“ලෝකයේ ඉන්න ආදරණීය ම සැමියා ඔහුයි”

සැප්තැම්බර් 4, 2019

 

සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ බිරිය මල්කාන්ති

 

මෙරට ප්‍රතිභාපූර්ණ සංගීතවේදීන් අතළොස්ස අතරේ දැවැන්ත යුග පුරුෂයකු වූ ඔහු ලක්ෂ සංඛ්‍යාත සිසු කැලකගේ සෞන්දර්යය නැණ පවස නිවාලන ආදරණීය ගුරුවරයකි.

සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති ලෙසින් ශ්‍රී ලාංකේය සංගීත කලා කෙත අස්වද්දන්නට අප්‍රමාණ මෙහෙයක් ඉටු කරනා ඔහු සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරියන් ය.

ආදරයේ චමත්කාරය සේම හදවත දුකින් මුසපත් කරනා විරහව ගැන ද හෙතෙම රසාලිප්ත ගී ගැයීය. එබැවින් ප්‍රේමය සේම ප්‍රේමයේ විරහව ද අපූර්ව යැයි අපට සිතිණි. මේ නිසාම ඒ මෝහනීය හඬට පෙම් බැඳි තරුණියන් අපමණය.

නමුදු ඔහුගේ ලොවේ කිරුළ පලන්දන්නට සමත් වූයේ ඇයයි. එපමණකින් නොනැවතී

“සඳ කැලුම් ගලන පාර කොනේ

සීත දුරුත්තේ........

මුළු ලොවට හොරෙන් ඔබයි මමයි

රෝස කරත්තේ..........”

යැයි පවසමින් ඈ සිය ආදර කතාව ලොවට මිමිණුවාය.

ප්‍රවීණ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරි නම් වූ ඇය මෙලෙස ආසයි අහන්න ඔහු ගැන කියන්නට සිය හඬ අවදි කරන්නීය.

“ අපේ ජීවිතවලට වරින්වර කාර්යබහුල වකවානු වාගේම විවේකී කාලත් හමුවෙනවා. මොකද අපි දෙන්නම නිරතුරුවම සංගීත ප්‍රසංගවලට සහභාගීවන දෙදෙනෙක්. ඒත් රටේ පසුගිය කාලයේ පැවැති වාතාවරණයත් සමඟ ප්‍රසංග අඩුවුණා. නමුත් මහත්තයාගේ අලුත් වැඩක් සමඟ අපි හැමෝම මේ දිනවල කාර්යබහුලයි.

අපේ මහත්තයා ගායනා කළ බොහොමයක් ගීත අතරින් 100 ක් තෝරාගෙන ස්වර ප්‍රස්තාර ද ඇතුළත්ව පොතක් සූදානම් කළා. ‘රසානන්දය’ නම් වූ මේ පොත සම්පාදනය කළේ මහත්තයාගේ ගෝලයකු වූ අනුර වන්නිආරච්චි. අද (04) වැනිදා මේ පොත දොරට වඩිනවා පදනම් ආයතනයේ දී. ඉතින් එහි වැඩ කටයුතුවලට අපි හැමෝම මේ දිනවල වෙහෙස මහන්සි වෙනවා.

මේ කටයුත්තට වන්නිආරච්චි වාගේම අපේ හොඳ හිතවතකු වන ධම්මික උදය කුමාරත් විශාල සහයෝගයක් ලබාදෙනවා. ඒ වාගේම අපේ දුව අනුරාධා තමයි මේ වැඩේට සෑහෙන්න වෙහෙස මහන්සි වෙන්නේ. මොකද ඉස්සර වාගේ එහාට මෙහාට දුවපැන ඇවිදලා වැඩ කරන්න දැන් අපි දෙන්නටම ටිකක් අපහසුයි. ඉතින් අනුරාධා තමයි මේ සියලුම බර කරට අරගෙන කටයුතු කරන්නේ.”

ඔබේ ආදරණීය සැමියා මේ රටේ ජාතික සම්පතක්. විශේෂයෙන්ම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ කුලපති විදිහට ඔහු අතින් සුවිශාල කාර්යභාරයක් ඉටු කෙරෙනවා. ඒ ගැන ඔබතුමියට දැනෙන්නේ කොහොමද?

“ඇත්තටම මේ මහා යුග පුරුෂයා ... දැවැන්ත සංගීතවේදියා මගේ සැමියා වීම පිළිබඳ මගේ හිතේ පුදුමාකාර සතුටක් තියෙන්නේ. ඒ වගේම ලොකු ගෞරවයක්. මොකද ඔහුගේ මුළු ජීවිතයම කැපකරලා තියෙන්නේ සංගීතය වෙනුවෙන්.

විශේෂයෙන්ම එයා තමා සතු දැනුම සුවිශාල ශිෂ්‍ය පරපුරක් වෙත බෙදාහදාදෙන දක්ෂ ගුරුවරයෙක්. සංගීතයේ ශාස්ත්‍රීය පැත්ත වාගේම සරල ගීත ගායනයෙන් මේ රටේ ඉතා ජනපි‍්‍රය වූ පුද්ගලයෙක්. ඉතින් ඔහු පිළිබඳ මහා අභිමානයක් මා සිත තුළ තිබෙනවා.”

අපි පොඩ්ඩක් අතීතයට යමු. මේ ආදරණීය ස්වාමියා පෙම්වතකු ලෙසින් ඔබට මුණගැසුණු ඒ සොඳුරු කාලවකවානුවට

“මම අවුරුදු 10 දී තමයි කරු අයියාගේ ළමා මණ්ඩපයෙන් ගීත ගායනයට යොමු වුණේ. ගීත ගායනය පමණක් නොවෙයි මම ගුවන් විදුලි නාට්‍යවලත් රඟපෑවා. පසුව ළමා මණ්ඩපයෙන් සමුඅරන් ඒ ශ්‍රේණියේ සරල ගායිකාවක් ලෙසත් කටයුතු කළා.

ඉතින් ඔහොම ඉන්න අතරතුරේ ගුවන් විදුලියේ වෙසක් ගීත නාටකයකට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා ලැබුණා.

 

 

“කුහකකම, ඊර්ෂ්‍යාව ඔහු ළඟ ගෑවිලාවත් නෑ”

 

 

 

 

2019/09/04 තරුණි බලන්න