ලියක් මනාලියක් කරන්නට ඉගෙන ගන්නයි මේ සූදානම

සැප්තැම්බර් 9, 2024

රූපලාවණ්‍ය පාඨමාලා හැදෑරීමට කැමැති බොහෝ පිරිස් මනාලියන් හැඩගැන්වීම කෙරෙහි දක්වන්නේ අසීමිත ඇල්මක්. ලියක් ආකර්ෂණීය බවින් හෙබි මනාලියක් බවට පත් කිරීමෙන් රූපලාවණ්‍ය ශිල්පියා/ ශිල්පිනිය ලබන්නේ අසීමිත සතුටකි.

කෙනකුට තම වෘත්තීය ජීවිතය ආරම්භ කර ගැනීමට සහ ජීවිතය ඉදිරියට සාර්ථක කර ගැනීමට qualification නැතහොත් සුදුසුකම් අවශ්‍යයි.

මක්නිසාද කිවහොත් අප මේ සිටින්නේ globle market එකකයි. ඒ සඳහා පිවිසීමට සෑම ආධුනිකයකුටම සුදුසුකම් අවශ්‍යයි. එසේම ඕනෑම වෘත්තියක වෘත්තීය ගරුත්වය රකින්න යම් සහතිකයක් අවශ්‍ය වේ. ඒ සහතිකය මෙරට පමණක් නොව ලෝකය පිළිගත් සහතිකයක් වීමද අත්‍යවශ්‍ය කාරණයකි.

ශ්‍රී ලාංකික රජය යටතේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හරහා නිකුත් කරන NVQ level 4 සහතිකය දැන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි වෘත්තීය නිපුණත්වය සහතික කරන තමන්ගේ දැනුම සහතික කරන ඉතා විශාල වටිනාකමක් ඇති එකක් බවට පත් වී තිබේ. මෙම NVQ level 4 සහතිකය හරහා ස්ථීරසාර දැනුමක් ලැබීම, වේගවත් නවීන ශිල්පීය ක්‍රමවලින් පෝෂණය විය යුතු සේම ප්‍රමිතිගත විය යුතුයි.

 

මෙරට, යුරෝපයේ සහ මැදපෙරදිග පවතින ඉල්ලුමට සරිලන සේ මෙම වෘත්තීය අධ්‍යාපනය සම්පූර්ණ කර ගත යුතුයි. අපේ රටේ තරුණ තරුණියන්ගේ ගුණාත්මක ඵලදායි සහ සක්‍රිය නිපුණතාවලින් ලැබෙන දායකත්වය ලොවට හඳුන්වා දිය යුතු කලවකවානුවකයි අප මේ සිටින්නේ.

වසරක් පාසා සමාජයට එකතු වන රැකියාලාභී තරුණ පරපුර රටේ තිරසර ජාතික සංවර්ධනයට එකතු කර ගැනීම අප කාගේත් වගකීමයි. පාඨමාලා කාලය මාස 6ක් තුළදී නිම කළ හැකියි. ඉන්පසු රූපලාවණ්‍යාගාරයක් තුළදී යම් පුහුණුවක් ලබා ප්‍රායෝගික පරීක්ෂණයක්(Practicle Exam) සඳහා පෙනී සිටිය යුතුවේ.

මෙය skill updates සහ beginner ලෙස පාඨමාලාව ආරම්භ කළ හැකියි.

Bridal dresser beginners / Bridal dresser skill updaters යන වෘත්තීන් දෙකම තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කර යුතුව ඇත. ඕනෑම කෙනකුට මෙහි විෂය මාලාව TVEC web අඩවිය තුළින් ලබාගත හැකිවේ.

 

ඉතින් ඔබේ සිහිනයත් සමඟින් අපිත් එක්ක එකතුවෙන්න. සැලසුමක් එක්ක පිටවෙලා යන්න.

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික) චර්ම රෝග විශේෂඥ

චාමලී කල්දේරා

(NVQ Level-3/4  ඇගයීම් නිලධාරිනි)

----------------------

මනාලියන් හැඩගන්වන්නියන් සඳහා ඇති ඉල්ලුම

 

ශීඝ්‍රයෙන් වර්ධනය වන වෘත්තීන් අතර මනාලියන් හැඩගන්වන්නියන් සඳහා පවතින්නේ කවදත් නොනවතින ඉල්ලුමකි.

ඒ අප සමාජයේ ජීවත්වන සෑම අයෙක්ම විවාහය නමැති සුවිශේෂී සංධිස්ථානයේදී ක්‍රමානුකූලවත් නිවැරැදි ලෙසත් හැඩවීමට කැමැති හෙයිනි.

