බිත්ති සැරසිල්ලට කාදිනල් කුරුල්ලෙක්

ජුනි 24, 2020

 

රතු පැහැයෙන් දිදුළන කාදිනල් කුරුල්ලෙකි. ගසක අත්තක් මත වසා හිඳින මේ කුරුලු යාළුවා රතු පැහැති රිබන් භාවිතයෙන් ඔබටත් මසාගත හැකියි. එය බිත්ති සැරසල්ලක් සඳහා අපූර්ව තෝරාගැනීමකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

රතු, මෙරූන් වර්ණවල අඟල් භාගය පළල රිබන්, බේබි රිබන් සහ මිලිමීටර් දෙක පළල රිබන්

කොළ වර්ණයන් කිහිපයක අඟල් භාගය පළල රිබන්, බේබි රිබන් සහ මිලිමීටර් 2 පළල රිබන්

කහ, රතු හා කොළ වර්ණ කැරැලි නූල්

දුඹුරු වර්ණ බේබි රිබන් සහ මිලිමීටර් 2 පළල රිබන්

රාමුව, ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු, කතුර

රෙදි පින්තාරු තීන්ත හා පින්සල්

 

නිර්මාණය කිරීම

 

පළමුව මෙම නිර්මාණයේ දළ සටහනක් ලිනන් රෙදි කොටස මතට පිටපත් කරගන්න. එම පසුබිම, රෙදි පින්තාරු තීන්ත භාවිතකර වර්ණ ගන්වා ගන්න. එය වියැළුණු පසුව රාමුවට දමා තදකර මැසීම අරඹන්න.

 

උපදෙස්

ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.