Thursday, August 14, 2025
Epaper
Home විශේෂාංගචපල වන්නේ ගැහැනු විතරද

චපල වන්නේ ගැහැනු විතරද

by Test

සමාජයේ මුල් බැසගත් අදහසක් වන්නේ ගැහැනු චපලය යන්නයි. මෙයට මූලිකම මූලාශ්‍රය වන්නේ ජාතක පොතයි. ජාතක කතා ගැන වෙනම දවසක කතා කරන්නට තියා ගත්තත් චපල ලේබලය ගැන ඊට මත්තෙන් යමක් කියන්නට සිදු වෙයි. චපල යනු කුමක්ද? යම් පොරොන්දුවක් දී එය කඩකර යාමයි. මෙහිදී ආදර පොරොන්දු හා විවාහ පොරොන්දු විශේෂ වේ.

ආදර පොරොන්දු හෝ විවාහ පොරොන්දු කඩ කර ඇත්තේ ගැහැනු පමණද? සිද්ධාර්ථ යශෝධරා හැර දමා යද්දී එය චපල යැයි නොකියන්නේ මන්ද? බුදු වීමට ගිය නිසා ද? එය කිසිදා ප්‍රශ්න නොකරන්නේ එය පුරුෂ මූලික පද්ධතියක් වීම නිසාය. එම පද්ධතිය තුළ දවසක් වයසැති දරුවා සමඟ බිරිය තනිකර ඔහුට නිදහසේ යා හැකිය. විජය කුවේණිට චපල වූ දා සිට කොපමණ පිරිමි සංංඛ්‍යාවක් ඉතිහාසයේ විවාහ පොරොන්දු කඩ කර ඇද්ද? අත්හැර දමා ඇද්ද? දරුවන් සමඟ තනි කර ඇද්ද? ඒවාට චපල යැයි නොකියන්නේ මන්ද? ඔවුන් රජවරු නිසා ද? එසේ නැතහොත් පිරිමියාට චපල වීමට අයිතියක් ඇතැයි සමාජය සිතන්නේ ද? මේ සියල්ල පුරුෂ මූලික සමාජ පද්ධතියක සියලු මනුෂ්‍යයිනට සිතන්නට පුරුදු කළ ආකාරයයි.

අද වන විට තනි මවුවරු කොපමණ සිටිනවාද? දරුවන් වැසිකිළිවල දමා යන ගැහැනුන්ට සමාජය අසීමාන්තිකව බැණ්නත් ඇය එසේ කරන්නේ ඇයි දැයි විමසනවාද? බොහෝ විට එයට හේතුව පියෙක් නැති දරුවෙක් නිසාය. දරුවෙකු බඩට දී පිරිමියා පලා යාම චපලකම නොවේද? එවිට මව අල්ලා හිරේ දමන පොලීසිය චපල වූ පිරිමියා සොයා යනවාද?

චපල වන්නේ ගැහැනු පමණක් නොවන බව ඔබ හොඳින් දන්නවා ඇත. ගැහැනු ද පිරිමි ද චපල වෙති. මිනිසුන්ට චපල වන්නට එක්තරා අයිතියක් ද ඇත. තමා අකමැති තැනකින් වෙන්ව යාමට සියල්ලටම අයිතිය ඇත. එහෙත් එතැනදී අනෙක් පාර්ශ්වයට වෙන හානිය පිළිබඳ වගකීමක් වගවීමක් තිබිය යුතුය. එය සමාජීය අසරණ කිරීමක්, චිත්තවේගීය තනිකිරීමක් හෝ ආර්ථික අසරණභාවයට පත් කිරීමක් නම් එසේ හිතු හිතු ආකාරයෙන් අනෙකා අසරණ කර පලා යා නොහැකිය.

ඔබ ගැහැනු ළමයෙක් හෝ ගැහැනියක් නම් ඔබට චපල වූ කොතරම් පිරිමි ප්‍රමාණයක් ඇද්දැයි සිහි කරන්න. පිරිමි ළමුන්ට ද පිරිමින්ට ද එසේ චපල වූ ගැහැනු ඇත. චපල බව යනු මනුෂ්‍යත්වයට උරුම කරුණක් මිස ගැහැනු ලක්ෂණයක් හෝ පිරිමි ලක්ෂණයක් නොවේ.

එහෙත් පුරුෂ මූලික සමාජයක පිරිමි චපල වූ විට ගැහැනු දරා ගත යුතු අතර ගැහැනු චපල වූ විට ඇය ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත් වේ. එක්කෝ ඇයට වද හිංසා පමුණුවයි. මරා දමයි. චපලබව පිළිබඳ සමාජයේ බල ආකෘතිය ක්‍රියා කරන්නේ එලෙසිනි. එම නිසා චපලබව මීට වඩා ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු අවධියකට අපි පැමිණ සිටිමු.

සංජීවනී රූපසිංහ

‍‍ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය

කැලණිය විශ්වවිලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?