ජීවිතේ රිටර්න් කළ බට්න් එක

COCO Before CHANEL
දෙසැම්බර් 5, 2022

 

දිරිය ගැහැනියකගේ කතාව

 

මේ අතරවාරේ ඔවුන් දෙදෙනාටම මල් හී සර විදින්න පටන්ගන්නෙ මල් දුන්නක් අතේ තියන් ඉන්න මල්සරා නෙවෙයි. රාත්‍රී සමාජ ශාලාවේ ඔවුන්ගේම ගීතවලට සවන්දීගෙන නර්තනයන් නරඹමින් උන්න පුද්ගලයන් දෙදෙනකුගෙන්.

අනාථ නිවාසයක නතරව සිටිනා දැරියකට හැඟෙන්නේ තමා පිටස්තර ලෝකයෙන් වෙන්වූ හු‍දෙකලා ඉතා සීමිත වූ වපසරියක සිටිනා බව පමණි. ඔවුන් නතරව හිඳිනා භූමිය සීමාසහිත වුව ද ඔවුන්ගේ සිත් ඈත අහසේ වලාකුළක පාව හෝ ඈතින් ඈතට යාමට වැඩි කල්වේලා ගතවන්නේ නැත.

 

නමුදු ඔවුන් වටා සැරිසරන හුදෙකලාව ඔවුනට නිතර දෙවේලේ සිත් පාරවන බව නම් නොරහසකි. Gabriell ට මෙන්ම ඇයගේ සොහොයුරිය වූ Adrienne ටද අන් දැරියන්ට මෙන්ම හුදෙකලාවේ වාසය කරන්නට සිදු වූයේ එවන් පරිසරයක් යටතේය. එහෙත් යම් තරමකට හෝ ඔවුන් දෙදෙනා සොහොයුරියන් වූ නිසාවෙන් එයින් මිදීමට හැකියාවක් ලැබුණා වන්නට ද පුළුවන. එහෙත් අනාථ නිවාසයේ රැඳී හුන් Gabriell ඉරිදා දවස පුරා බලාඋන්නේ තම පියා ඔවුන් බැලීමට පැමිණෙන තුරුය. නමුදු ඇයගේ බලාපොරොත්තුව කිසිදු දිනක මල්පලගන්වා ඇයගේ සිත සතුටින් තබන්නට පියා උත්සුක වූයේ නැත. Gabriell බලාපොරොත්තු වූ පරිද්දෙන් කිසිදු ඉරිදා දිනයක තම දැරියන් දෙදෙනා බැලීමට ඔහු නොපැමිණියේය.

 

පාළුව, කාන්සිය, හුදෙකලාව පිරුණු ලෝකයේ තම මාපියන් ද නොමැතිව Gabriell, Adrienne සමඟින් තම ළමාවිය ගෙවන්නට විය. ළමාවියේ පිරවීමට නොහැකි වූ බොහෝ හිස්තැන්වල කටුක වේදනාව දැනෙන්නේ තුරුණු වියේදීය. මාපියන් නොමැතිව ඔවුනගේ මඟපෙන්වීමක් නොමැතිව තුරුණු වියට පත් Gabriell තම ජීවිත ගමන් මඟ කවර හෝ අයුරකින් එළිපෙහෙළි කර ගැනීමේ අරමුණින් තමා ජීවත් වන ප්‍රදේශයේ අවන්හලක සේවය සඳහා එක් විය. දහවල් කාලයේ අවන්හලේ සේවය කරන ඇය තම නැඟණිය සමඟින් රාත්‍රී කාලයේ කැබරේ නාටිකාංගනාවක් ලෙසින් තම වෘත්තීය ගෙනයන්නට වූවාය. මේ අතරතුර කාලයේ තවත් විශේෂිත වූ කටයුත්තක යෙදුණාය. ඒ දිවා කාලයේ රංගන ශිල්පිනියන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කරමින්.

 

මේ අතරවාරේ ඔවුන් දෙදෙනාටම මල් හී සර විදින්න පටන්ගන්නෙ මල් දුන්නක් අතේ තියන් ඉන්න මල්සරා නෙවෙයි. රාත්‍රී සමාජ ශාලාවේ ඔවුන්ගේම ගීතවලට සවන්දීගෙන නර්තනයන් නරඹමින් උන්න පුද්ගලයන් දෙදෙනකුගෙන්. කොහොම වුණත් එක් පුද්ගලයෙක් බැරන් වරයෙක්. ඔහුගේ හිත ඇදිල ගියේ Adrienneට. Gabriell ගෙ හිත දිනා ගන්න සමත්වුණේ වංශාධිපතියකු වන බල්සන්. Gabriell Chanel විදියට හැමෝම හඳුන්වපු ඇයගෙ නම වෙනස් වෙන්න පටන් ගත්තෙත් මෙන්න මේ වෙලාවෙ. Gabriell, Adrienne සමඟ ගීතයක් ගායනා කරමින් සිටියෙ. පැරීසියේ අතරමං වෙන “Coco” කියන කුඩා බල්ලකු ගැන. “Coco” ඔව්,....මෙන්න මේ ගීතයත් එක්ක බල්සන් ඇයව හඳුන්වන්න භාවිත කරපු නම තමයි “Coco” මේ සියලු පෙම් සබැඳියාවන් පෑහීම්වලින් පස්සෙ Adrienne තමන්ගෙ ධනවත් පෙම්වතා සමඟින් විවාහ වන අතරෙ Cocoට ඒ අවස්ථාව ගිලිහිලා යනවා. මේ වෙන කිසි දෙයක් නිසා නොවෙයි බල්සන්ගෙ පවුලේ උදවිය ඇයව විවාහ කරගැනීම සම්බන්ධයෙන් තිබුණු බලවත් අප්‍රසාදය නිසා.

