පවුල ඇතුළෙ දේශපාලනය කරන්නේ නැති නිසා,

ජූලි 15, 2020

ගෙදර ඉන්න වෙලාවට එයා බොහොම සාමාන්‍ය පුද්ගලයෙක් 

ජීවිතය සුන්දර වීමට නම් ආදරයක මිහිරියාව අවශ්‍ය ය.

'සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටී' යැයි පවසන්නේ මේ නිසයි. ආදරයෙන් පරිපූර්ණ වූ ජීවිතයක්, සාර්ථකත්වය කරා ගමන් කිරීම නිතැතින් ම සිදු වන්නකි.

ආදරණීය හෝරාවක් ගත කිරීමට අපි මෙවර තෝරා ගත්තේ ජීවිතයට ආදරයෙන් ජවයක් ලබා ගත් ආදරණීය යුවළකි.

ඔහු ලංකාවේ ජනපි‍්‍රය දේශපාලනඥයෙකි. රෙජී රණතුංග නම් දැවැන්ත චරිතයේ පිය උරුමයෙන් දේශපාලනයට පිවිසි ඔහු මේ වන විට හිතට එකඟව ක්‍රියා කරන පුද්ගලයකු වශයෙන් බොහෝ දෙනා හඳුනාගෙන සිටින්නෙකි. ප්‍රසන්න රණතුංග දේශපාලනයෙන් එහා ගිය ආදරණීය පවුලක හිමිකරුවෙකි. මෙවර ආදරණීය හෝරාවක් ගත කිරීමට අපි ප්‍රසන්න රණතුංගයන්ගේ නිවහනට පැමිණියෙමු.

අපිව ආදරයෙන් පිළිගත්තේ ප්‍රසන්න රණතුංගයන්ගේ ආදරණීය බිරිය යි. 'මේ දවස්වල ප්‍රසන්න ගොඩක් කාර්යබහුලයි...' ඇය සිනා පිරි මුවින් අප හා පැවසුවා ය.

එබැවින් අප වැඩියෙන් කතා බහ කළේ ඇය සමඟිනි.

 



ඡායා - ශාන් රූපස්සර

2020/07/15 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.