කෑම රස කරන චයිනීස් රහස්

චීනයේ හොඳම චෙෆ් තරුණීට කියන රස රහස්
ජූලි 14, 2025

 

අාහාර පිසීමේ කලාවේ ඇති සියලුම සාරයන් රඳා පවතින්නේ එහි රසය තුළය. පිසගත් අංගසම්පූර්ණ ආහාරයක පාට, සුවඳ, රසය සහ සෑදී තිබෙන ආකාරය (පදම) යන දේවල් වැදගත්.

 

කෑම පිසීමේදී රසය ඉස්මතු කිරීම සඳහා සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 7 කි.

 

1. පෙනුම

2. පාට

3. සුවඳ

4. රසය

5. සෑදී ආකාරය (එනම් තද මෘදු ස්වභාවය)

6. ආහාර පිළිගැන්වීමේ නිසි උෂ්ණත්වය

7. ආහාරවල සාමූහික එකතුවේ ගැළපීම

 

1. පෙනුම

 

පිසගත් ආහාර සෑමවිටම බැලූ බැල්මට අලංකාරව සහ ක්‍රමවත්ව තිබිය යුතුයි. එයට ප්‍රධානතම හේතුව ඕනෑම පුද්ගලයෙකුගේ කෑම රුචිය එමඟින් ඇති කිරීමට හෝ වැඩිකිරීමට හැකි බැව් ඔවුන් අත්දැකීමෙන් දන්නා කරුණක් වී තිබීමයි.

 

2. පාට

 

ආහාර පිස ගැනීමේදී භාවිත කරන සෑම අමුද්‍රව්‍යයකම පාහේ එයටම ආවේණික වූ වර්ණයක් බොහෝ විට ඇත.

 

අපි එදිනෙදා ගන්නා ආහාර වේලක එහි පිසගත් එළවළු වශයෙන් ගොටුකොළ, පතෝල, බණ්ඩක්කා යනාදී වශයෙන් වුවහොත් බොහෝ විට එය දකිනවාත් සමඟම කෑමට තිබෙන රුචිය අඩු වී යාමට හැකිය. එයට ප්‍රධානතම හේතුව එම එළවළු වර්ග සියල්ලේම පොදු වර්ණය කොළ පාට වන බැවිනි.

 

3. සුවඳ

 

කෑමවල අඩංගු වන රසයේ නියමාකාරයේ තෘප්තියක් ලැබීමට නම් සුවඳ අනිවාර්යයෙන්ම වැදගත් වන බව සොයා ගෙන තිබේ. චීන ජාතිකයින් ඔවුන්ගේ කෑමවලට ආවේණික වූ සුවඳ ලබා ගැනීම සඳහා ලුණු, අමු ඉඟුරු, සුදුලූනු සහ හාල්වලින් පෙරා ගන්නා ලද වයින් වර්ග සහ ඔවුන්ට ආවේණික වූ නොයෙකුත් සෝස් වර්ග පාරම්පරිකව ප්‍රයෝජනයට ගන්නවා සේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අපගේ කෑම වර්ග සුවඳවත් කිරීමට, රස කිරීමට කුරුඳු, එනසාල්, කරාබුනැටි, කොත්තමල්ලි, රම්පෙ, කරපිංචා වැනි දේවල් භාවිත කරයි.

 

4. රසය

 

ජාතීන්ට අනුව රසයද වෙනස් වේ. එනම් ඕනෑම රටක වෙසෙන ජාතීන්ට ඔවුන්ගේ ජාතීන්ට ආවේණික වූ විශේෂ රසයක් එම ආහාර තුළ ඇති බැවිනි. පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස සහ කටු රසය නොහොත් කහට රස ලෙස ආහාරයක රස ගණනාවකි.

 

5. සාදන ආකාරය එනම් තද මෘදු ස්වභාවය

 

ඕනෑම පිසගත් ආහාරයක තිබිය යුතු නිමි ස්වභාවය ලෝකයේ වෙසෙන පළපුරුදු සූපවේදීන් විසින් මෙසේ විස්තර කර ඇත. ආහාර පිසගත් ක්‍රමය අනුව (Eg - Boling, Grilling. Steaming, Roasting) එහි නිමි ස්වභාවය සැකසී තිබීම අනිවාර්ය වේ.

