ලග්න පලාපල

2021 පෙබරවාරි 03 සිට පෙබරවාරි 09 දක්වා
පෙබරවාරි 3, 2021

 

මේෂ ලග්නය

අයට වඩා වැය ඉහළ යයි

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා විශේෂයෙන් වෙනදාට වඩා සුපරික්ෂාකාරී ලෙස කටයුතු කළ යුතුය. තම ශරීර සෞඛ්‍යයට බලපාන අහිතකර බලපෑම් නිසා රැකියාවෙන් පවා දුරස්ථව සිටීමට සිදුවනු ඇත. තමාට පිහිටට සිටි බොහෝ දෙනෙකු දුරස්තවන බව පෙනේ. නමුත් සතිය අගභාගය වන විට ඒ සියලු අපහසුතා මඟ හැරෙනු ඇත. තම ඥාන ශක්තිය උපයෝගී කරගෙන ජීවිතයේ නව සැලසුම් කීපයක් සංවිධානය කර ගැනීමට හැකියි.

වෘෂභ ලග්නය

සාර්ථක පියවර රැසක්

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය දරු සම්පත් ලැබීමේ වාසනාව හිමිකර දෙන අතර සතිය ඉතා අවිවේකී භාවයට පත්වනු ඇත. පුන්‍ය කටයුතු රැසකටද සහභාගි වීමට ඔබට සිදුවන අතර දානමාන කටයුතු කෙරේ වැඩි කාලයක් කැප කිරීමටද සිදුවෙයි. තම දේපළ ඉඩකඩම් පිළිබඳ කිසියම් ගැටලු කීපයක් පැන නගින අතර තම ඥාති පාර්ශ්වයෙන් එල්ල වන විරෝධතා කීපයක් නිසා සිත් තැවුලට පත්වීමට ඔබට සිදුවේ. එහෙත් කිසිදා නොමැති ආත්ම ශක්තියක් නිසා කටයුතු සංවිධානය කිරීමේදී සාර්ථක පියවරවල් කීපයක් ගැනීමටද හැකියාව ඇත. ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා ගමන් කරනුයේ 05 06, 07, 08 යන ස්ථානවලයි.

මිථුන ලග්නය

ආර්ථික ලාභ

මිථුන ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීම නිසා ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීමට හැකිවේ. තම විවාහ ස්ථානගත අභිවෘද්ධියට කටයුතු උදාවේ. පිරිසක් සමඟ කෙරෙන විනෝද ගමනක් නිසා සිතේ සතුට උතුරායන සතියකි. කෙසේ නමුදු ඔබගේ පපුවේ මතුකෙරෙන අධික සෙම් තත්ත්වයක් නිසා අපහසුතා විඳීමට සිදුවන නිසා ජලාශවල, වැව් අමුණුවල බැස ස්නානය කිරීමෙන් වළකින්න. තම රැකියා ස්ථානගත සුබවාදී තත්ත්වයකින් මතු කෙරේ. උත්සාහය දැඩිව සිතට ගන්නා සතියකි.

කටක ලග්නය

දේපොළක හිමිකම්

කටක ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 03, 04, 05, 06 යන ස්ථාන පසුකරන නිසා දේපොළක උරුමයක් සමඟ සතිය ඇරැඹෙයි. ඒ ආකාරයෙන් නව ආර්ථික ප්‍රතිලාභද ඔබට හිමිවේ. වාහනයක් මිලදී ගැනීමටද ඔබට හැකිවනු ඇත. ඒ මොනදේ කළත් ඉතා සැලසුම් සහගත ලෙස කළ යුතුය. හේතුව සතිය අවසානයේ විවිධ ධන හානි හා වියපැහැදම් තත්ත්වය ඉහළ යාමට ඉඩ ඇති නිසාය. සතිය අවසානයේ යටි බඩ ආශ්‍රිත කිසියම් ආසාදිත තත්ත්වයක්ද පැන නැගීමට බොහෝ දුරට ඉඩ ඇත.

සිංහ ලග්නය

සුවිශේෂී ආයෝජනයක්

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයාගේ ගමන කේන්ද්‍රයේ 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කිරීම ඉතාම සුබවාදී වෙයි. ආර්ථික සම්පත්, භෞතික සම්පත් උරුමයක්ද පෙන්වයි. තමා කෙනෙකුට දී තිබු මුදලක් නැවත ලැබීමෙන් විශාල අයෝජනයකට අත ගැසීමට ඔබට හැකිවෙයි. බොහෝ දෙනෙකුගේ ඇප උපකාරද ඒ සඳහා ලැබෙනු ඇත. උගුරේ ආසාදනයක් නිසා පීඩා විඳීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය

අවිවාහක අයට මංගල සීනු

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය අන් සියලු ලග්නවලට වඩා සුබවාදී සතියකි. චන්ද්‍රයා ඔබේ කේන්ද්‍රයේ 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කිරීම ඊට හේතුවයි. සිතේ සතුටින් ආත්ම විශ්වාසයෙන් අරමුණු කරා යාමට ඔබට ශක්තිය ලැබෙයි. විවාහ ස්ථානගත සතුට පවතින වකාවනුවකි. අවිවාහක අයට මංගල සීනු හැඬවෙන සතියක්ද වෙයි. තම ගමනට බොහෝ දෙනෙකුගේ අත් උදව් ලැබෙනු ඇත. බුද්ධිමත් කටයුතු රැසක් සංවිධානයට ගැනේ.

තුලා ලග්නය

කලාවෙන් ඉහළට

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරිම නිසා පිටරටකට යාමට බලාපොරොත්තු අයෙක් නම් ඒ සඳහා අවකාශය ලැබේ. කෝවිඩ් වසංගත තත්ත්වය මත එය ප්‍රමාද වීමට ඉඩ ඇතත් කේන්ද්‍රයට අනුව ප්‍රතිඵලදායක වෙයි.

එම කලාකාමි අදහස් දරන අයෙක් නම් එම කුසලතා වැඩි දියුණු කර ගැනීමට හොඳම අවස්ථාව මෙයයි. සිතේ ආගමික භක්තිය දැඩිව දැනෙන සතියක් නිසා එබඳු කටයුතු රැසක නියැලේ. පාදයේ වළළුකරට අගුණ. ප්‍රවේසම් වන්න.

වෘෂ්චික ලග්නය

ආර්ථික ප්‍රතිලාභයක්

වෘෂ්චික ලග්නයට අනුව චන්ද්‍රයා මේ සතියේ 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීම සතිය ආරම්භයේදීම ආර්ථික ප්‍රතිලාභයකට හේතු වෙයි. කලක් තිස්සේ ගෙවා දැමීමට නොහැකිව තිබූ ණය මුදලක් පියවා ගැනීමට ඔබට හැකිවේ. බොහෝ දෙනොගේ ආකර්ශනයට හා පැසසුමට ලක්වන සතියකි. දරුසම්පත් පතන අයට බලාපොරොත්තු සඵලවේ. තම අධ්‍යාපනික කටයුත්තක් සාර්ථක වන බව පෙනෙන්නට තිබේ. හිසේ සෙම හා පපුවේ සෙම නිසා පීඩාකාරි වෙයි.

ධනු ලග්නය

රැකියාවේ උසස්වීම්

ධනු ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 10, 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීම ඔබට හොඳ නරක සමසේ බුක්ති විඳීමට සිදුවන සතියකි. රැකියා ස්ථානගත අභිවෘද්ධිය ඇති කෙරෙන අතර ව්‍යාපාර කටයුත්තකටද ඔබ පෙළෙඹෙන සතියකි. කෙසේ වුවද වියදම් අධිකව දැනෙන සතියක් නිසා ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න. දරුමල්ලන්ට අසුබ පලකෙරෙන සතියකි. දුර බැහැර ගමන් සීමා කරන්න. එබඳු ගමන් වලින් ආර්ථිකයට ශරීර සෞඛ්‍යයටත් තර්ජන එල්ලවනු ඇත. යටි බඩේ අසාත්මිකතා පැන නැගී. සැර උෂ්ණ ආහාර ගැනීම අවම කරන්න.

මකර ලග්නය

බොහෝ අයගේ ප්‍රශංසාව

මකර ලග්නයට අනුව ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම විශේෂයෙන් පෙර පිං මහිමය මතු කරන සතියකි. ලොතරැයි ජය තරග විභාග ආදියෙන් ජය හිමි වනු ඇත. ඔබ රැකියා ස්ථානයේ තම වගකීම නිවැරැදිව ඉටු කිරිම නිසා බොහෝ ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වනු ඇත. ඒ කෙසේ වුවද සතිය අවසානයේ දුර බැහැර ගමනක් යෙදීම නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව සිතට වඩාත්ම දැනෙන සතියකි. ජලයෙන් අශුභයි.

කුම්භ ලග්නය

ව්‍යාපාරයකට අඩිතාලම

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව සතිය ආරම්භය දුෂ්කර එකක් වන නමුදු සතිය මැද භාගයේ සිට තම අභිමතාර්ථයන් බොහොමයක් ජය ගන්නා බව පෙනේ. චන්ද්‍රයා 08, 09, 10, 11 යන ස්ථානවල ගමන් කරමින් උදා කරන මෙම සතිය ඔබ කලා අංශ නියෝජය කරන කටයුත්තකට අතගසයි. පොත් ප්‍රකාශනය හෝ පොත් අලෙවිකරණය මෙන්ම මනාලයන් හැඩ ගන්වන ස්ථාන වැනි ව්‍යාපාරික ස්ථාන ඇරැඹුමට හේතුවෙයි.

මීන ලග්නය

සුබවාදී අරමුණු රැසක් සඵලවේ

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථාන පසුකර යාම නිසා බොහෝ උසස්කම් රැසකට ඔබ මුහුණ දෙනු ඇත. විශේෂයෙන් ගෘහ ජිවිතයේ සතුටුදායක එකමුතුවකට හේතු වනවා මෙන්ම තම මවුපියන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළ වෙයි. විවාහයේ සුබවාදී ඇරමුණු රැසක් සඵලවනු ඇත. පිට රටක සිට පැමිණි අයකු නිසා තම ආර්ථික ප්‍රතිලාභයකට ද හේතුයි. කිසි විට තමා තනිවී ඇතැයි නොසිතනතරමට හිතවතුන්ගෙන් දැඩි උපකාර ලැබේ. යටි බඩ ආශ්‍රිත රෝග මතුකරයි. සැර උෂ්ණ ආහාර පාන නුසුදුසුයි.

 

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි