ජූලි 14 සිට ජූලි 20 දක්වා

ජූලි 14, 2025

ධනු ලග්න හිමියන්ට පමා වූ මංගල කටයුතු සාර්ථක වේ.

වෘෂභ ලග්න හිමියන්ගේ කිරි සිහින සැබෑ වේ.

මේෂ

 

තරමක් යහපත ඇති කරන කාලයකි. ව්‍යාපාර දියුණුව මතු කරයි. විදේශගත අයට තරමක් අසුබ තත්ත්ව ඇතත් තදබලව දෝෂ නොවේ. නීතියට පටහැනි දේ කරන්න හිතෙන අවස්ථා ද එයි. ඒවායින් ඉතා ප්‍රවේසම් විය යුතුය.

 

වෘෂභ

 

නව සැලසුම්වලට යහපත් සාර්ථකත්වයක් ළඟා වේ. දරුඵල තත්ත්වය සුබ වේ. කිරි සිහින සැබෑ වේ. අධ්‍යාපනයට ඉතා සුබයි. විවාහ කටයුතුවලට ද සුබ වේ. සෞඛ්‍ය වශයෙන් වූ රෝගී තත්ත්වවලට යහපත උදා වී නිරෝගී වන කාලයකි. නමුත් මාර්ග අනතුරු හා හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.

 

මිථුන

 

අනාගතය පිළිබඳ සැලසුම් සකස් කරන කාලයකි. රැකියාව, වෘත්තිය හෙමින් හෙමින් ගොඩනැගෙන අතර පිටරට සිටින අයට වාසිදායක වේ. ඉතා මහන්සි වී ගොඩනඟා ගන්නා තම කටයුතුවල සාර්ථකත්වය ළඟාවන සතියකි. සිතේ සතුට තරමක් මතු වේ. නිදහස් සැහැල්ලුව ඇති කරයි.

 

කටක

 

ව්‍යාපාර කරන අයට ඉතා සුබ වේ. නමුත් තම ශරීර සෞඛ්‍යය තරමක් අහිතකර වේ. වැවිලි හා නිෂ්පාදන ක්ෂේත්‍රයට සුබ වේ. පිටරට සබඳතා ඇති ව්‍යාපාරවලට ඉතා සුබයි. අධ්‍යාපනයේ පෙර පැවති බාධා මඟහැරී යහපත ළඟා වෙයි. රැකියාවේ ද සුළු සුළු බාධා ඇතත් ඉහළට යන යෝග මතුවේ. සි‍ෙත් සතුටින් ගත කරන සතියකි.

 

සිංහ

 

නිතර සිත් තැවුල්, පීඩා ගෙන දෙයි. සිතේ දෙගිඩියාවකින් කාලය ගත වේ. කාර්ය බහුලත්වය වැඩිවන අතර ඉක්මන්කාර ගති හා ආවේගශීලී ගති මතුවේ. ඉවසීමෙන් ගමන යා යුතු වේ. විවාහය තුළ ඉතා බුද්ධිමත්ව කටයුතු කරන්න.

 

කන්‍යා

 

තරමක් මනසට පීඩාවක් හා කරගෙන යන වැඩ තරමක් කල්ගත වන කාලයකි. උද්යෝගයෙන් තම කටයුතු කළ යුතු වේ. කොන්ද හා දණහිස පාද පිළිබඳ ප්‍රවේසම් විය යුතු වේ. ඉක්මන් තීන්දු තීරණවලදී ඉතා කල්පනාකාරී වන්න.

 

තුලා

 

ශක්තිමත් රාමුවක් හා තම සිහිනවලට යාමට අඩිතාලම ගන්නා සතියකි. ව්‍යාපාර හා අධ්‍යාපන සැලසුම්වලට ඉතා සුබ වේ. අලුත්වන කාලයකි. හොඳ ධෛර්යසම්පන්න කාලයකි. පෙර පැවති බාධා මඟහරවා ජීවිතයේ නැඟිටීමට හොඳම සතියකි.

 

වෘශ්චික

 

තම හීන කල්ගත වුවත් ඒවා සාර්ථකත්වයට මඟපෑදෙන කාලයකි. තරමක් නීතියට, අකුරට කටයුතු කරන අතර අන් අයව විශ්වාසයෙන් හා පවුලේ කරන කටයුතුවලින් ඉතා ප්‍රවේසම් විය යුතුය. අධ්‍යාපනයේ ප්‍රතිඵල ඉහළ යයි. රැකියාවේ බාධා ඇතත් සාර්ථකත්වය ළඟා වේ.

 

ධනු

 

පමා වූ මංගල කටයුතු සාර්ථක වේ. හවුලේ කරන කටයුතුවලින් ඉතා ප්‍රවේසම් වන්න. අන් අය තරමක් තරහ වන, ඊර්ෂ්‍යාවන කාලයකි. ඒවාට තැන නොදී ඉවසීමෙන් යාම මනසට සහනය ගෙන දේ. ඉන් තම දියුණුවට යහපත් වේ.

 

මකර

තරමක් සුබවාදී සතියකි. තම අරමුණු දිනා ගනී. පොළොව සම්බන්ධ කටයුතු කරන අයට සුබවන අතර, රැකියා වෙනස් විම්වලට ඉඩ ඇති සතියකි. ව්‍යාපාර දියුණුව ද සැලසේ. තම පවුල වෙනුවෙන් ද කාලය වැයකිරීමට ද මතක තබා ගන්න.

 

කුම්භ

 

තරමක් අපල කාලයක් වුවත් රටින් පිට සිටින අයට ඉතා සුබයි. මෙරට අය තරමක් ප්‍රවේසම් වන්න. අනාගතයට විශාල සැලසුම් කළයුතු බව හැඟෙන සතියකි. විවාහය තුළ ඇති වූ ප්‍රශ්න ඉවසීමෙන් විඳගතයුතු වේ.

 

මීන

කලබලකාරී ගති ඇතිවුවත් ඉවසීමෙන් යා යුතු ප්‍රශ්නකාරී තත්ත්ව, සිත් රිදීම් මතුවේ. ඒවා ඉවසාගත යුතුවේ. ලෙඩ රෝගවලින් ද පීඩා ගෙන දේ. නමුත් වතාවත් හා ආගමික කටයුතු කර ඒවා යහපත් කරගෙන යන්න.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