ඔයත් පොදු WIFI භාවිත කරන කෙනෙක්ද ?

සැප්තැම්බර් 9, 2024

 

රැහැන් රහිත දත්ත හුවමාරු ක්‍රමවේදය (Wi-Fi) මේ වෙද්දී බොහොම ප්‍රචලිතයි. අන්තර්ජාලය භාවිත කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් දෙනා භාවිතා කරන්නේ මෙම තාක්ෂණයයි. ඇතැම් නගර ආශ්‍රිතව, සුඛෝපභෝගී බස් රථවල, ආපනශාලාවල Wi-Fi සේවාවන් සපයන අවස්ථා දැක ගන්න පුළුවන්. පොදු Wi-Fi සේවාව සපයන්නාගේ ස්වභාවය අනුව ඔබ ආරක්ෂිතද, නැද්ද යන්න තීරණය වෙනවා. සේවාව සපයන්නාට අනෙකාගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා නම් ව්‍යාජ වයිෆයි සේවාවක් නිර්මාණය කර ඔබට ලබා දිය හැකිය.

 

පොදු Wi-Fi භාවිත කර මුදල් ගෙවීමෙන් වැළකී සිටිය යුතුය. සංවේදී ගනුදෙනු පොදු වයි-ෆයි ජාල හරහා සිදු කිරීම නිසා ඔබගේ බැංකුවේ තොරතුරු සහ ක්‍රෙඩිට් කාඩ්පතේ තොරතුරු හැකර්වරුන්ගේ අතට පත්විය හැකිය. පබ්ලික් වයිෆයි ජාලවලට සම්බන්ධ වීම පහසුය. නමුත් එසේ කිරීමෙන් ඔබගේ සියලු අන්තර්ජාල ක්‍රියාකාරකම් පිටස්තරයන් අතට

 

 

පත් විය හැකිය. ඊටත් වඩා භයානක දෙය නම්, සයිබර් අපරාධකරුවෙකුට ව්‍යාජ වයිෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය කළ හැකි වීමයි. යමෙකු එය භාවිත කළ විට ඔවුන්ගේ දත්ත සොරකම් කළ හැකිය. පොදු වයිෆයි  භාවිත කරන විට ඔබ කිසි විටෙකත් ඔබගේ බැංකු ගිණුම්වලට ලොග් නොවිය යුතුය.

 

පොදු වයි-ෆයි ජාල භාවිත කරන අතරේ ඔබගේ පෞද්ගලික ගිණුම්වලට පිවිසීමෙන් වළකින්න. එයට හේතුව වන්නේ එම ගිණුම්වලට පිවිසීමට ඔබට මුරපදය ලබා දීමට සිදු වීමයි. ඔබ යමකට ලොග් වන අතරේ ලබා දෙන මුරපදය හැකර්වරුන්ට ලබා ගැනීමේ හැකියාවක් ඇත.

 අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදු කරන විට පොදු වයි-ෆයි ජාල හරහා ඒවා සිදු නොකළ

 

 

යුතුය. ඔබ අන්තර්ජාලයෙන් යමක් මිලදී ගන්නා විට ඔබ ප්‍රිය කරන්නේ කුමක්ද යන්න හැකර්වරයෙකු ඔබව නිරීක්ෂණය කරනවා නම් ඔහුට දැනගත හැකිය. එමෙන්ම මිලදී ගන්නා අතරතුර ඔබ ඔබගේ දුරකථන අංකය, ක්‍රෙඩිට් කාඩ්පත් අංකය, මුරපදය, පරිශීලක නාමය ඇතුළු රහස්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා යැවීමක් සිදු වේ. හැකර්වරයෙකු පොදු වයි-ෆයි ජාලයක් හරහා ඔබව අධීක්ෂණය කරනවා නම් මේ සියලු තොරතුරු ඔහු සතු වේ.

 

පොදු වයි-ෆයි ජාල භාවිත කරමින් ඔබගේ ව්‍යාපාරික කටයුතු හෝ රැකියාවේ වැඩ කටයුතු සිදු නොකළ යුතුය. ඊට හේතුව වන්නේ ඔබගේ වෘත්තීය ඊමේල්, පාරිභෝගික සම්බන්ධතා, ගිණුම්කරණ දත්ත ආදිය සොරකම් කිරීමට හැකර්වරුන්ට ඉන් අවස්ථාව ලැබීමයි.

 

ඊමේල් පරීක්ෂා කිරීමද පොදු වයි-ෆයි හරහා සිදු නොකළ යුත්තකි. ඔබගේ පුද්ගලික විදත් තැපෑලෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු රැසක් අඩංගු විය හැකිය. ඔබ පොදු වයි-ෆයි ජාලයක් හරහා ඔබගේ ඊමේල් පණිවිඩ පිරික්සන්නේ නම් ඒවා නිරීක්ෂණය කිරීමේ හැකියාව හැකර්වරුන්ට ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ ඔබගේ මුරපදය භාවිත කර ඊමේල් ලිපිනයට ලොග් වුවහොත් ඔබගේ මුරපදය ලබා ගැනීමේ හැකියාවද ඔවුන් සතු වෙනවා. පෞද්ගලික ඊ-මේල් එකක හිමිකරුට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු රැසක් අඩංගු විය හැකිය. එවැනි තොරතුරු හැකර්වරයෙකු අතට පත් වුවොත් ඔවුන් ඔබට තර්ජනය කර කප්පම් ඉල්ලීමට වුවද හැකියාව ඇත.

 

මේ නිසා ඔබ නොදන්නා පොදු වයි ෆයි ජාලයකට ඇතුළු වී ඔබ කරන කටයුතු පිළිබඳව ප්‍රවේසම් විය යුතුයි. ඔබේ බැංකු කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, රහස් පද ඇතුළු කිරීම ආදිය කිසිම දිනෙක පොදු වයිෆයි සේවා හරහා සිදු කරන්න යන්න එපා. 

 

ඔබේ රවුටරයේ පසුපස බොහෝ විට රහස් පදය සටහන් කර ලබා දෙනවා. ඒ වගේම ඔබේ රවුටරයේ ඇති මොඩල් අංකය වැනි දේ භාවිත කරමින් රහස් පදය අනුමාන කිරීමේ හැකියාවක් හැකර්වරුන්ට තිබිය හැකියි. ඒ නිසා ඔබට අදාළ සේවාව විසින් ලබා දෙන රහස් පදය ඉක්මනින් වෙනස් කර ඔබ පමණක් දන්නා රහස් පදයක් දමා ගන්න. එමෙන්ම WEP, WPA, WPA2 අතරින් WPA2 තෝරාගන්න. එය වඩාත් ආරක්ෂිතය. ඔබේ නි‍ෙවසේ ඇති රවුටරය දුර සිට පාලනය කිරීමේ පහසුකම (Remote Access) විසන්ධි කර දමන්න.  MAC address filtering සහ IP address pool සීමා කරන්න. ඔබේ රවුටරයට සම්බන්ධ වන්නන් පාලනය කරන්න.