කො‍රෝනා ආසාදනය වී‍මෙන් හැ‍දෙන හැපිහයිපොක්සියා ගැන දැනුවත් විය යුතු ම කාලයක්.

මැයි 5, 2021

 

හුස්ම ගැනීම කියන්නේ ඇඟට පතට නො දැනී වාතය ඉහළ පහළ දැමීමක් නො වෙයි. හුස්ම කියන්නේ ජීවිතය. සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණු විට හුස්ම ගැනීමේ වටිනාකම දැනුණු අපට දැන් කෝවිඩ් - 19 නිසා සෑමදාම මේ ආදරණීය හුස්ම රැල්ල ජීවිතය සුරකින ප්‍රාණය බව වැටහෙනවා.

අලුත්ම නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඒ වටිනාකම තවත් වැඩි කරලා. ‍කොරෝනා නිසා හැපි හයිපොක්සියා වැලඳීම දැන් සුලබ තත්ත්වයක්

දින කිහිපයක් තිස්සේ පපුවේ තද ගතියක් දැනෙනවා නම්, ගැඹුරින් හුස්ම ගැනීමට අසීරු නම් ගැඹුරින් හුස්ම ගන්නා විට වේදනාවක් දැනෙනවා නම් එය හැපි හයිපොක්සියා ලෙස හඳුන්වනවා. මෙය අධි රුධිර පීඩනය වගේ නිහඬ මාරයෙක්. රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වීම භයානක තත්ත්වයක්.

හැපි හයිපොක්සියා තත්ත්වයෙන් පීඩා විඳින්නකුගේ පෙණහලුවල එක්ස්කිරණ ඡායාරූපයත් නියුමෝනියා රෝගියකුගේ පෙණහලුවල එක්ස්කිරණ ඡායාරූපයත් එක හා සමානයි. හැපි හයිපොක්සියා තත්ත්වයේදී කිසිදු හේතුවක් නැතිව අධික ලෙස දහදිය දමනවා.

රෝගී තත්ත්වයට මුහුණ දීම සඳහා සිරුර ක්‍රියාත්මක වීමේ හේතුවෙන් තොල් නිල් පැහැ ගැන්වෙන්න, සමේ පැහැය වෙනස් වීමට ඉඩ තිබෙනවා.

දරුණු ලෙස ඇදුම ඇති විට ද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් සියයට හැටකට වඩා ඔක්සිජන් මට්ටම අඩු වීමෙන් හැපි හයිපොක්සියා තත්ත්වයට පත් වෙනවා. රෝග ලකුණක් නැති නිසා අපහසුතාවක් නො දැනෙන නිසා බොහෝ රෝගීන් මේ තත්ත්වය හඳුනා ගන්නේ නැහැ. අසාධ්‍යවී අකර්මණ්‍ය වන තුරුම බොහෝ දෙනා සුපුරුදු ජීවන රටාව ගත කරනවා. කෝවිඩ් - 19 රෝගීන්ට කැස්ස, හතිය, මානසික ව්‍යාකූලතාව, වේගවත් හුස්ම ගැනීම, කෙටි හුස්ම ගැනීම්, සෙමෙන් හෝ වේගයෙන් හදවත ස්පන්දනය වීම හැපි හයිපොක්සියා නිසා වැඩි වෙනවා.

මෙවැනි තත්ත්වයක් තිබියදී සිරුරේ ඔක්සිජන් මට්ටම ගැන යම් අවබෝධයක් තිබීම වැදගත්. කෙනකුට රුධිරයේ ඔක්සිජන් මට්ටම පල්ස් ඔක්සිමීටර් නම් කුඩා උපකරණයෙන් මැන ගැනීමට පුළුවන්. නීරෝගි කෙනකුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම සියයට 95 ක් සියයට සියයක් වෙනවා. එයින් අදහස් වන්නේ මුළු සිරුරටම අඩුවක් නැතිව ඔක්සිජන් ලැබෙන බවයි. ඇදුම, එම්ෆිසිමා, නිදන්ගත බාධාකාරී පුප්ඵුසීය රෝග තත්ත්වය (ඛ්ර්‍ණර්‍ථච්) පවතින අයට ස්වභාවයෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුයි. සියයට අනූවකට වඩා ඔක්සිජන් මට්ටම අඩු වීම වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයක්.

ස්වාභාවිකවම ඔක්සිජන් මට්ටම වැඩිකර ගැනීම රෝග රැසකින්ම ආරක්ෂා වීමට ගත හැකි නුවණැති පියවරක්.

වායුසමීකරණය කළ පරිසරවල නො සිට ජනෙල් පියන් විවෘත කරන්න. හොඳින් ගහ කොළ පිරි පරිසරයක ඇවිදින්න. මෙයින් රුධිරයේ ඔක්සිජන් මට්ටම වැඩිවී ආහාර ජීර්ණය මැනවින් සිදුවී සිරුරට ජවයක් ශක්තියක් ලැබෙයි.

දුම්පානය නතර කිරීම වගේම අක්‍රීය දුම්පානයෙන් ඈත් වීම ද ඉතා වැදගත්. දුම් පානය නතර කළොත් රුධිරයේ ඔක්සිජන් මට්ටම බලා සිටියදී වැඩි වෙනවා. පෙණහලු ක්‍රියාකාරිත්වයත් වැඩි වෙනවා.

නිවෙසේ වාතය පිරිසුදු කරන ශාකවලින් පිරි වටපිටාවක ජීවත් වන්න. පරිසරයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම අවමකර ඔක්සිජන් මට්ටම එමඟින් වැඩි වෙනවා.

හුස්ම ගැනීමේ ව්‍යායාම රටාවකට හුරු වීම ඉතා වැදගත්. උදරයෙන් ගැඹුරින් හුස්ම ගනිද්දී පෙණහලු වාත කුහර හොඳින් විවෘත වී සිරුරට ලැබෙන ඔක්සිජන් මට්ටම වැඩි වෙයි.

 

කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලකගෙන් සහ අන්තර්ජාලයෙනි

 

---------------------------------------

නාසා ආයතනයෙන් නිර්දේශ කළ නිවෙසේ වාතය පිරිසුදු කරන ශාක

Areca Palm  අපේ රටේත් සුලබවම දැකිය හැකියි. මේ ශාකය මඟින් පරිසරයේ විස ඉවත් කරනවා. ආලින්දයේ වුවත් තැබිය හැකියි.

Snake Plant  ගමේ වැටවල්වල පවා දක්නට ඇති මේ ශාකයත් පරිසරයේ සියලු විස උරා ගෙන අපට පිරිසුදු වාතය ලබා දෙනවා. ජනේලයෙන් වැටෙන එළිය මේ ශාකයට ප්‍රමාණවත්.

ර්ධදඥර ර්‍ථතචදබ එවැනිම වූ තවත් වටිනා ශාකයක්. එහෙත් කුඩා දරුවන්ගෙන් හා සුරතල් සතුන්ට අසු නො වන මානයක මේ ශාකය තැබිය යුතුයි. කෝමාරිකා රුව වගේම අපේ සුව සෙතත් සුරකිනවා. Chinese Evergreen, spider plant, Broad lady palm, Dragon Tree,Weeping fig, Rubber plant  පරිසරය පවිත්‍රකර අපේ රුධිරයත් ඔක්සිජන්වලින් පොහොසත් කරන නාසා ආයතනයනුත් සහතික කළ ශාකයි.

මීට අමතරව කපුරු, පොයින්ට්සෙටියා වගේම අපේ කොහොඹ ගසත් විස නසන ඔක්සිජන් ගෙනෙන ශාකයි.