Thursday, August 14, 2025
Epaper
Home පුවත්ගමට තරුණී

ගමට තරුණී

by Thanushika

මැහුමට, ගෙතුමට උපන් හපන් රම්‍යාලි ලීලාරත්න

තරුණී හා ළෙන්ගතු ආදරණීය ඔබට රම්‍යාලි ලීලාරත්න නම නුහුරු නුපුරුදු නොවේ. ‘තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කෙරේ.’ යන වැකිය සනාථ කරමින් ගැහැනිය තරම් ධෛර්යවන්ත, සියල්ල විඳගත හැකි වෙන යමකු කවරේද? ඇය මවකි. බිරියකි. අත්කම් කලාවේ අපූරු ඉසව් ඔබට ගෙන එන දක්ෂ ව්‍යවසායිකාවකි.

ඇය හැමදාමත් ඔබට සාරි පින්තාරු, කතිර රටා, රිබන් එම්බ්‍රොයිඩරි, පන්ච් එම්බ්‍රොයිඩරි, පැච්වර්ක් ආදී නිර්මාණයන්හි දැනුම ක්‍රමානුකූලව වඩාත් නිවැරැදිව කියා දෙන ලදි.

“මුළු මහත් ලෝකයම කම්පා කළ කෝවිඩ් වසංගතය හමුවේ අපේ ආර්ථිකය බිඳ වැටුණා. එතනදී අපි අපේම කියලා රාමුවකටත් කොටුවුණා. ඒ වන විට මම වසර 25කට වඩා අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ නියළුණ ශිල්පිනියක්. කෝවිඩ් වසංගතය හමුවේ නිවෙසේ ගෙවුණ කාලය මම නිර්මාණ කලාවට යොමු කළා. එයින් ලොකු මානසික සුවයක් ලැබුවා. ඒ කාලයේ කළ නිර්මාණවලට අද වනවිට ලොකු ඉල්ලුමකුත් ලැබුණා. මගේ දැනුම තවත් පිරිසක් අතර බෙදා දීමට තීරණය කළේ මේ ලැබුණ ප්‍රතිචාර මතයි.”

ඉතින් ඔබත් එම්බ්‍රොයිඩරි නිර්මාණ, කතිර රටා, පින්තාරු සඳහා උනන්දුවක් ඇත්නම් ඇයගෙන් දැනුම උකහාගත හැකියි.

දෙමළ භාෂා පුහුණු පාඨමාලාව

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දෙමළ භාෂා පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය දා මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පැය 150ක දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක් වන මේ සඳහා සම්පත් දායකත්වය ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය විසින් සපයනු ලැබීය.

හින්දු ආගමික චාරිත්‍රානුකූලව ආරම්භ කළ මේ සමාප්ති උත්සවය දමිළ සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් කිරීමට පාඨමාලාලාභීන් කටයුතු යොදා තිබූ අතර අවසානයේදී එම සියලුදෙනා වෙත සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

Geen Team ලේ දන්දීමක්

නාරාහේන්පිට රුධිර බැංකුව හා එක්ව කැලණිය, නාහේන ග්‍රාම නිලධාරී කාර්යාලය සහ ප්‍රදේශවාසින්ගේ සංවිධාන ශක්තියෙන් පසුගියදා ලේ දන් දීමේ වැඩසටහනක් හුණුපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැත්විණ.

මේ සඳහා ශාන්ත ජෝන් ගිලන් රථ බළකාය සේවා සැපයූ අතර රුධිර දායකයන්ට දෙළුම් පැළ ලබා දීමට Green team – කැලණිය කණ්ඩායම කටයුතු කරන ලදී.

කැලණිය ප්‍රාදේශීිය ලේකම් ගයනි රණසිංහ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්. භාග්‍යා අතුකෝරලගේ මඟ පෙන්වීම යටතේ පරිපාලන ග්‍රාම නිලධාරි තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

‘ලස්සන වස්සන‘ වැඩමුළුව මහර දී

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 304 A කිඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසමෙහි “ලස්සන වස්සන” වැඩසටහන පසුගියදා කිඹුල්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

ඒකාකාරී දිවි පෙවෙතෙන් ඔබ්බට ගොස් නිවාස තුළටම කොටු වී සිටින කාන්තාවන් හැඩගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය. මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහර ප්‍රාදේශීය සභාවෙහි සම්බන්ධීකරණ සහ මඟපෙන්වීම යටතේ කිඹුල්ගොඩ යූත් වින්ඩීස් යෞවන සමාජය මඟින් මෙය සංවිධානය කරන ලදි. කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතු මෙන්ම සාරි, ඔසරි වෙනත් මෝස්තරවලින් හැඩවෙන ආකාරය පිළිබඳ නොමිලේ උපදෙස් දුන් මේ වැඩසටහනට ජාතික තරුණ සේවා සභාවෙහි පුහුණුව ලත් රූපලාවණ්‍ය ශිල්පීන් 15 දෙනකු සම්පත් දායකත්වය ලබා දුන්හ. Herb line නිෂ්පාදන ආයතනය විසින් තම නිෂ්පාදන නොමිලේ මේ සඳහා ලබා දීමට කටයුතු කරන ලදි.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?