පිපී හිනැහෙන මල් වසන්තය

මැයි 27, 2020

ඕවලාකාර ලෙස රටාවකට ගෙත්තම් කළ මල් පොකුරකි. රෝස මල් සහිත මෙය කුෂන් කවරයකට, පුටු කවරයකට මෙන්ම ටීපෝ කවරයකටත් ගැළපේවි. පාට පාට මල් පිරුණු මේ ලස්සන මල් පහසුවෙන් නිර්මාණය කරගන්නත් හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

රෝස, කොළ වර්ණවල අඟල පළල රිබන්

තද රෝස, කොළ ආදී පාටවලින් රෙදි

පින්තාරු තීන්ත

සුදු, නිල්, රෝස, කොළ වර්ණවල බේබි රිබන්

කොළ, සුදු, කහ වර්ණවල කැරැලි නූල්

රාමුව

ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

පළමුව මෙහි දළ සටහනක් සකසා ගන්න. එය රෙදි කොටසට පිටපත් කරගන්න. පින්තාරු තීන්ත ගෙන පසුබිම යන්තමින් වර්ණ ගන්වන්න. රෙදි කොටස මඳ පවනේ වියැළුණු පසු රාමුවට දමා තදකර මැසීම අරඹන්න.

අපි පළමුව ලොකු රෝස මල් මසන ආකාරය බලමු. එම මල් මැද කොටස ෆෝල්ඩඩ් රෝස මල් සකසක ආකාරයට සකසා ගන්න. ඒ සඳහා අඟල් 15 - 17 ක් දිගට රිබන් කොටසක් කපා පොල් කොළෙන් නයා ගොතන ආකාරයට ගොතා ඇද ගන්න. ඒවා අවශ්‍ය තැන්වලින් තබා මසාගන්න. එම මල්වල සෙසු පෙති කෙළින් මැස්මෙන් බුරුලට තරමක ලූප් ආකාරයක් දැක්වෙන ලෙස මසාගන්න. මල් පොහොට්ටු රිබන් මැස්මෙන් මසාගන්න. මනිපත්‍ර මිලිමීටර් 2 පළල කොළ පාට රිබන් යොදා කෙළින් මැස්මෙන් මසාගන්න. මල් පොහොට්ටු ඉදිරියෙන් කොළ පාට කැරැලි නූලෙන් කෙළින් මැහුම් දමාගන්න.

 

 

උපදෙස් - ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.