තුති මල් මිටක්!

ජූලි 17, 2019

පසුගිය 09 වැනිදාට යෙදුණු ‘තරුණී’ 50 වැනි උපන් දින උත්සවය ඉතා චාම්ව එහෙත් අභිමානවත්ව අපි සැමරුවෙමු.

මෙම උත්සවයට වටිනාකමක් එක් කරන්නටත් එය වර්ණවත් කරන්නටත් අපේ ආරාධනයෙන් ලේක්හවුස් මන්දිරය වෙත විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්, සුවිශේෂී ආරාධිත අමුත්තන් ලෙසින් පැමිණි පිරිස බොහෝය. ඒ අතර ශ්‍රී ලාංකේය අනන්‍යතාව දෙස් විදෙස්හි පතළ කළ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ, ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී රම්සි රහමන්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියන් වන දීපිකා ගුණසේකර, මානෙල් කොටුවේගොඩ, සුවීනීතා කොතලාවල, සුසිලා රත්නායක සහ හෂිනි ගුණසේකර, පතරොම් රහිත මැහුම් කලාව හඳුන්වා දුන් මැහුම් ශිල්පිනී ආචාර්ය ගීතා ද සිල්වා, ප්‍රවීණ මැහුම් උපදේශිකා සීතාදේවී වික්‍රමසිංහ, යන මහත්ම මහත්මීන් විය. නම් සඳහන් වූ හා නොවුණු ඔබ සියලුදෙනාමත් තරුණී හා බැඳී සිටින්නේ ගසට පොත්ත සේ යැයි හැඳින්වුවහොත් එහි වරදක් නැත. ඔබගේ නිර්මාණශීලීත්වයෙන් ලබාදුන් ශක්තිය ‘තරුණී’ මෙතෙක් පැමිණි ගමන් මඟට සැබෑම ශක්තියක් විය. ඉතින් ඔබ සියලුදෙනාගේ පැමිණීම අපිට මහත් ගෞරවයකි.

මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාළ, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කොමසාරිස් නදී දිසානායක, ප්‍රවීණ කලා ශිල්පී සහන් රංවල, ප්‍රවීණ නිවේදිකාවන් වන ඉඳුනිල් දිසානායක සහ සුභාෂිණී හේමමාලා,ඉවෙන්ට් මීඩියා ආයතනයේ සභාපති නිරෝෂා මෙන්ඩිස් ඇතුළු පිරිස ද අපට අමතක කළ නොහැකිමය.

එදා මෙදා තුර ගෙවී ගිය දශක පහ පුරාවට පත්තර මහගෙදර දියණිය වන ‘තරුණී’ ආදරයෙන් හදා වඩා පෝෂණය කළ කතුවරුන්, කතුවරියන් අතරින් අනුල ද සිල්වා, ගාමිණී සමරසිංහ හා ඇන්ටන් සැම්සන් යන මහත්ම මහත්මීන් ද තරුණී කර්තෘ මණ්ඩලයේ සේවය කළ ප්‍රබෝධනී ද සිල්වා, රේණුකා අල්විස්, ශ්‍රියා දික්කුඹුර යන මහත්මීන්ගේ සහභාගීත්වය ද මෙහි වටිනාකම ඔප්නංවන්නට සමත් විය.

දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ඇරැඹූ පුවත්පත් කලාවේ මහගෙදර ලේක්හවුස් ආයතනයෙන් 1969 ජූලි 09 වැනිදා බිහිවුණු ‘තරුණී’ හි පළමු කර්තෘ දිවංගත හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ මැතිතුමා ඇතුළු මේ වනවිට ජීවතුන් අතර නැති සුමනා සපරමාදු, පූජිත විජේතුංග, හේමා ගුණවර්ධන යන කතුවරුන් හා කතුවරියන්ට ස්තුති පූර්වකව පින් පෙත් පැමිණවීමට ද මෙය අවස්ථාවක් කරගන්නෙමු.

ලස්සන ෆ්ලෝරා අධිපති ලසන්ත මලවිගේ, ප්‍රවීණ සූපවේදිනී සුජාතා ජයරත්න, ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියන් වන කල්‍යාණි මුණසිංහ, ත්‍යාගි ගමගේ, නදීකා දිල්රුක්ෂි, මහීම ඇන්තූරියම් අධිපතිනි යාමිකා ගුණවර්ධන, ප්‍රවීණ සූපවේදී ඇලයින් ගැරයින්, ප්‍රවීණ මැහුම් උපදේශිකා කාන්ති බණ්ඩාරනායක, සිවිල් ඉංජිනේරු ගයාන් එරමුදුගොඩ, ගෘහ අභ්‍යන්තර අලංකරණ උපදේශිකා ආචාර්ය දිලිනි හල්විටිගල, ප්‍රවීණ මැහුම් උපදේශීකා නිශාන්ති රත්නායක, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියන් වන සුසී සමරසේකර, අරෝෂි කෞෂල්‍යා, කුමාරි දිසානායක, ප්‍රසංග කුමාර, කැදැල්ල හෝම්ස් අධිපති මහින්ද ඒකනායක අපේ මේ උත්සවය වර්ණවත් කරගන්නට ලබාදුන් සහයෝගය අපමණය. එසේම උත්සවය ආවරණය කළ සියළු විද්්‍යුත් මාධ්‍ය ආයතනවලට විශේෂ ස්තූතිය හිමිවෙයි.

ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලලිත් අලහකෝන්, අධ්‍යක්ෂිකා උමා රාජමන්ත්‍රී,

මූල්‍ය අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සන්නාම ප්‍රවර්ධන අංශයේ නිලධාරිනියන් වන මධාරා ද මැල්, මහේෂි නාරංගොඩ ඇතුළු පිරිස සහ දිනමිණ ප්‍රධාන කර්තෘ, සියලුම සිංහල ප්‍රකාශන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය ඇතුළු සියලුම පුවත්පත්වල කතුවර කතුවරියන් හා අංශ ප්‍රධානීන් මෙන්ම ලේක්හවුස් ආයතනයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් තරුණී කර්තෘ මණ්ඩලයේ විශේෂ ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නෙමු. ඉතින් අපත් සමඟ රැඳී සිටින ඔබට බොහොම ස්තූතියි.