SLT Mobitel තරුණී සියනෑ අවුරුදු කුමරී තරගයේ විශේෂ අවස්ථා

අප්‍රේල් 21, 2021

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, කොළඹ ව්‍යාපාරික සංගමය සමඟ ලේක්හවුස් තරුණී පුවත්පත එක්ව සංවිධානය කළ තරුණී සියනෑ අවුරුදු කුමරී තරගය පසුගියදා මහර වෙළෙඳ සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිඳුන්ගේ සංකල්පයක් මත සියනෑ ව්‍යවසායිකයන් වෙනුවෙන් පැවැත්වූ මේ වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් අංගය ලෙස අවුරුදු කුමරි තරගය සංවිධානය විය.

ඒ අවස්ථාව තව තවත් වර්ණවත් කිරීමට මනාලියන් දැක්මක් ද ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

තරුණී සියනෑ අවුරුදු කුමරිය තරගාවලියට විශේෂ ආරාධිතයන් ලෙස නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් සුබසිංහ ආරච්චි, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා මංජුලා වීරක්කෝඩි, කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විධාන ගමගේ. ලේක්හවුස් සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න, තරුණී කතෘ ඉඳුනිල් වීරරත්න, SLT Mobitel ආයතනයේ නීයෝජ්‍ය අධ්‍යක්ෂ්ක ජනරාල් කපිල ගුණසිංහ යන පිරිසක් සහභාගී වූහ. එහි විශේෂ අවස්ථා කිහිපයකි මේ.

 

 ඡායාරූප - හිරන්ත ගුණතිලක