කුරුලු ලොවේ ආඩම්බරකාරයා

ජුනි 10, 2020

මොනරා, කුරුලු ලෝකයේ ආඩම්බරකාරයා ය. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන්නේත් මොනරාය.

කට හඬ අමිහිරි වුවද රූපයෙන් අගතැන්පත් නිසාම විවිධ නිර්මාණ හැඩකරන්නත් මොනරා යොදා ගැනෙයි. මේ තරමටම ලස්සන මොනරා විසිත්ත කාමරය හැඩ කරගන්න පේපර් කුවිලිං කලාවෙන් ජීවය ලබා ඇති ආකාරයයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා නිල්, තද නිල්, ළා කොළ, තද කොළ, කහ, දුඹුරු, තැඹිලි වර්ණ ඒ4 කඩදාසි

කුවිලිං ටූල් එක

ගම්, කතුරක්

පසුබිම සඳහා බෝඩ් කොටස්

 

නිර්මාණය කිරීම

පළමුව මොනරපිල් නිර්මාණය කරගනිමු. ඒ සඳහා රූප සටහනේ දී ඇති පරිදි ප්‍රමාණ දෙකකින් යුත් පතරොම් දෙකක් අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ඇඳ කපාගන්න. එහි ලොකු පතරොම තබා කොළ වර්ණයෙන් කොටස් 30-35ක් අතර ප්‍රමාණයක් කපාගන්න. කුඩා පතරොමෙන් නිල් වර්ණයෙන් එම ප්‍රමාණයටම කොටස් කපාගන්න. දැන් තද කොළ කොටසකුත් තද නිල් කොටසකුත් දෙකට නමා සිහින් තීරු කපාගන්න.

 

උපදෙස් අත්කම් නිර්මාණ ශිල්පිනී

ගයනි සමරසේකර

 

ඡායා -  උපාලි ජයරත්න

2020/06/08 තරුණි බලන්න.