වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
ස්පෙෂල් මැංගෝ ෂේක් (Special Mango Shake)

අවශ්‍ය ද්‍රව්‍ය
(දෙදෙනෙක් සඳහා)
හොඳින් ඉදුණු අඹ (කොටු කපා) කෝප්ප 2 ක්
සිසිල් කරගත් කිරි කෝප්ප 3 ක්
මිංචිකොළ 10 ක්
රස පදමට සීනි
වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2 ක්
සාදන ක්‍රමය
මුලින්ම මිංචි කොළ ටික පිරිසුදු කර බ්ලෙන්ඩ්කර මිරිකා යුෂ ලබාගන්න.
නැවත බ්ලෙන්ඩරය ගෙන එයට අඹ කැබැලි සීනි සහ කිරි එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
ඉන්පසු එයට අයිස් ක්‍රීම් දමා වැඩි වේගයෙන් නැවත මිනිත්තුවක් පමණ බ්ලෙන්ඩ් කරගන්න.
අනතුරුව මෙයට මිංචි යුෂ දමා මිශ්‍රකර පිළිගන්වන වීදුරුවලට දමා මිංචි කොළවලින් සරසා සංග්‍රහ කරන්න.