පාඨක නිර්මාණ

Week of ඔක්තෝබර් 20, 2021

සෙනෙහස
ලිතිර ~

 

පිපුණු සිනාවට ඇස් දෙක ඇරී
හුරතල් ම රූ මනසේ ඇදි ඇදී
ඔය හිත ළග ඉගියක් එඹි එඹී
සිහිල ඇලවී හුස්මක හිටි හැටි

හැගුම් විල කැළඹුණා
සිනිදු සළු සැරසුණා
තනි තරුව දිළිසුණා
වැසි කෝඩ බරවුණා

සෙනෙහස ගලමින් උතුරා ගියා
මග බලං පැතුමක් තනිවී ගියා
ලංව ඉන්නට වරමක් නැති නිසා
ඈ ට පවසන්න හිත අදිමදි වුණා

 

දයාබර නොරිකෝට
පී. ටී. එම්. පෙරේරා ~

 

කහ කිමෝනා ගවුම හැඳි නුඹ
අවන්හල තුළ ගියද ඔබ මොබ
දුටුවා මා නෙත ඔබව මුල් දින
සිතැඟි බැදුණා දිගැසි නෙත් අග

ඔබද මා සිත බැඳුණු පෙම් හද
නැතිදු කිසි ඉඩ තවත් එකෙකුට
නමුදු කොරිකෝ නුඹේ හඬ මට
අමුතු දේ නොව එදින ඒ බස

සොබා දහමට නොවන අවනත
කිසිත් නැති වූ ලෝ තලය මත
ලගින්නට හැකි මුත් දෙසිත තුළ
නොහැඟුණිය අප අපේ නොම බව...

එකම අහසක එක සඳක් යට
සිටින්නාමුත් හිමි නොවේ අප
සතුට සැනසුම ලියා එව්වද
පුළුවනිද පද ලිහා ගැනුමට...

කමබොචි සොහොනට - සකුරා මල් වට
සරන නුඹේ සිත - නොතලමි කිසිදින
නුඹට අවැසි මල - ලැබුමට යම් දින
පතනෙමි සුබසිරි - කොරිකො සං ට මම

 

නැවතුණු අපි
මොනිල්කා කවිසිනි ~


 
 කොරෝනාවට
 බිලි අරන්
 අපේ මේ ලෝකයම
 හිර වෙලා එකම තැන
 ගොළු වෙලා පුංචි සිත
 යහළුවන් සමඟ නෑ
 කථාවක් සිනහවක්
 
 ඩෙල්ටාත් ඇවිල්ලා
 ලැම්ඩාත් පැමිණේ ද
 පුංචි අපේ දිවයින
 තවත් නැති කරලයි ද
 
 A/L පංතියට
 අපි ගියේ පොඩි කලයි
 එදා සිට හිර වුණා
 ඔන්ලයින් පංතියේ
 එයත් නැවතුණා දැන්
 වර්ජනය හේතුවෙන්
 
 A/L ලියනවා
 අපි 2021කේ
 සමාවෙලා දෙවියනේ
 දැනුම දෙන්නකෝ
 ඔන්ලයින් පංතියෙන්
 
 නුඹ මෙන්ම
 ආසයි අපිත්
 පියඹන්න ආකාසයේ
 දිරිය දී අත දෙන්න
 තටු සලා පියඹන්න
 ලෝකයම ජය ලබා
 දියුණුවෙන් පෙරට
 යන්න
 

  

අමාවක ය අද
ආර්. ජී. බුත්මි චිතාරා ~ අනුලා විද්‍යාලය - නුගේගොඩ

 

සඳ දිය දහරා ගලාවි
සඳලුතලයට වී සිටිමි
දැක ගන්නට සඳ සිනහව
සදලුතලයට වී බලා සිටිමි
පෙර දිනක දුටු සඳකුමර සිනහව
දැකුමට මා සිත පෙලුවද,
එන්නට යළි යළිත් සඳලුතලයට
නොහැකි වුණේ කිම් දෝ‘යි
මම ද නොදනිමි...
පැතුම් මල් දෝතින් දරා
මම,
පැමිණියෙමි අද සඳලු තලයට
සඳ සිනහව දැකුමට
නොසන්සුන් මා සිත,
අහෝ!
ඇයි අමතක කරවූයේ මට
අද අමාවක දිනක් බව...


 

කිසාගෝතමී!
වික්‍රම සෙනෙවිරත්න ~ පරණ ගාලුපාර - හොරේතුඩුව.

 

නොමළ ගෙයකින් අබ මිටක්
සොයා ගෙන්ගෙට පිළිවෙළින් ගිය
කිසාගෝතමියක විලාසෙන්
සොයා සෙනෙහස දිවි මගේ යන
කිසාගෝතමී යයි....

වසින්නට සෙනෙහසේ මල් වැසි
අයැදි මුත් හිස් අහස්තලයෙන්
වේදනාවේ අසෙනි වැහි රැලි
ඔබේ හිස මත පතිත වී...

කඳුළු ගංගා ගලා යන හැටි
දුරින් ඉඳගෙන බලා සිටියෙමි
සියලු සම්පත් ඉවතලා
නික්මගොස් සිටුමැදුර හැරදා

ජීවිතේ සැනසුම ලබන්නට
කසාවත ගෙන වසා රූසිරි
සසර කතරින් එතෙර වුණු ඔබ
කිසාගෝතමියයි....!



 

Week of ඔක්තෝබර් 20, 2021