පුංචි ඇඟලුම් කම්හලකට අවශ්‍ය මැෂින් වර්ග

මාර්තු 7, 2022

වැඩිවන වියදමට සාපේක්ෂව ආදායම එක තැන නතර වෙලා. අමතර මුදලක් සොයා ගැනීම කළ යුතුම දෙයක් බව හැමෝටම දැනිලා තියෙන්නේ. ‘ලද දෙයින් සතුටු වෙලා තියෙන විදිහට කාලා බීලා ඉම්මු‘ කියන කතාව තවදුරටත් වලංගු නැහැ.

මෙයට මාස හතරකට පමණ පෙර අප ලබාදුන් උපදෙස් සහ මඟ පෙන්වීම් ප්‍රායෝගික තලයට ගෙනා අයත් යම් පිරිසක් ඉන්නවා.

ඒ අය සාර්ථකත්වයේ මං පෙතට පිවිසිලා. රට හැමදාම මෙහෙම තියෙන එකක් නැහැනෙ. ඒ වෙනකොට අපි දැනුමෙන් සන්නද්ධ වෙලා.

යම් ආරම්භයක් ලබා තිබීම වැදගත්. ඒ ජාතික මෙහෙවරට උරදීමක් තමයි ‘තරුණී“ කරමින් හිඳින්නේ.

ඉඳිකටු ගැන කතා කරපු අපි දැන් පිවිසෙමු මැෂින් වෙතට.

ඉඳිකටු සවි කරන්න මැෂින් ඕනනෙ. පුංචි පහේ ඇඟලුම් කම්හලකට අවශ්‍ය වෙන මැෂින් වර්ග මොනවාද කියන එක ගැන මනා අවබෝධයක් ඔබට තිබීම අත්‍යාවශ්‍ය කාරණාවක්.

* අද කතා කරනවා මැෂින් වර්ග පහක් ගැන

01. සාමාන්‍ය මැෂිම (Normal Machine (black / high speed)

02. ඉඳිකටු දෙකේ මැෂිම (Double Needle Machine)

03. නූල් තුනේ ඕවර්ලොක් මැෂිම (Overlock 3rd Machine)

04. නූල් හතර ඕවර්ලොක් මැෂිම (Overlock 4th Machine)

05. නූල් පහ ඕවර්ලොක් මැෂිම (Overlock 5th Machine)

හොඳයි එහෙමනම් දැන් වෙන් වශයෙන් බලමු මේවායෙන් සිදු කෙරෙන කාර්යයන් මොනවාද කියලා

* සාමාන්‍ය මැෂිම

මෙය පිළිබඳ මූලික අර්ථ දැක්වීම වන්නේ, එක ඉඳිකටුවක් යොදන බොහෝ නිවාසවල දක්නට ලැබෙන මැෂිමයි. ගෙදර තිබෙන පාගන කළු මැෂිම කියන්නේත් මේ මැෂිමට. තාක්ෂණයේ දියුණුවත් සමඟ මෝටරයක් යොදා පාදය නිදහස් කොට කාර්යක්ෂමතාව වැඩි කර තිබෙනවා.

* ඉඳිකටු දෙකේ

මැෂිම

තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇඟලුම්වල උසස් නිමාවක් අවශ්‍ය තැන්වලට ලබා ගැනීම සඳහා මෙය භාවිත වෙනවා.

ඩෙනිම් ඇඟලුම්වල සමාන්තරව ගිය මැහුම් දෙකක් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ.

ඉණ පෙදෙසේ සිට පාදය දිගේ පිට පැත්තේ, සාක්කුවල, සිපරය දිගට ආදී වශයෙන් යෙදෙන මේ මැහුම් දෙක මැසීම සිදු වන්නේ ඩබල් නීඩ්ල් මැෂිමකින්. මෙය outline සඳහා විශේෂයෙන් නිපදවූවක් වේ.

* ඕවර් ලොක් නූල් තුන

මැෂිම

මේ මැෂිම “බේබි ඕවර්ලොක්‘ යනුවෙනුත් මැහුම් ශිල්පීන් අතර ජනප්‍රියයි. එයට හේතුව වන්නේ ළදරු ඇඳුම්වල, කොට්ට උරවල, නැපි ආදියේ වටේට ආවරණ මැස්මක් යෙදීම සඳහා මෙම මැෂිම යොදා ගැනෙන නිසයි.

* ඕවර්ලොක් නූල්

හතරේ මැෂිම

දම්වැල් ආකාරයේ මැස්මක් මෙමගින් සිදු වෙනවා. එසේම ප්‍රධාන මැස්ම හැර අනෙකුත් මැස්මවල් ගෙති යන්නේ මෙම මැෂිම භාවිතයෙන්.

* ඕවර්ලෝක නූල්

පහ මැෂිම

මහන මැෂින් ඉතිහාසය තුළ නිපදවනු ලැබූ අති සුවිශේෂී යන්ත්‍රයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මේ මැෂිමෙන් ප්‍රධාන මැහුම් ඇතුළු අනෙක් සියලුම මැහුම් ආවරණය වෙනවා. දාර කෙළවර දම්වැලක් සේ ගෙතී යන අතර, මැෂින් කීපයකින් සිදුවෙන කාර්යයන් සංයුක්ත තනි මැෂිමකට ගොනුකර තිබීම විශේෂත්වයක්. ප්‍රධාන නූල් සමඟ සැබැඳී අනෙකුත් නූල් හතරම එකවිට වැදීම මෙහිදී සිදුවන අතර ඔබගේ පුංචි පහේ ඇඟලුම් කම්හලට මෙය නැතිවම බැහැ.

* සාමාන්‍ය මැෂිම

මේ සඳහා D x 1 ඉඳිකටුව භාවිත කරයි. වැඩි වශයෙන් භාවිත කරන්නේ 14/16 යි.

* ඉඳිකටු දෙකේ මැෂිම

මේ සඳහා DP x S / DP x 17 යනාදී ඉඳිකටු යොදන අතර බහුලව භාවිත ව්නනේ 16 / 18 ඉඳිකටුයි.

* ඕවර්ලොක් නූල් 5 මැෂිම

DC x 27ඉඳිකටු යොදා ගනියි.

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ
ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

 

සටහන
අජන්ත ජයසේකර