අවුරුදු දෙකක ඉපදුණු හරිම පුදුම නිවුන්නු දෙන්නෙක්

ජනවාරි 17, 2022

 

මේ වසර ආරම්භයේ දී ම ලෝකය පුදුම කළ නිවුන් දරු උපතක් කැලිෆෝනියාවෙන් අසනනට ලැබුණා.

 

ඒ කැලිෆෝනියාවේ Natividad Medical Center රෝහලෙනි. ෆාතිමා මැඩ්‍රිගල් නම් කාන්තාවක් Natividad Medical Center හි දී විනාඩි 15 ක පරතරයකින් නිවුන් දරුවන් බිහි කළාය.

මෙය දකින ඔබ ‘ඕක මොකක්ද?' කියා සිතනවා නිසැකය. එහෙත් එහි විශේෂත්වයක් ඇත. මේ නිවුන් දරුවන් දෙදෙනා උපන්දින දෙකක් සහිතව අවුරුදු දෙකක වෙනත් මාස දෙකක දී උපත ලැබීම එම විශේෂත්වයයි. ඒ නිසාම එම දරු ප්‍රසූතිය තරමක් අද්විතීය හා විශේෂ එකක් බවට පත්වී ඇත.

අයිලින් සහ ඇල්ෆ්‍රෙඩෝ ටෘජිලෝ නිවුන් දියණිය හා පුතු උපත ලැබුවේ මිනිත්තු 15 ක පරතරයකිනි. නමුත් ඔවුන් විවිධ වසරවල උපත ලැබීම නිසා ඔවුන් එක රැයකින් අන්තර්ජාල කලඹන්නට සමත් වනු ඇති බව නම් ඔවුන් දැන සිටියේ නැත. ඇල්ෆ්‍රෙඩෝ ඇන්ටෝනියෝ ටෘජිලෝ 2021 දෙසැම්බර් 31 රාත්‍රී 11.45 ට මෙලොවට බිහි විය. ඔහුගේ නිවුන් සොයුරිය අයිලින් යොලන්ඩා ටෘජිලෝ හරියටම 2022 ජනවාරි 1 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දී මෙලොව එළිය දකින්නේ Natividad Medical Center හි සහ කැලිෆෝනියාවේ Monterey County හි 2022 දී උපත ලැබූ පළමු දරුවා බවට පත් කරමිනි.

"ඔවුන් නිවුන් දරුවන්. ඒත් විවිධ උපන්දින තියෙන්නේ. ඒක මට පිස්සුවක් වගේ දැනෙන්නේ." දරුවන්ට උපත දුන් මව, ෆාතිමා පවසයි. මගේ දෝණි අයිලින් මධ්‍යම රාත්‍රියේ පැමිණීම ගැන මම පුදුමයටත් සතුටටත් පත් වුණා,” මේ තියෙන්නේ එම පුදුම නිවුන් දරුවන්ගේ ඡායාරූප කිහිපයකි.

අන්තර්ජාලයෙනි