ඉවතලන ද්‍රව්‍ය වලින් පෑන් පැන්සල් රඳවනයක්

මැයි 27, 2020

ආදරණීය දුවේ පුතේ, මේ ලස්සන නිර්මාණය හරි අපූරු පැන්සල් පෑන් රඳවනයකි. මේ දිනවල නිදහසේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මේ නිර්මාණය පහසුවෙන්ම කරගන්න පුළුවන්. ගෙදර හැමතැනම දාලතියෙන පෑන් පැන්සල් ටික එක තැනක තියාගන්න මේක ගොඩක් වටීවි. දුවලා පුතාලට විතරක් නෙමේ වැඩිහිටි ඔබටත් තමන්ගෙ පෑන් ටික එකතැනක තියාගන්න මේ හරහා පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉවතලන සිඩි එකක්

තැඹිලි, නිල් හා කොළ වර්ණ පේපර් කෝඩ්ස්

මෙයට අදාළ වර්ණවල බාග පබළු

උස අඟල් 4 හා පළල අඟල් 5 1/4 කාඩ්බෝඩ්

කොටස් 2ක් හා උස

අඟල් 5ක් හා පළල 5 1/4 කාඩ්බෝඩ්

කොටස් 1ක්

හොඳින් ඇලවෙන ගම් වර්ණයක්

ඩයිකටස් ටිකක් හෝ කුවිලිං මල් 3ක්

 

නිර්මාණය කිරීම

පළමුව සීඩී එක ගෙන එහි එක පැත්තක මැදින් පටන්ගෙන තැඹිලි වර්ණ පේපර් කෝඩ් රවුමට රවුමට ගම් ආලේප කරමින් පින්තූරයේ පෙනෙන පරිදි අලවා ගන්න. දැන් නැවතත් නිල් වර්ණ පේපර් කෝඩ් එක ගෙන ඉතිරි කොටස වටේට අලවා මුළු සීඩී එකම වැසෙන පරිදි කෝඩ් අලවා ගන්න. පසුව එහි අයින වටේට නිල් භාග පබළු පෙනෙන ආකාරයට අලවා ගන්න. මෙම රඳවනය සඳහා රෙදි ඔතන ලද බට (රෙදි පීස්) භාවිත කළ හැකියි. ඉවතලන ටින් හා ප්ලාස්ටික් බෝතල් ද මේ සඳහා භාවිත කළ හැකියි. දැන් දී ඇති උස හා පළල බෝඩ් කොටස් තුන ගෙන රවුම්කර විෂ්කම්භය අඟල් 1 1/4ක් වන පරිදි රවුම් කර අලවා ගන්න. පසුව අලවාගත් අඟල් 4ක් උස කොටස් දෙක ගෙන එහි වටේට ගම් ආලේප කරමින් තැඹිලි හා කොළ වර්ණ පේපර් කෝඩ් අඟල් 2ක් බැගින් සිටින සේ අලවාගන්න. 

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චුලනී ජයසිංහ

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.