මනාලියන් හැඩගැන්වීම වෘත්තියක් ලෙස පවත්වන්නට යන අයගේ වගකීම වන්නේ එය ඕඩර් එකක් කර නොගෙන, බිස්නස් එකක් කර නොගෙන තම ජීවිතයේ සොඳුරුතම දවස යම්කිසි රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙත භාරදෙන අවස්ථාවේදී එය මනා ලෙස කර ගැනීමට, කර දීමට තරම් අවංකව හා නිහතමානීව වගකීමෙන් කටයුතු කිරීමයි.

----------------------

bridal dresser පාඨමාලාවක් තුළින්

ගුණාත්මක හා ඵලදායි ලෙස මෙම කටයුතු නිමකරවා ඔබට සමාජගත වන්නට අවශ්‍ය නිවැරැදි විෂය කරුණු සහ විෂයානුබද්ධ මොඩියුල්ස් පිළිබඳව මනාව තේරුම් ගත යුතුයි.

මෙම පාඨමාලාව හැදෑරීමේදී සෑම ශිෂ්‍යයෙක්ම පැවරුම්(Assignment) සම්පූර්ණ කළ යුතුව ඇත. අද වන විට Assignment වෙළෙඳපොළේ ඕනෑ තරමින් ගන්නට ඇත. එම Assignment මිලදී ගැනීමෙන් වන්නේ තමාම රවටා ගැනීමකි.

මෙම විෂය මාලාව තුළ ඔබ module එකක් සම්පූර්ණ කිරීමේදී , Eliment ලෙස ගෙන සම්පූර්ණ කිරීමට ඉගෙන ගන්න.

ලබන සතියේ තරුණී පුවත්පත ඔස්සේ ⁣සතිපතා කෙරෙන්නේ ඒ සමාජ වගවීම ඉටු කිරීමයි.

----------------------

මනාලියන් හැඩගැන්වීම පිළිබඳ NVQ 4 පාඨමාලාව හදාරන ඔබ

 මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියක විසින්ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළ යුතු ආකල්ප සේවාලාභියා වෙත දත්ත පත්‍රිකා සැකසීම සහ උපදේශනය

තාවකාලිකව කොණ්ඩා මෝස්තර දැමීම

මනාලියගේ කොණ්ඩ මෝස්තර දැමීම

මනාලියන්ගේ මේක් අප් කිරීම

මනාලියන්ගේ සාරි සහ ඔසරි ඇන්දවීම

මනාලියන් හැඩ ගැන්වීම

මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනිය විසින් භාවිත

කරන උපකරණ නඩත්තුව හා ජීවානුහරණය

ආරක්ෂිතව ප්‍රියමනාප මනාලියන් හැඩ ගැන්වීමේ

ස්ටූඩියෝ එකක් පවත්වාගෙන යාම

bridal studio කළමනාකරණය

කාර්ය ස්ථානයේ සන්නිවේදනය සහ අන්තර්පුද්ගලීයසබඳතා පැවැත්වීම

කණ්ඩායම් ලෙස වැඩ කිරීම

වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂිතව පවත්වා ගෙන යෑම පිළිබඳ අධ්‍යයනය කරයි.

----------------------

මනාලියන් හැඩගැන්වීම පිළිබඳ NVQ පාඨමාලාවේ දැනුම බෙදා ගන්නා ඇය

ඇය පාරම්පාරිකආයුර්වේද වෛද්‍යවරියක සහ රූපාලංකාර වෛද්‍යවරියක වන චාමලී කල්දේරායි. තරුණී පුවත්පතේ සම්පත් දායිකාවක වන ඇය තරුණී ළබැඳියන්ට ආගන්තුක තැනැත්තියක නොවේ.

1996 වසරේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පියමනින ඇය, 2002 වර්ෂයේදී තම රූපලාවණ්‍ය ඇකඩමිය අරඹයි.

රූපලාවණ්‍ය පිළිබඳ දෙස්විදෙස් අත්දැකීම් රැසක් ලබන ඇය, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක වන පාඨමාලා හතක් සඳහා ඉගැන්වීම් කටයුතු කරයි. ඒ අතර Nvq Level 03/04/ 05 /06, රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාව ද වේ. විලේපනවේදය(Cosmetology) පිළිබඳ පශ්චාද් උපාධිධාරිනියකි.

වෘත්තීය පුහුණු අධිකාරියේ සහ NAITA හි රූපලාවණ්‍ය පිළිබඳ NVQ 3, 4 හි ඇගයීම් නිලධාරිනිය(Assesor)කි.