ආදරණීය උපන්දින සැමරුමකට

ජුනි 17, 2020

ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තියගේ උපන් දිනය වෙනුවෙන් ඔබේ ම අතින්ම නිර්මාණය කළ හැකි අපූරු සමරු තිළිණ දෙකකි.බලන්න, අඩු මුදලකින් වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයට මෙවැනි නිර්මාණයක් ඔබටත් කරන්න පුළුවන් නේද කියලා.

උපන්දින සාදය හැඩකරන්නත් මේ නිර්මාණ භාවිත කළ හැකියි.

 

ඒෆෝ කොළයෙන් හැඩකළ වයින් වීදුරුවක්

අවශ්‍ය ද්‍රව්‍ය

වයින් වීදුරුවක්

රතු වර්ණ ඒෆො (ඒ4) කොළ

සුදු පබළු

ගම්, කුවිලිං ටූල් එක

අඟල් ½ පළල රතු හා සුදු රිබන්

නිර්මාණය කිරීම

මෙහිදී පළමුව රෝස මල් සාදාගන්න. ඒ සඳහා රතු ඒෆෝ කොළයකින් විශ්කම්භය අඟල් 1½ක් ප්‍රමාණයට රවුම් කපාගන්න.දැන් කපාගත් රවුම් කොයිල් එකක් ආකාරයට වටේට කපාගන්න. පසුව එය කුවිලිං ටූල් එක ආදාරයෙන් රෝල්කර ටූල් එකෙක් ඉවත්කර අලවා ගන්න.

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.