ඉතින් ඊට පස්සෙ මොනව වෙයිද? ඒ කතාව එතනින්ම ඉවරවෙලා ගියාද? නෑ ඒක එහෙම වුණේ නෑ. ඔවුන් දෙදෙනා විවාහ නොවුණත් ප්‍රේමවන්තයින් විදියට ජීවත් වෙන්න පටන්ගත්තා. දැන් ඇයට තමන්ගෙ පරණ ජීවිතයට සමුදෙන්න කාලෙ ඇවිත්. මේ නිසා ‘Coco’ බල්සන්ගෙ වතු යායට යන්න තීරණය කරනවා. ඇයගෙ ජීවිතයේ සියලු වෙනස්වීම් සිද්ධවෙන්න පටන්ගත්තෙ මෙන්න මේ වෙලාවෙ. වතු යායට ගියාට පස්සෙ ඇය අශ්වයන් පදින්න ඉගෙන ගන්නවා. ඒක ඇයට වෙනස් අත්දැකීමක්. ඇය තමන්ගෙ ස්වාධීනත්වය අගය කරන්න පටන්ගන්නෙ මෙතනින්. කාන්තාවක් විදියට ඒක ඇයට වඩා වැදගත්කමක් ගෙන දෙන්නක්. මෙන්න මේ වෙනකොට ඇය උත්සාහ ගන්නෙ කාන්තාවන්ට සරිලන විදියට කලිසම් නිර්මාණය කිරීම ආරම්භ කරන්න. එහෙම කළත් තම අදහස් ජනිත කිරීමට නම් ජනප්‍රිය කවර හෝ අංගයක් සම්බන්ධ කරගත යුතුම වෙනවා. Coco ට මේ සඳහා හොඳ පිළිතුරක් හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා. බල්සන්ගේ මිතුරන්ගේ මාර්ගයෙන් එමිලියන් නම් රංගන ශිල්පිනිය හමුවෙලා ඇයව මේ සඳහා සම්බන්ධ කර ගන්නවා. එතැන් පටන් Coco ඇය වෙනුවෙන් ගවුම් විලාසිතාවන් වගේම කාන්තා තොප්පි නිර්මාණය ආරම්භ කිරීමට පෙලඹෙනවා. මේ ඇයගේ ජයග්‍රාහි ආරම්භයත් සමඟින් තව තවත් ඇය නොයෙකුත් ආකාරයේ විලාසිතා නිර්මාණයන්ට පෙලඹෙන අතරේ දිගු ගවුම් වැනි විලාසිතාවන් සමඟින් කෙරෙන විවිධ විලාසිතාවන් අත්හැර දමා කෙටි සාය මඟින් ඇඳුම් නැවත නිර්මාණයට පෙලඹෙනවා. දැන් ඇය ජනප්‍රිය ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරන්නියක් බවට පත් වෙලා හමාරයි. මේ අතරවාරයේ ඇයගේ පවුල් ජීවිතය තුළත් එක් එක් ආකාරයේ පෙරළි සිදුවීම් ආරම්භ වෙනවා. ඇය තවත් ප්‍රේමයක බැඳෙන්නේ මේ වගේ කාලෙකදී. මේ ප්‍රේම අවුල ලිහාගන්නට හැකියාවක් ලැබේද? මේ ගැන ඔයාලට වැඩි වශයෙන් විස්තර දැනගන්න පුළුවන් වෙන්නෙ මේක බැලුවට පස්සෙ තමයි.

 

කොහොම වුණත් බල්සන්ගෙන් පසු තමා සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා හදිසියේ රිය අනතුරකින් මිය යාම ඇයගේ මනසට බොහෝ සෙයින් බලපෑම් කරන්න සමත් වෙනවා. ඉතින් මෙතැන් පටන් Coco මොනවිදියට ජීවිතයට මුහුණ දෙයිද? ඈ විලාසිතා නිර්මාණයන්ගේ ආරම්භ කළ ව්‍යාපාරය කවර ලෙසකින් ගොඩනඟා ගන්නට සමත් වේවිද? සරලවම කිවහොත් ඇයට කුමක් වේවිද?

 

මේ සියල්ල ඔයාලට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නෙ 2009 අප්‍රේල් 6 වෙනිදා තිරගතවුණු Coco Before Chanel චිත්‍රපටය නැරඹුවාට පසුවයි. මේ චිත්‍රපටය Coco chanel ලෙසින් Audrey Tautou රංගනයෙන් සම්බන්ධ වෙනකොට Adrienne ලෙසින් රංගනයෙන් සම්බන්ධ වෙන්නෙ Marie Gillain