නෑ බෑ නොකියා අහන්න ඉංග්‍රීසි සිංදු

ජුනි 6, 2022

 

Sure, You can speak English

 

If I were a boy, even just for a day
I'd roll outta bed in the mornin'
And throw on what I wanted, then go
 
Drink beer with the guys
And chase after girls
I'd kick it with who I wanted
And I'd never get confronted for it
'cause they'd stick up for me
 
If I were a boy
I think I could understand
How it feels to love a girl
I swear I'd be a better man...
 
I'd listen to her
'Cause I know how it hurts
When you lose the one you wanted
'Cause he's taken you for granted
And everything you had got destroyed
 
If I were a boy
I would turn off my phone
Tell everyone it's broken
So they'd think that I was sleepin' alone
 
I'd put myself first
And make the rules as I go
'Cause I know that she'd be faithful
Waitin' for me to come home, to come home
 
If I were a boy
I think I could understand
How it feels to love a girl
I swear I'd be a better man
 
I'd listen to her
'Cause I know how it hurts
When you lose the one you wanted (wanted)
'Cause he's taken you for granted (granted)
And everything you had got destroyed
 
It's a little too late for you to come back
Say it's just a mistake
Think I'd forgive you like that
If you thought I would wait for you
You thought wrong
 
But you're just a boy
You don't understand
Yeah, you don't understand, oh
How it feels to love a girl, someday
You'll wish you were a better man
 
You don't listen to her
You don't care how it hurts
Until you lose the one you wanted
'Cause you've taken her for granted
And everything you have got 
destroyed
 
But you're just a boy

 

 

 

භාෂාවක් අවශ්‍ය වන්නේ අපට එකිනෙකා සමඟ පැහැදිලිව අදහස් හුවමාරු කර ගැනීමටයි. මේ නිසාම ලොව පුරා විවිධ ජාතීන්ට අයත් භාෂාවන් රාශියක් ඇත. එක් එක් රටවලට අයත් භාෂාවන් ඇති අතර එවැනි රටකට යන වෙනත් රටක පුද්ගලයකුට ද තමාගේ අදහස් හුවමාරු කර ගැනීමට එම රටේ භාෂාව හැදෑරීමට සිදු වේ.

 

එමෙන්ම එකම රටක භාෂාවන් කිහිපයක් කතා කරන අවස්ථා ද ඇත. ජාත්‍යන්තර භාෂාවන් ලෙස භාවිත වන භාෂාවන් කිහිපයක් ද පවතී. ඒ අතර මූලිකත්වය ගන්නේ ඉංග්‍රිසි භාෂාවයි. ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා එය ඉගෙන ගැනීම වැදගත් වේ.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අපේ රට යටත් විජිතයක්ව පැවැති සමයේ සිට ම ඇරැඹුණි. ඉංග්‍රීසින් විසින් මෙරට ඉංග්‍රීසි පාසල් ඇති කිරීමත් සමඟ ඉංග්‍රිසි භාෂාව දැන උගත් පිරිසක් බිහි විය. ඉන්පසුව දිනෙන් දිනම එහි වැදගත්කම වැඩි වූයේ එය ජාත්‍යන්තරයට ඇරෙන දොර කවුළුවක් වූ බැවිනි.

අද වන විට ගෝලීයකරණයත් සමඟම ඉංග්‍රීසි භාෂාව ඕනෑම අයකුට අවශ්‍යම දැනුමක් වී තිබේ. තාක්ෂණයේ දියුණුව භාෂා ඥානයේ වැදගත්කම තව තවත් තීව්‍රකර ඇත. අන්තර්ජාලය හැසිරවීමේ දී ද ඉංග්‍රීසි භාෂා දැනුම වැදගත්ය.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට මේ නිසා බොහෝ දෙනෙක් උනන්දු වෙති. භාෂාවක් ඉගෙනීමේ දී එය නිතර භාවිතයට ගැනීම මඟින් එම භාෂාව පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වේ. එම නිසා ඉංග්‍රීිසි භාෂාව ඉගෙනීමේ දී ද අපට ඒ සඳහා උපක්‍රම ලෙස සිදු කළ හැකි දේ පවතී.

