සාගර සම්පත ප්‍රයෝජනයට ගන්නට නම් එය විනාශ නොකර රැක ගත යුතුයි

සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ද වොස්
නොවැම්බර් 11, 2020

කවරයේ කතාව...

පසුගියදා පානදුර වෙරළට නියමු තල්මසුන් සියයකට අධික පිරිසකගේ රෑනක් ගොඩ ගසා තිබුණු පුවත අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම සතුන්ට ආදරය කරන්නන්ගේ සිත් කම්පාවට පත්කළ පුවතක් බවට පත්වුණා.

එයින් 120ක පමණ පිරිසක් යළි නිරුපද්‍රිතව බේරා ගැඹුරු මුහුදට යැවීමට කටයුතු කර තිබුණා. කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබුණු ඇඳිරි නීතිය පවා නොතකමින් වෙරළ අවට ජනතාව, නාවික හමුදා විරුවන් මේ කාර්යයට එක්වී සිටි අතර එම කාර්යයට නායකත්වය දුන්නේ කාන්තාවක්. ඇය සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා දි වෝස් මෙනෙවියයි. ඇය සාගර ක්ෂීරපායී ජීවීන් පිළිබඳව පශ්චාද් උපාධියක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සිය දැනුම ජනතාවට ලබා දෙමින් මේ සතුන්ගේ ජීවිත බේරා ගන්නට මුල්වූ අතර එසේ නොවුණා නම් විශාල පිරිසකගේ දිවි අහිමි වීමට පවා ඉඩ තිබුණා.

මෙවැනි අවස්ථාවක සාගර විද්‍යාඥවරියක ලෙස ඔබ කළ කාර්ය භාරය ගැන සඳහන් කරමු

සාගර ජීව විද්‍යාවරියක විදිහටත් මුහුදු ක්ෂීරපායී සත්ත්වයන් ගැන අධ්‍යයනය කළ කෙනෙක් විදිහටත් මට අවබෝධය සහ අත්දැකීම් තිබෙනවා මෙවැනි අවස්ථා හසුරුවා ගන්න. මම මේ සිදුවීම දුටුවේ ප්‍රවෘත්ති නාළිකාවකින්. දුටු සැණින් මම ක්‍රියාත්මක වුණා. නමුත් ඇඳිරි නීතිය තිබුණු නිසා එතැනට ළඟාවීමට යම් ප්‍රමාදයක් වුණත් ඒ අවස්ථාවේ මගෙන් සිදුවුණු වටිනාම කාර්යය තමයි නාවික හමුදාවේ සහ ස්වචේඡා සේවයකයන් ඇතුළු සතුන් ගලවාගන්නට පැමිණි සියලුම දෙනාගේම මහන්සිය අපතේ නොයන ලෙස නිවැරැදිව එම තල්මසුන් නිදහස් කර යැවිමට දැනුම ලබා දීම. එයට විශේෂම හේතුව තල්මසුන් කියන්නේ මාළු නොව ක්ෂීරපායි සත්ත්වයන් කොටසක් වීම. ඔවුන් හුස්ම ගන්නේ අපි වගේම පෙනහලු වලින්. මේ සඳහා උපකාරීවන තල්මසාගේ නාස්පුඩු විවරය වැලි වලින් හෝ ජලයෙන් වැසී නොයන සේ උන්ව බේරා ගැනීමේ කටයුතු කළ යුතුයි. ඊට අමතරව මෙවැනි සිදුවීමක් ඇතිවීමට හේතුව පැහැදිලි කරදෙමින් ඔවුන් මුදා හරින ලද තල්මසුන් නැවත ගොඩබිමට ගසාගෙන නොඑන්නට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

මෙවැනි වටිනා මසුන් ජීවත් වන අප අවට ඇති සාගරයේ වටිනාකම පැහැදිලි කළොත්

මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්. එයට මේ වගේ කුඩා ඉඩක නිවැරැදි පිළිතුරක් දෙන්නට අපහසුයි. සාගරයේ සිටින ජීවීන් සහ සාගරයේ ඇති සියලුම දේ ආරක්ෂා කිරීම ඉතා වැදගත්. ඒ සෑම ජීවියෙක්ම වගේම අනෙකුත් සෑම දෙයක්ම සාගරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍යයි. මිනිසා වන අපිත් සාගරයේ ක්‍රියාකාරිත්වය මත දැඩි ලෙස යැපෙන අතර එයට හොඳම උදාහරණය වන්නේ අපට ජීවත් විමට අවශ්‍ය ඔක්සිජන් වලින් සියයට හැත්තෑවක්ම නිපදවන්නේ සාගරයයි. මෙය අපි සියලු දෙනාම විශේෂයෙන් සිහියේ තබාගත යුතු දෙයක්. ඉතින් සාගරය රැක ගන්නවා කියන්නේ අපි අපේ ජීවිත පැවැත්ම සලසා ගන්නවා කියන එකයි.

සාගරය විශාල ධන නිධානයක් කියා හැඳින්වුවහොත්

අප මූලිකත්වය දෙන්න ඕන සාගරයේ ඇති සම්පත් ලබා ගන්නවාට වඩා එම සම්පත් ආරක්ෂා කර ගන්නයි. අප මෙය සංරක්ෂණය කර ගත්තේ නැතිනම් එය අපට දීර්ඝකාලීනව අයහපත් ලෙස බලපාන අතර එහි විපාක විඳීන්නට වෙන්නේ අනාගත පරපුරටයි.

අපට එහි සම්පත් ප්‍රයෝජනයට ගන්නට අවශ්‍ය නම් අප එය විනාශ නොකර රැක ගන්නට වගබලා ගත යුතුයි.

ඔබ කවුද?

මම අන්තර්ජාතික පිළිගැනීමටකට ලක්වුණු සාගර විද්‍යාඥවරියක්. උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳව ප්‍රධාන ලෙසම පරීක්ෂණ කරන්නිය. කොළඹ කාන්තා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ මම පළමු උපාධිය ලබා ගන්නේ ස්කොට්ලන්තයේ

 

ඡායා -  ශාන් රූපස්සර

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.