'Dee රඟ තාල' මහරගමදී...

පෙබරවාරි 6, 2023

 

අත්දැකීම්, ශිල්පීය දැනුම යොදාගනිමින් නර්තන සාම්ප්‍රධායට නවමු මානයක් ගෙනෙන නර්තන ශිල්පී ඩීෂාන් හේවගේ තබන මංගල පියවර 2023 - Dee රඟ නර්තන ප්‍රසංගය තාල තබන්නට සූදානම්.

 

2017 වසරේ සිට නවකයින්ට නර්තන හැකියාව ලබා දෙමින් නර්තනයේ නව්‍යකරණයන්ට ද හැඩ ගැහෙමින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන ඩිෂාන්ගේ හැරවුම් ලක්ෂය වන්නේ සිරස සුපර් මාම් හි නර්තන ගුරුවරයා වශයෙන් කටයුතු කරන්නට ලැබීමයි. Dee Dance Studio & Academy නර්තන ගුරුවරයා ලෙස කටයුතු කරන ඔහු ජපන් සිසුවියන්ට ද නර්තනය උගන්වා මෙරට නර්තනය ජාත්‍යන්තරයට ගෙන යෑමට කටයුතු කළ ගුරුවරයෙකි.

වසර කිහිපයක සිට තම දරු දරියන්ගේ නර්තන හැකියාව ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමට ගත් උත්සහායේ ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි 25 වැනි දින Dee රඟ නර්තන ප්‍රසංගය මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Dee Dance Studio & Academy හි අධ්‍යාපනය ලබන සිසු  සිසුවියන් 120කගේ සහභාගීත්වයෙන් හැඩගැන්වෙන මෙම නර්තන ප්‍රසංගයේ සිරස සුපර් මාම් කිරුළ දිනාගත් චලනි සමඟ කුවිනි ඇතුළු ප්‍රවීණ නළු නිළියන්යන්ගෙන් ආලෝකමත් වීමට නියමිතය.

මම නර්තන ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ නර්තන සංකල්ප, නර්තන අංග, පසුතල නිර්මාණ අදහස්, නර්තන වස්ත්‍රාභරණ අදහස්, අංග රචන අදහස් මෙන්ම ගීත ගැළපීම් ආදී වූ සියල්ල මොහු විසින්ම නිර්මාණය වීමයි.

ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානී සුසාර දිනාල්, ප්‍රදීප් මහේෂ් ඇතුළු කාර්යය මණ්ඩලයේ සිටින ප්‍රධානීන්, චන්න උපුලී දෙපළ, ගයාන් ශ්‍රීමාල් ආදී නර්තන අධ්‍යක්ෂකවරුන් මෙන්ම නෙහාරා පීරිස්, දුලීකා මාරපන, පුබුදු චතුරංග, නිලූෂි ප්වන්‍යා වැනි රංගන ශිල්ප ශිල්පිනියන් විශේෂ ආරාධිතයන් වේ.