තිළිණයට හදවතක්

පෙබරවාරි 10, 2021

තම ආදරණීයයන් වෙනුවෙන් අනගි තිළිණ ලබා දෙන්නයි ඔබේ පැතුම. ඒ වෙනුවෙන් ලබාදිය හැකි අපූරු තිළිණයක් ඔබේම අතින් නිර්මාණය කරගන්නා ආකාරයයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ට්ඉර් 220 රතු පැහැති බෝඩ්

රතු හා කළු ඒ4 කොළ

රතු හා සුදු ෆෝම් ෂීට්

රතු රිබන්, රේන්ද, සුදු භාග පබළු

කතුරක්, ගම්, පැන්සලක්, අඩිරූලක්

ඩයි කට්ස් එකක්

 

නිර්මාණය

කිරීම

පළමුව පහත පෙන්වා දී ඇති පරිදි බෝඩ් කොටස් දෙකක් කපා එහි හාට් හැඩය ඇඳ කපා පතරොම් සකස් කරගන්න.

පසුව බෝඩ් එකෙහි පතරොම් තබා ඇඳ ලොකු හා කුඩා හාට් හැඩ දෙක ද කපාගන්න.

පෙට්ටිවල උඩ පියන් සඳහා හාට් හැඩ කැපීමේදී අඟල් 1/8 ක වාසියක් වට ප්‍රමාණයන් තබා කපා ගන්න. පියන් වැසීම සඳහා අඩියට වඩා ටිකක් ලොකු වාසියක් අවශ්‍ය වේ.

පහත දී ඇති දිග පළල අනුව බෝඩ් පටි කපා ගන්න.

අලවා ගැනීමේ පහසුව සඳහා අඟල් ½ ක කොටසක කට් මාර්ක් දමා ගන්න.

පසුව පෙට්ටියේ අඩිය කොටස ගෙන කට්මාක්ස් දැමූ කොටස්වල හොඳින් ගම් ආලේපකර හාට් හැඩය වටේට අලවාගන්න.

මේ ආකාරයට ලොකු හා පොඩි පෙට්ටි දෙකේම අඩිය කොටස් සකසා ගන්න.

උඩ පියන් දෙකට ද අදාළ බෝඩ් පටි ගෙන පටි අලවා පියන් ද සකසා ගන්න.

පසුව යට අඩි කොටස් දෙකට හා උඩ පියන් දෙකට කට් මාර්ක් දැමූ කොටස් වැසෙන සේ ඒ4 කොළවලින් හදවත් හැඩ කපා අලවාගන්න. පියන් දෙකේ හා යට කොටස් දෙකේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට රතු රිබන්, රේන්ද අලවා ගන්න. පසුව ලොකු පෙට්ටිය උඩට පොඩි පෙට්ටියේ හාට් හැඩය වෙන්වෙන තැන සිට එක කොටසක ගම් ආලේපකර අලවා ගන්න.

දැන් පෙනෙන පරිදි හාට් හැඩ වටේට සුදු පබළු අලවා අලංකාර කරගන්න.

යටින් ඇති ලොකු පෙට්ටිය උඩට සුබ පැතුම ද අලවා රෝස මල් තුනක් ද අලවා ගන්න.

කුඩා පෙට්ටිය උඩට අවුට් ලයින් එකක් සිටින ආකාරයට කළු ඒ4 කොළවලින් නෙට් හැඩයක් කපා අලවා එය උඩට ඩයිකට් එක අලවා ගන්න.

දැන් තමන් කැමැති පරිදි පෙට්ටි ඇතුළට අවශ්‍ය දේවල් එකතුකර ගන්න. විශේෂයෙන් රතු රෝසමල් එකතුකර ගන්න.

රෝස මල

 

රෝස මල සෑදීම සඳහා පහත දී ඇති හැඩයන්ගෙන් පතරොම් සකස් කරගන්න.

පසුව පතරොම් ෆෝම් ෂීට්වල තබා ඇඳ කපාගන්න.

එක මලක් සඳහා ලොකු පෙති දෙකක් හා පොඩි පෙති දෙකක් අවශ්‍ය වේ.

පළමුව පොඩි පෙත්තක් ගෙන එහි එක කොටසක මැද ගම් ආලේපකර දෙකට නමා අලවා ගන්න.

ඒ ආකාරයට අනෙක් පෙති කොටස ද ගම් ආලේපකර අලවා ගන්න.

පසුව අනෙක් පොඩි පෙත්තගෙන එහි මැද ගම් ආලේපකර කලින් සාදාගත් කොටස මැදට තබා අලවා ගන්න.

මේ ආකාරයට අනෙක් ලොකු පෙති දෙක ද තබා අලවාගන්න.

මෙලෙස රතු රෝස මල් වැඩිපුර සාදාගන්න.

අනෙක් පස ඇති හාට් කොටසෙහි ඔබට අවශ්‍ය සුබපැතුමත් ලියා ගත හැකියි.

එය නිර්මාණය කරගැනීම සඳහා හාට් කොටස් දෙකක් කපා ගන්න.

පසුව ඒ4 බෝඩ් එකෙන් තවත් තීරුවක් කපා එය ඡායාරූපයේ දැක්වෙන ආකාරයට නමා හාට් කොටස් දෙක මැදින් අලවා පොතක් ආකාරයට සකස් කරගන්න.

කොටුවල මැදින් සුබපැතුම ලියන්න. නැතහොත් එම කොටු මත ඡායාරූප අලවන්න.

 

උපදෙස් මහරගම ප්‍රා. ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