 

චීනෙ නම් තාරවා - ලංකාවට කුකුළා.

චීන ක්‍රමයට රෝසට් චිකන්

බෙයිජිංහි රෝස්ට් තාරාවා පීකිංහි රෝස්ට් තාරාවා ලෙසද හඳුන්වනු ලබයි. එය ලොව ප්‍රසිද්ධ චීනයෙන් ලොවට දායාද වූ චීනයේ සංකේතාත්මක ආහාරයකි. එහි හඬින් හැපෙනසුළු සමක් සහිත (Crispy) රෝස්ට් කළ තාරාවන් බොහෝ විට තුනී පෑන්කේක්, ලූනූ, පිපිඤ්ඤා සහ පැණිරස බෝංචි, සෝයා සෝස් සමඟ පිළිගන්වනු ලැබේ.

චීනයේ බෙයිජිං නුවර වෙත ඔබ කෙදිනක හෝ යන විට එය අනිවාර්යයෙන්ම අත්හදා බැලිය යුතු චීනයේ සූපශාස්ත්‍ර අත්දැකීමකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

තරමක විශාල ප්‍රමාණයේ තාරාවෙක් කිලෝ 2ක (මේ සඳහා කුකුළෙක් තෝරා ගත හැකියි)

ලුණු

අඹරාගත් කළු ගම්මිරිස්, තයිම් කොළ මිටක්

දෙහි ගෙඩියක්

කපා ගත් සුදුලූනු ග්‍රෑම් 200ක්

දිය කර ගත් බටර් ග්‍රෑම් 30ක්

ලොකු ලූනු ගෙඩියක්

තරමක විශාල ලෙස කපා ගත් කැරට් අල කිහිපයක්

මහදුරු ස්වල්පයක්

ඔලිව් තෙල් අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

 

1) උදුන සෙල්සියස් අංශ 210ට රත් කරන්න.

2) තාරාවා (කුකුළා) හොඳින් සෝදන්න.

3) අතිරික්ත මේදය සහ ඉතිරි පිහාටු ඉවත් කර පිටත හොඳින් වියළා ගන්න.

4) කුකුළා (තාරාවා) ඇතුළතට බහුල ලෙස ලුණු සහ ගම්මිරිස් දමන්න. තයිම් දෙහි සහ සුදු ලූනුවලින් තාරාවා (කුකුළාගේ) ඇතුළත කුහරය පුරවන්න.

5)එහි පිටත බටර් ආලේප කර නැවත ලුණු සහ ගම්මිරිස් ඉසින්න

6. ටුවයින් නූලකින් තාරාවාගේ කකුල් (කුකුළාගේ) හොඳින් එකට බැඳ කෙළවර තද කරන්න.

7. ලූනු, කැරට් සහ මහදුරු හොඳින් කබලක බැදගන්න

8. අවශ්‍ය පරිදි ලුණු, ගම්මිරිස්, තයිම් සහ ඔලිව් තෙල් සමඟ තෙම්පරාදු කරන්න.

9. එම මිශ්‍රණය පතුල වටා පතුරා තාරාවා (කුකුළා) ඒ මත තබන්න.

10. තාරාවා (කුකුළා) පැය 2 1/2ක් රෝස් කරන්න.

11. අවසානයේ දී විනාඩි 30ක් පමණ තාරාව (කුකුළා) රන් පැහැ වනතෙක් නැවත හොඳින් රෝස්ට් කර උණුසුම්ව පිළිගන්වන්න.

 

 

උපදෙස් -

සූපවේදී සුමින්ද ලියනගේ

කථිකාචාර්ය බටහිර/ ආසියානු සූපවේදය යුන්නාන් සංචාරක අධ්‍යයනය පිළිබඳ තාක්ෂණික විශ්වවිද්‍යාලය මහජන චීන සමූහාණ්ඩුව