ලග්න පලාපල

ජුනි 30, 2021

 

මේෂ ලග්නය

හදිසි ආර්ථික ලාභ

මේෂ ලග්නයට අනුව චන්ද්‍රයා 11, 12, 01, 02, යන ස්ථානවල ගමන් ගන්නා මෙම සතියේ ඔබට හදිසි ධන සම්පත් සමඟ විදේශ ආයෝජනයකට මඟ පාදනු ඇත. තම ජීවිතයේ අතපසුවී තිබූ කටයුතු රැසක් නැවත ආරම්භ කරන අතර රාජකාරි කටයුත්තක් නිසා වාසස්ථානයෙන් බැහැර දුර ප්‍රදේශයකට යාමට සිදුවනු ඇත.

 

වෘෂභ ලග්නය

රැකියා ප්‍රතිලාභ

වෘෂභ ලග්නයට අනුව මෙම සතියේ ඔබට රැකියාවේ සුබවාදී තත්ත්වයකට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. චන්ද්‍රයා 10, 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙම යහපත උදාවන අතර සිතේ සතුටු සැනසීමද උදාවනු පෙනේ. තමා ස්වඋත්සාහයෙන් ගන්නා තීන්දු තීරණ නිසා ආර්ථික වාසිද පෙන්වනු ඇත.

 

මිථුන ලග්නය

පුන්‍යවන්ත සතියක ආරම්භයක්

මිථුන ලග්නයට අනුව ඉතා පුන්‍යවන්ත සතියක ආරම්භයකි. නිවසේ ආගමික කටයුතු රැසකට මුල පුරන අතර බොහෝ පිටස්තර අයගේ ඇප උපකාරද හිමි වනු ඇත. චන්ද්‍රයා තම කේන්ද්‍රයට අනුව 09, 10, 11, 12 යන ස්ථානවල සැරිසරන අතර ඔබට තම විවාහ ස්ථානගත යහපත අභිවෘද්ධිය හිමිවනු ඇත.

 

කටක ලග්නය

හදිසි ධනලාභ

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට විශේෂ වන්නේ තම දේපළ හිමිකමකට මෙන්ම හදිසි ධන ලාභයකට මඟපෑදෙන නිසයි. විශේෂයෙන් ගුරු සමඟ 08 වැන්නේ සංයෝගවන චන්ද්‍රයා - භාගිකව 09, 10, 11 යන ස්ථානවලද සැරිසරමින් ඔබට නිවසේ සහජීවනය රැකියා ආර්ථික අභිවෘද්ධියද ගෙන දෙනු ඇත.

 

සිංහ ලග්නය

දුක් ගැහැට නිමවේ

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථාන පසුකර යමින් ඔබට යුගදිවියේ අභිවෘද්ධිය මෙන්ම තම සිතේ ආත්ම අභිමානය ඉහළ නංවනු ඇත.

තමාට සිතූපරිදි අන් අයගේ ඇප උපකාර ලැබෙන අතර තම ජීවිතයේ අත්විඳි දුක් ගැහැට වලින් මිදීමට අවස්ථාව උදාවේ.

 

කන්‍යා ලග්නය

දියුණුවට බාධා

කන්‍යා ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීම ඉතා ප්‍රවේශම්විය යුතු

බවක් පෙනේ. චන්ද්‍රයාගේ ගමන් මඟට සතිය ආරම්භය හා මැද භාගය බාධක රැසක් උදාවන නමුදු සුබ වන්නේ සතිය අවසාන භාගයේදීය.

නීති ගැටලු ආර්ථික ගැටලු කීපයකට ඔබට මුහුණදීමට වෙයි.

 

තුලා ලග්නය

වාසනාවන්ත දරු උපත්

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබ සතියක ආරම්භයකි.

දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරුපලද ව්‍යාපාරයකට මුදල් යොදවා ඒවා නිශ්ඵල ලෙසින් බාධකව තිබුණානම් එය යළි පණගන්වා යහපත් ආර්ථිකයක් සකසා ගැනීමටද අවස්ථාව උදාවේ.

 

වෘෂ්චික ලග්නය

වාහන නිවාස ඵල

වෘෂ්චික ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. හදිසි ධන සම්පත් නිවාස, වාහන ලාභ සහිත වෙයි.

කලකසිට බලාපොරොත්තුව සිටි දියුණුවට මඟ සැලසේ.

ඒ අනුව අලංකාර නිවසක පදිංචියට යාමට මෙන්ම නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගැනීමටද ඔබට මඟ සැලසෙනු ඇත.

 

 

ධනු ලග්නය

දේපළ හිමිකම්

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට තම ජීවිතයේ බාධාවක්ව තිබූ ගැටලු කීපයකට විසඳුම් ලැබේ. දේපළක් පිළිබඳ තිබූ නීති ගැටලුවකට විසඳුම් ලැබේ.

ඒ සමඟම ඉඩමක උරුමය, නිවසක උරුමය මෙන්ම රැකියා ස්ථානගත වරප්‍රසාද ඉහළින් ලැබෙනු ඇත.

ඒ ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 03, 04, 05, 06 යන ස්ථානවල ගමන් කරන නිසාය.

 

මකර ලග්නය

හදිසි ධනලාභයක් හිමිවේ

මකර ලග්නයට අනුව ඔබට මෙම සතිය හදිසි ධනලාභයක් මෙන්ම අන් අයගේ උපරිම සහාය හිමි වනු ඇත. තමාට ලැබෙන්නට තිබු මුදලක් කලෙකට පසු ඔබ අතට පත්වනු ඇත. සමාජසේවා කටයුතු නිසා අතරමඟ නවතා දමා තිබූ ව්‍යාපාරයක ප්‍රතිලාභ සහිතයි. චන්ද්‍රයා මෙම සතියේ ගමන් කරනුයේ 02, 03, 04, 05 යන ස්ථාන වලයි.

 

කුම්භ ලග්නය

සිතේ සතුට අභිවෘද්ධිය

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. ඒ චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කිරීමද ගුරු ග්‍රහයා ලග්නගතව හිඳීමද හේතුකොට ගෙනයි. ඒ තත්ත්වය අනුව අතගසන ඕනෑම කටයුත්තක් නොසිතූ පරිදි සාර්ථක වනු පෙනේ. ඒ සඳහා අවශ්‍ය මූලධනය ඔබට නිරතුරුවම ලැබෙනු ඇත. සිතේ සතුට අභිවෘද්ධිය රජයනු ඇත.

 

මීන ලග්නය

වංචාවකට හසුවීමෙන් ආර්ථික පාඩුවක්

මීන ලග්නයට අනුව මෙම සතිය ඔබට යම් බාධකයක් සමඟ සතිය ඇරැඹුනද සතිය මැද භාගයේ සිට ඒවා මඟහැරී යහපත උදාවනු පෙනේ. ඒ අනුව ඒ බාධකය නම් පිටස්තර අයකුගේ වංචාවකට හසුවී ආර්ථික පාඩුවක් සිදුකර ගන්නා තත්ත්වයකි. ඒ නිසා ඉතා කල්පනාවෙන් සුපරික්ෂාවෙන් කටයුතු කිරීමට වගබලා ගන්න.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි