බතික් කලාවේදී අලංකාර මවන වර්ණ හඳුනා ගනිමු

පෙබරවාරි 3, 2021

තරුණී ස්වයං රැකියා අත්වැල

බතික් නිර්මාණ පාඨමාලාව 02

 

බතික් නිර්මාණය කර අතමිට සරු කර ගන්න

 

ශ්‍රී ලාංකේය බතික් ඇඳුම් වලට අපේ රටේ පමණක් නොව විදෙස් රටවල පවා ඇත්තේ විශාල ඉල්ලුමක්. මහා පරිමාණයෙන් පමණක් නොව ගෘහ කර්මාන්තයක් වශයෙන් ද කළ හැකි මේ බතික් නිර්මාණ, නිර්මාණශීලී කාන්තා ඔබටත් ඉතාමත් පහසුවෙන් නියැලෙන්නට හැකි කර්මාන්තයක්.

ඒ නිසාම අපි තරුණී පාඨක ඔබට බතික් නිර්මාණ ශිල්පයේ මුල සිටම හදාරමින් තනිවම නිර්මාණයක් කරගත හැකි ආකාරයට දැනුම ලබා දෙන්නට සිතුවා. පසුගිය සතියේ මෙහි උපකරණ ගැන දැනුවත් ඔබට අද තවත් පියවරක් ඉදිරියට ඉගෙන ගන්නට හැකිය.

බතික් කලාවේදී අලංකාර මවන ප්‍රධාන සාධකය වන්නේ වර්ණයි. බතික් නිර්මාණයක් කිරීමේදී මෙම වර්ණ නියමාකාරයෙන් භාවිතා කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුය. එබැවින් අපගේ බතික් පාඩම් මාලවේ දෙවැනි පාඩම වෙන් වන්නේ බතික් කලාවේ වර්ණ සකස් කරගැනීමට ඉවහල් වන රසායනික සංයෝග ගැන ඔබට දැනුමක් ලබාදීමටය. අපගේ බතික් පාඩම් මාලාවේ 1 සහ 2 පාඩම් ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. පසුව අප ඉදිරිපත් කරන අලංකාර බතික් නිර්මාණ කර ගැනීම සඳහා එම දැනුම ඔබට වඩාත් ඉවහල්වනු ඇත.

ජලය

බතික් කිරිමේදී ජලය අත්‍යවශ්‍ය ම ද්‍රව්‍යයකි. එමෙන්ම ජලය භාවිත කිරීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ඇත. බතික් කිරීමේ කාර්ය සඳහා වඩාත් සුදුසු වන්නේ ක්ලෝරීන් අඩංගු නැති ළිං ජලයයි. ක්ලෝරීන් අඩංගු ජලය බතික් කිරීමට භාවිත කළහොත් වර්ණ ගැන්වීමේදී සමහර වර්ණවල ඇති රසායනික ද්‍රව්‍ය ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කර රෙද්ද මත පැච් ඇතිවෙයි. (වර්ණ නිසි ලෙස රෙද්දට නොඅල්ලයි) එමෙන්ම අප බතික් කරන විට ඇල් ජලය සහ උණු ජලය යන දෙවර්ගයම යොදාගනුලබයි. එසේ ජලය භාවිතාකරන ආකාරය ගැන ඉදිරියේ දී බතික් නිර්මාණ කිරීමේදී ඔබට අවබෝධයක්ලබාගත හැකි වනු ඇත.

කෝස්ටික් සෝඩා

බතික් වර්ණ සාදා ගැනීමේදී ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස කෝස්ටික් සෝඩා දැක්විය හැකිය. කෝස්ටික් සෝඩා වලින් කරන්නේ වර්ණ වලට යම් උත්තේජනයක් ලබා දීමය.

නැප්තෝල්

මේ රසායනික ද්‍රව්‍යයද බතික් සඳහා බහුලව යොදා ගනියි. නැප්තෝල් ක්‍රමයට බතික් කරන අවස්ථා වල වර්ණ උත්තේජකයක් ලෙස නැප්තෝල් යොදාගැනීමට සිදුවනු ඇත.

සෝඩා ඈෂ්

වැට් ඩයි ක්‍රමයේදී හා ෆෙරෝසන් ඩයි ක්‍රමයේදී වර්ණ උත්තේජකයක් ලෙස සෝඩා ඈෂ් යොදාගනු ලබයි.

හයිඩ්‍රෝ

වැට් ඩයි ක්‍රමයේදී වර්ණ උත්ප්‍රේරකයක් ලෙස යොදාගන්නා ද්‍රව්‍යයකි.

වයින් ස්ප්‍රීට්

වර්ණ උත්ප්‍රේරකයක් මෙන්ම වර්ණ ස්ථායිකාරකයක් ලෙස යොදාගනියි.

දිය ලුණු

දිය ලුණු ද වර්ණ ස්ථායිකාරකයක් ලෙස යොදාගනියි. අප එදිනෙදා ආහාර පිසිමේදී භාවිත කරන අයඩීන් මිශ්‍ර ලුණු මේ කාර්ය සඳහා භාවිත නොකළ යුතුය. මන්ද අයඩින් බතික් වර්ණ සමග එකතු වී වර්ණ විපර්යාසයන් සිදුකරන බැවිණි. මේ සඳහා අයඩීන් මිශ්‍ර නොකළ ලුණු (ඪදඤමිබපඪචත ඵධතබ) යොදා ගන්න.

සැගයගු ඉහත සියලුම ද්‍රව්‍ය ඔබට වෙළෙඳ පොළෙන් පහසුවෙන් ලබාගත හැකිය.

ඩයි වර්ග හඳුනා ගැනීම

බතික් කලාවේ වැදත්ම අංගය වන්නේ ඒ සඳහා යොදා ගන්නා විවිධ වර්ණ අඩංගු ඩයි වර්ගයි. මෙම ඩයි වර්ග යොදා ගැනීමේදී විවිධ ක්‍රම උපයෝගී කරගනු ලැබේ. අපි එම ක්‍රම එකින් එක විශ්ලේෂණයකර ගනිමු.