන විටත් දන්නවා. එබැවින් කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේ නිර්මාණය අඟල් 12 ය 17.9 ප්‍රමාණයේ එකකි. එබැවින් අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි භාවිත කිරීම යෝග්‍යයි.

 

විවිධ වර්ණයේ කපු කැරැලි නූල් භාවිතයෙන් ඉතාමත් සුන්දර මෙවැනි දර්ශන ගෙත්තම් කර ගත හැකියි.

 

ඔබ මෙම කතිර මැසීම සිදු කිරීමේදී නූල් තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබර ලෙස පවත්වාගෙන යාමට තරම් ඔබ දක්ෂ විය යුතුයි. එසේම මෙවැනි කතිර රටාවක් නිර්මාණය කිරීම මනසට සුවගෙන දෙනවා යැයි විශ්වාසයෙන් කිව හැකියි.

 

ඔබට කතිර රටා ගෙත්තම් කිරීමට අවැසි ඕනෑම නිර්මාණයක් ලබාදීමට අප සූදානම් 0112 429591 දුරකථන අංකයෙන් අපව අමතන්න.

 

නිර්මාණය -

අැපල් ත්‍රෙඩ් කම්පැනි

ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්‍යක්ෂිකා යමුනා දර්ශනී