ඉන් එක් දෙයක් වන්නේ ඉංග්‍රීසි ගීතවලට සවන් දීමයි. එම ඉංග්‍රීසි ගීත හොඳින් අසා එහි කියැවෙන වචන කනට හුරුකර ගත යුතුයි. ඉංග්‍රිසි ගීත ඇසීමෙන් ඔබට එම භාෂාවේ වචන කනට හුරුවීම, එම වචන නියමාකාරයෙන් උච්චාරණය කිරීමට හැකිවීම, අපගේ ශබ්දකෝෂයට අලුත් වචන එකතුකර ගැනීමට හැකිවීම, සංගීතය රස විඳීමට අමතරව අපට ලබා ගත හැකි ප්‍රතිලාභයි.

නමුත් භාෂාව ප්‍රගුණ කිරීමේ දී මුලින් අප තෝරා ගත යුත්තේ පැහැදිලිව වචන උච්චාරණය කළ හැකි, සරල වදන් ඇති ගීතයි. පසුව ක්‍රම ක්‍රමයෙන් තරමක් ගැඹුරු අර්ථ ඇති සංකීර්ණ ගීත වුවද ඔබට රස විඳිය හැකියි.

Boney M සංගීත කණ්ඩායමේ 'Rivers of Babylon, Daddy Cool' වැනි ගීත ඇසිය හැකිය. Boy Zone සංගීත කණ්ඩායමේ ගීත ද කලෙක ජනප්‍රිය වූ ආකර්ෂණීය රිද්මයන්ගෙන් යුතු නිසා ඔබට ඒවා රස විඳින අතර ම ඉංග්‍රීසි භාෂාවේ වචන ද ඉගෙන ගැනීමට පුළුවන.

සුප්‍රසිද්ධ ගායක මයිකල් ජැක්සන් (Micheal Jackson) ගේ Earth song, Black or White, You are not alone වැනි බොහොමයක් ගීත ද ඔබට හොඳින් රස විඳිය හැකි ඒවා ය. ඒවා රස විඳීමේ දී අප දන්නා ඉංග්‍රීසි වචන වුවද වෙනස් ආකාරයේ අර්ථයන් ලැබෙන පරිදි යොදන ආකාරය ද දැන ගැනීමට හැකිවේ.

එල්ටන් ජෝන්, (Elton John) ජෝර්ජ් මයිකල්, ස්ටීව් වොන්ඩර්, විට්නී හූස්ටන්, මැඩෝනා වැනි ගායක ගායිකාවන්ගේ ගීත මෙන්ම මෑත කාලීන ජනප්‍රිය ගායක ගායිකවන් වන බියොන්සේ, එලී ගෝල්ඩින්, ලේඩි ගගා, සෙලින් ඩියොන්, ඩුවා ලිපා (Dua Lipa) වැනි ගායක ගායිකාවන්ගේ ගීත ද ඔබට රස විඳිය හැකියි.

එම ගීත රස විඳින අතරම ඒවායෙහි අර්ථය සොයා ගැනීමටත් එම ගීත ගායනා කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ වචන උසුරුවීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් උත්සාහ කරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාලයෙන් එම ගීතවල Lyrics (පදවැල්) සොයා ගත හැකියි. මෙම ගීත ද ඔබට අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගැනීමට පුළුවන්.

ඕපාදූප සෙවීමට, කාලය නිකරුණේ වැය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල ගැවසෙන ඔබට ඉන් වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමට පුළුවන්. මේ සඳහා බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ම ඔබට ක්‍රියාත්මක විය හැකියි.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ගුරුවරුන් සොයන ඔබට මෙන්ම දැනටත් ඉංග්‍රීිසි පන්තිවලට සහභාගි වන ඔබට ද මෙය පහසුවෙන් ම කළ හැකිය. පන්ති ගිය පමණින්ම භාෂාවක් ඉගෙනීමට නොහැකිය. ඒ සඳහා එම භාෂාව නිතර භාවිතයට ගත යුතුය. බස් රථයක ගමන් කිරීමේ දී වුවද ඔබට හෑන්ඩ් ෆ්‍රී, ඉයර් ෆෝන්, Blue tooth වැනි උපකරණ ආධාරයෙන් ජංගම දුරකථනයෙන් මේ ගීත ශ්‍රවණය කළ හැකියි. ‍

 

බි‍යොන්සේ ගයන සුප්‍රසිද්ධ ඉෆ් අයි වර් අ බොයි ගීත‍යේ පද මාලාවයි මේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.