වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
තනි මවුවරු තනි නොකරමු

දරුවන් කුසට දී පලා යන පිරිමින් කොතරම්ද? සාමාන්‍ය ජීවිතයේදීත් යහපත් පවුලක් ඇතිවත් ඔබට ගර්භිණීත්වය අසීරු නම් තනි මවක් ලෙස ඇයට දහසක් ගැටලුවලට මුහුණ දීමට සිදු වෙයි. ආර්ථික දුෂ්කරතා මෙන්ම සමාජයෙන් එල්ල වන අපහාස ගැරහුම් කොයිතරම්ද? එවැනි තනි මවකට තනිව දරුවා හදා ගන්නට සමාජයක් ලෙස අප ඇයට උදවු කළ යුතු වෙමු. ඇය අයාලේ ගිහින් ළමයි හදා ගත්තා යැයි කීම සම්ප්‍රදායික කතාවකි.
ඒ සඳහා බලපාන හේතු බොහොමයකි. එකක් ඇගේ නොදැනුවත්කමයි. ඇතැම් විට රැවටීමට ලක් වීමයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ගැබ් නොගන්නා ආකාරය ඇය නොදැන සිටීමයි. එම නොදැනුවත්කමට රටේ අධ්‍යාපන පද්ධතියම වග කිව යුතුය. අනෙක ලිංගිකත්වය යනු දෙදෙනකුගේ කාර්යයකි. එහි වගකීමෙන් එක් පාර්ශ්වයක් ඉවත් වූ විට අසරණ වන්නේ දරු ගැබ දරා සිටින ගැහැනියයි. ඇය අප රැක බලා ගත යුතු නොවේද?
තනි මවුවරු විෂයයෙහි සමාජය මීට වඩා බොහෝ සංංවේදී විය යුතු අතර ඒ වෙනුවෙන් නීති ද පහසුකම්ද සැපයිය යුතුය. මා මාගේ අත්දැකීමක් මෙහි බහාලමි. මා එංගලන්තයට පැමිණ දරුවන් ද සැමියාද එහි ගෙන්වා ගැනීමෙන් පසුව සැමියාට සේවය කරන්නට ලැබුණේ රටේ අනෙක් කෙළවරේය. ඔහුට පැමිණිය හැක්කේ සති දෙකකට වරක් පමණි. මා සිටියේ දරු දෙදෙනා ද සමඟ තනිවම බැවින් එංගලන්තය මා හැඳින්වූයේ තනි මවක් ලෙසිනි. විවිධ පුණ්‍යායතන මඟින් අපට නිෙවසට අවශ්‍ය බඩු ලබා දුන්නේ එවැනි තනි මවකට ඔවුන් සලකන ආකාරය අනුවය. මා ඉගෙන ගන්නා ශිෂ්‍යාවක බැවින් මගේ කුඩා දරුවන් තබා යන ඩේ කෙයාර් සෙන්ටර්ස් මගෙන් නිශ්චිත පැය ගණනකට මුදල් අය කරන්නේ නැත.
දරුවාට පාසලක් ලබා දීමේදීද ඔවුහු ඒ ගැන සැලකිලිමත් වූ අතර මාගේ නිෙවසටත් මා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාලයටත් ආසන්නතම පාසල දරුවාට ලබා දුන්නේය. එය ඉතා විශිෂ්ට ගණයේ පාසලක් වූ අතර එයට දරුවෙකු දමා ගැනීමට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට පවා අසීරුය. එහෙත් තනි මවක් කී සැණින් ඔවුහු උපරිම පහසුකම් සපයති. අපගේ රටේ, පුරුෂයින් යුද්ධයෙන් මිය ගිය, සැමියා හැර ගිය තනි මවුවරු කෙතරම්ද? ඔවුහු විශාල ජීවන බරක් තනිව ඇදගෙන යමින් සිටිති. දරුවන් තබා යාමට ආරක්ෂිත ස්ථාන නැත. දරුවන් නිසා රැකියා කර ගැනීම දුෂ්කරය. ඉවීම, රෙදි සේදීම ඇතුළු සියලු නිෙවසේ වැඩ කටයුතු තනිව කර ගත යුතුය. තමාගේ ආරක්ෂාව සපයා ගත යුතුය. මන්ද යත් එවැනි තනි මවුවරු බලා කියා ගැනීමට ඉදිරිපත් වන පිරිමි ප්‍රමාණය අපේ රටේ ඉතා වැඩි බැවිනි.
තනි මවුවරු විෂයයෙහි අපගේ ආකල්ප වෙනස් කර ගත යුතු කාලය පැමිණ ඇත. ඇය ආරක්ෂා කිරීම ද පහසුකම් සැපයීම ද මීට වඩා විධිමත් ආකාරයෙන් සිදු විය යුතුය.
සංජීවනී රූපසිංහ
ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය
කැලණිය විශ්වවිලය