නිවෙසේ හැඩට ලස්සන කුෂන්

සැප්තැම්බර් 11, 2019
 
 
ෆෙල්ට් රෙද්දෙන් හැඩ වූ මනරම්  කුෂන් කවරයි මේ. වර්ණ කීපයක ෆෙල්ට් රෙදි යොදා ගනිමින් හරි අපූරු රටාවකට අනුව නිර්මාණය කර ඇති මේ කුෂන් කවර ඔබේ දෑතේ හැකියාව ද එකතුකරමින් මසාගන්න. 
 

කුෂන් කවරයට කොළ ඉත්තක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

කළු ලිනන් හෝ කපු රෙද්දක්

පාට දෙකකින් ෆෙල්ට් රෙදි

එම රෙදිවල වර්ණවලින් කැරැලි නූල්

පැඩිං ලයිනිං සිපරයක් මසාගැනීම

 

පළමුව අඟල් 17ය17 ප්‍රමාණයට කළු රෙද්දෙන් කොටස් දෙකක් කපාගන්න. එම ප්‍රමාණයටම පැඩිං සහ ලයිනිං ද කපාගන්න. දැන් කොළ අත්ත සඳහා කොළයක හැඩයට ෆෙල්ට් රෙදි මඟින් කොළ කපාගන්න.

ඉන්පසු මහන මැෂිම උපයෝගී කරගනිමින් කැරැලි නූල් පොටවල් හයම බොබිනයට දමා රෙද්දේ කනපිට පැත්තෙන් කොළ අත්තේ නාරටිය මසන්න. එසේ නාරටිය මසාගත් පසු කපාගත් කොළ එහි දෙපසට තබා කොළයේ මැද රේඛාව මැෂිමෙන් මසාගන්න.දැන් එම කොටසට පැඩිං සහ ලයිනිං තබා මසා සිපරය අල්ලාගත් පිටුපස පළුව ද තබා මසාගන්න.

2019/09/11 තරුණි බලන්න

 
 
 
උපදෙස් 
අත්කම්  නිර්මාණ  ශිල්පිනී
චාන්දනී මලල්ගොඩ