බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩ වූ කුෂන් කවරයක්

ජුනි 3, 2020

මේ ලස්සන කුෂන් කවරය බ්‍රසීලියන් සහ රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩ වූවකි. මෙයට ජීවයක් ලබාදී තිබෙන්නේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන භූෂනා දියණිය විසිනුයි.

ඉතින් ගෘහණියක් වන ඔබටත් මේ ලැබී තියෙන කාලය ප්‍රයෝජනයට ගෙන මෙවැනි නිර්මාණයක් කරගන්න පුළුවන්. කුෂන් කවරයකට, ඇඳ ඇතිරිල්ලකට, මේස රෙද්දකට වගේම බිත්ති සැරසිල්ලකටත් මෙවැනි නිර්මාණයක් සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

පැඩිං

ලයිනිං රෙදි

ෂේඩඩ් කැරැලි නූල්

රෙදි පින්තාරු තීන්ත

අඟල් 1/8 පළල රිබන්

ටැපැස්ට්‍රි ඉඳීකටුවක්

බේබි රිබන්

ඩ්‍රෙස් මේකිං කාබන් කොළ

සිපරයක්

නිර්මාණය කිරීම

පළමුව අඟල් 18×18 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපාගන්න. ඉන්පසු එහි එක් කොටසක් ගෙන ඒ මත දී ඇති රූප සටහන ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ඩ්‍රෙස් මේකිං කාබන් කොළය ආධාරයෙන් රෙද්ද මත පිටපත් කරගන්න. දැන් මැසීම ආරම්භ කරමු. එහිදී පළමුවෙන්ම මල් බඳුන මසා ගනිමු. ඒ සඳහා ෂේඩඩ් දුඹුරු පැහැ කැරැලි නූල් පොට තුනක් ඉඳීකටුවට දමා හෙරින්බෝන් මැස්ම මසාගන්න. එය මසාගන්නා ආකාරය 2 රූපසටහන මඟින් පෙන්වා දී ඇත. මල් බඳුනේ දාර වටා ආපසු මැස්මෙන් මසා ඇත. ඉන්පසු නිර්මාණයේ දකුණුපස ඇති ස්පයිඩර් වෙබ් රෝස මල් මසා ගත යුතුය.

 

නිර්මාණය - භුෂනා

උපදෙස් - ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී

වෙරෝනිකා කුමාරි

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.