අපේ රටේ නිවුන්නු

ගිනස් පොතට ගෙන යන්න අප සූදානම්
අගෝස්තු 28, 2019

එක ඉත්තක සුපිපි මල් දෙකක හැඩ කෙතරම්දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එතරම්ම හැඩකාරයි. ප්‍රියයි. සොබා දහමේ මේ අපූරු ආශ්චර්යය මවුකුසින් මෙලොවට ජනිත වූ නිවුන් සොයුරු, සොහොයුරියන්ටත් සමයි.

ඔවුන්ගේ රුව ගුණ මෙන්ම කතාබහ, හැඟීම් එක සමානයි. නිවුන් සංස්කෘතිය, තනිව උපත ලද ඔබට මට වඩා සැබැවින්ම වෙනස්වූවකි.

අපේ රටේ නාමය ලොවට පතුරවන්නට ‘ශ්‍රී ලංකා නිවුන් සංවිධානය’ පිහිටවූ අක්කා නගෝ දෙදෙනාත් සොඳුරුතම හැඩකාර, කටකාර නිවුන් කුලයෙහිය. තරුණී වෙතින් කලකට ඉහතදී ඔබ ඔවුන්ව හඳුනාගත්තා මතක ඇති.

උපුලි ගමගේ - චමලි ගමගේ සමඟ කලකට පසු කළ ළෙන්ගතු කතා බහකි මේ.

උපුලි, මුලින්ම ඔබ වගේම කෙනෙක් ඉන්නවා කියලා දැනුණාම මොකද හිතුණේ?

ඇත්තටම සතුටුයි. මම නම් හරිම කැමැතියි නිවුන්නු වෙලා ඉපදුණ එකට. නංගි චමලිත් මම වගේමයි. මගේ සුන්දරත්වය මා දකින්නේ ඇය තුළින්.

අපි දන්නා විදිහට නිවුන් සොහොයුරු සොහොයුරියන්ගෙ රුව එක සමානයි. ගති ගුණ මොනවගේද?

ඔව්. රුව සමානයි. ගතිගුණත් 99%ක්ම සමානයි. පුංචි කාලේ පටන් ම දෙන්නට දෙන්නා ආදරෙයි. එකම දේවල් එකම ලෙසින් ලැබෙන්නට ඕනෙ. අපි දෙන්නා අම්මා, තාත්තා, අයියලා දෙන්නගෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වුණේ සමානවමයි.

 

2019/08/28 තරුණි බලන්න