ක්‍රේප් කඩදාසියෙන් මැවෙන වද මලක අරුමය

මැයි 20, 2020

රෝස, කහ, රතු, දම්, සුදු ආදී නේක වර්ණයන්ගෙන් පිපී හිනැහෙන වද මල් සැබැවින්ම සුන්දරය. ගෙවත් සොඳුරු කරන වද මල් නිවෙස ඇතුළත හැඩ කරන්නට ඔබේම අතින් මෙලෙස සකසා ගන්න.

නිවෙස හැඩකරන්නට, උත්සව අවස්ථා අලංකාරයට මෙවැනි මල් මඟින් කළ හැකි දේ බොහෝයි. මෙය දූදරුවන්ටත් දෑත හුරුකර ගන්න හොඳම කලාවකි.

අවශ්‍ය ද්‍රව්‍ය

රෝස, තද රෝස, සුදු, රතු හා

කොළ කේ‍්‍‍්‍රප් කඩදාසි

කතුර

හොට් ග්ලූ ගන් (ඩධබ ඨතභඥ

ඨභද)

ස්පොන්ජ්

පින්සල්

වයර් කටර් එක (කම්බි

කැපීමට)

වෙළෙඳපොළෙන් ගන්නා

මල් රේණූු

ගෙජ් 24 කොළ පාට හා සුදු පාට කම්බි

කොළ පාට ෆ්ලෝරල් ටේප්

කුඩා පබළු 5 ක්

නිර්මාණය කිරීම

මෙම මල් මෙහි දැක්වෙන වර්ණවලින් මෙන්ම ඔබ කැමැති වෙනත් වර්ණවලින් ද සකසාගත හැකියි. අප විසින් මල් සහ කොළ සඳහා අවශ්‍ය වන පතරොම් ලබා දී තිබේ. ඒවා අවශ්‍ය ලෙස විශාලකර පතරොම් සකසා ගන්න. අංක 1 රූපයේ දැක්වෙන්නේ අවශ්‍ය ද්‍රව්‍යයි. සකසා ගත් මල් පෙති පතරොමෙන් එක් මලක් සඳහා කොටස් 10 ක්, කොළයක් සඳහා කොටස් 2 ක්, මල් මැද සඳහා පටි කොටස් පතරොම්වලින් එක් කොටස බැගින් කොටස් 2 ක්, කම්බි කවර් කිරීමට රෝස පාට පටියක්, කොළ පැහැයෙන් මනි පත‍‍්‍ර කොටස් 5 ක්, රතු පැහැයෙන් රවුම් කොටස් 5 ක් කපාගන්න.

එලෙස කපාගත් මල් පෙති, කොළ කොටස් හා මල් රේණු අංක 2 රූපයෙන් දැක්වේ. දැන් සුදු පාටින් අඟල් 6 ක් දිගට කම්බි කොටස් පහක් කපා ඒවායේ මුදුනේ පබළු පහ හොට් ග්ලූ ගන් යොදා අලවාගන්න. අංක 3 රූපය බලන්න. රතු පාට රවුම් ගෙන එම පබළු කවර්වන සේ අලවා ගන්න. කම්බි කොටස් මත රෝස වර්ණය අවශ්‍ය නම් ගල්වන්න. අංක 4 රූපය බලන්න.

 

2020/05/20 තරුණි පුවත්පත බලන්න